රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට කරගෙන. මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි. ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්න මිසක් මේ විදියට කුළල් කා ගන්න කියලා නෙවෙයි. -මහාචාර්ය ජි. එල්. පීරිස්
Posted on June 3rd, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය සාකච්ඡාව

අද (03) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්
■ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
කිසි දවසක නොදුටු විදියට රටේ හැම ක්ෂේත්‍රයක්ම මේ වෙද්දි කඩා වැටිලා තියෙන්නේ. ආණ්ඩුකාරවරු කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින්. ජනාධිපතිවරයාට තියෙන බලතල අදාල පළාත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාට. වද සැත්කම් සම්බන්ධයෙන් ගත හැකි එකම ක්‍රියාමාර්ගය වෙන්නේ අදාල වෛද්‍යවරයා නියම විදියට බදු ගෙවලා නැත්නම් වෛද්‍යවරයාගෙන් බදු ලබා ගැනීමයි කියලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා. අසාත් සාලි සාකච්ඡාවකට එනවා නම් මහජන නියෝජිතයින් එතැනින් පිට වෙලා යනවා. ප්‍රථම වතාවට ආණ්ඩුකාරවරයෙක් යන තැන්වලදී හූ හඩ ඇහෙනවා. ආන්ඩුකාරවරයාගේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිස්බුල්ලා ආන්ඩුකාරවරයා සම්බන්ධයෙන් තත්ත්වයත් මේකයි. හිස්බුල්ලා ආන්ඩුකාරවරයා හා ත්‍රස්තවාදින් සම්බන්ධයෙන් මේ වෙද්දි සී. ස’. ටී.වි මගින් බරපතල සාක්ෂියක් ලැබිලා තියෙනවා. දමිල ගුරුවරුන් මාරුකිරීම ජනාධිපතිවරයා වහාම අවලංගු කර තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් ජනාධීපතිවරයාටත් කිසිම විශ්වාසයක් නැහැ. එහෙමනම් ජනතාව කොහොමද ආන්ඩුකාරවරයාව විශ්වාස කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල 36ක් පළාත් සභාවට භාරකරලා තියෙනවා. මේ වෙද්දි පලාත් සභ අටක් අකර්මණ්‍යයි. ඒ පළාත් සභා අටේ සියලුම බලතල ආන්ඩුකාරවරයා සතුයි. අද වෙද්දි ආන්ඩුකාරවරුයි ජනතාවයි අතර අරගලයක් දකින්න ලැබෙනවා. පළාත් සභා කාර්යබාරයන් කඩා වැටෙන තැනකට ඇවිත්.
මේ වෙද්දි අතුරලියේ රතන හිමියන් මාරාන්තික උපවාසයක් අරඹලා තියෙන්නේ. දමිල සංධානයේ වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාත් ඊට සහාය පල කරලා. ආන්ඩුකාරවරුන් සම්බන්ධයෙන් තිරණයක් ගන්න ඕනේ ජනාධිපතිවරයායි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා කියන්නේ එතුමාගේ අනුගාමිකයින්ගෙන් අහලා තීරණයක් ගන්න බවයි. තව මොනවා වෙනකල්ද ඉන්නේ. මේ ගින්න දිගින් දිගටම පැතිරෙනකල්ද ඉන්නේ. මේ ක්ෂණිකව පියවර ගන්න ඕනේ අවස්ථාවක්. නිසි වේලාවට තිරණ අරන් ගින්න නිවන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැහැ කියන්නේ ආණ්ඩුවක් නැති තත්ත්වයක්.
දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් කරනවා තනතුරු බෙදා ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න ඕනෙලු. මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා විදියටත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරයත් හිමිවිය යුතුයිලු. රට ගිනි ගන්න අවස්ථාවක මෙයද ප්‍රමුඛතාවය දිය යුතුවෙන්නේ. රැවුල ගිනි ගන්න වෙලාවක සුරුට්ටු පත්තු කිරිම සුදුසු නැහැ. 19 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිධූරයට කිසි කෙංගෙඩියක් කර ගන්න බැහැ කියලත් එතුමා කියනවා. එහෙමනම් එවැනි තනතුරක් ඉල්ලන්නේ ඇයි?

රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට ගෙනත් තියෙන විශ්වාසභංගය ජුනි 18 වැනිදාට කල් දැම්මා. ඒ අතරේ සමහර දේශපාලනපක්ෂ කියනවා මේ සම්බන්ධයෙන් තිරණයක් ගන්නේ අවසාන මොහොතෙලු. ඇයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්වැට උඩ ඉන්නේ. යුද හමුදාපතිවරයාට තුන්වතාවක් අමතලා තමන්ගේ හිතවතුන් ගැන විමසීම අනුමත කරනවාද? එය අනුමත නොකරනවා නම් ඒ විශ්වාසභංගයට සහාය දෙන්න බැරි ඇයි.
කතානායකගේ හැසිරිමත් ඒ වගේමයි. එදා අපේ ආන්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ තියෙන්නේ මොනවාද කියලාවත් නොදැන ඒ මොහොතෙම විවාදයට ගන්නවා. එසේ කරපු කතානායකවරයා මෙම්වගේ ගින්නක් ඇවිලෙස අවස්ථාවක ඇයි මාසයක් මේ විශ්වාසභංග යෝජනාව කල් දානනේ.  ඒ වගේම පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පිටු 20ක ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න සහායක් නොලැබුණු බව හා මේ අන්තවාදින් සම්බන්ධයෙන් කරපු බුද්ධි අංශයේ ඉහළ විමර්ශන සියල්ලක් අත් හිටුවන්න කියපු බවකුත් එහි සදහන් වෙනවා. එතුමා බොරුවක් කිව්වොත් හිරේ යන්න වෙනවා. බුද්ධි අංශ හා නිතිය ක්‍රියාත්මක කිරිමේ අංශ අතර කිසිදු සම්බන්ධතාවයක් නැතිබවත් සදහන් කරනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට දුන් සාක්ෂි මගින් ඛේදවාචකයට දින 12ට පෙර මේ සම්බබ්ධයෙන් තොරතුරු රජයට ලැබී ඇති බව අනාවරණය වුනා. ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් තුළ රැස්වුනේ නැහැ. මේ අපේ රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට පත් කර ගැනීමක් වෙන්නේ. මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි. ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්නයි. නැතිව මේ විදියට කුළල් කා ගන්න කිව්වේ නැහැ. එක පාර්ශ්වයකට සුදු හුණූ ගාලා අනෙක් පාර්ශිවයට දෙහි කපන්න අවශ්‍ය නැහැ. මේ දෙපාර්ශ්වයම රටේ තත්වයට වග කියන්න වෙනවා. සරත් විජේසුරීය වැනි අය ජනතාව ඉදිරියේ පාපොච්ඡාරණය කරලා සමාව ඉල්ලන්නේ ඒ නිසයි.
ජනාධිපතිවරණය ගැන ජනාධීපතිවරයා ඉන්දියාවේදි ප්‍රකාශයක් කලා. ජනාධිපතිවරණය පවත්වන කාල සිමාවන් ව්‍යවස්ථාවෙන්ම දක්වා තිබෙනවා. ඒ බලය පැවරෙන්නේ මැතිවරණ කොමිෂමට. මැතිවරණය කල් දැමීමට සති දෙක තුනකට පෙර උත්සාහයක් දැරුවාත් අපි එය මේ වෙද්දි ව්‍යාර්ථ කරලා තියෙනවා.

රටේ ආරක්ෂාව මේ විදියට අඩපන වෙන්න මුලික හේතුව බුද්ධි අංශ කඩා වැටිමත් හේතු වුනා. විපක්ෂයෙන් පලි ගැනීමට පමණයි ආරක්ෂක අංශ භාවිතා කලේ. මහින්ද රාජපක්ෂ මහතාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් එරෙහිව නඩු පැවරීම් වුනා. ගෝඨා භිතීයක් ඇති කරමින් තිබෙනවා. මේ ව්‍යසනයේ මොකලරු වු සහරාන් ට විවෘත වරෙන්තුවක් නිකුත් කරලා තිබුණා. දවසක් දෙකක් හිරකරගෙන ප්‍රශ්න අහලා විමර්ශනයක් කළා නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විදේශවලින් මද්‍රසා වලට එන අයට විසා 130ක් දිලා. නේවාසික විසා 305ක් දිගු කරලා.1680ක් ලියාපදිංචි මද්‍රසා තියෙනවා. බෝම්බකරුවන් අතර දුරකතන පණිවිඩ 1800ක් අරන් තියෙනවා. පුහුණු කිරීමේ කඳවුරු 7ක් හා නිවාස 14ක් පවත්වා ගෙන ගියා. පහුගිය වසර 4 තුල යහපාලනයෙන් නෙලා ගත්ත අස්වැන්න තමයි මේ.

රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දි ශ්‍රීලනීප මහ ලේකම් තනතුරු බෙදා ගන්න කතා කරනවා.
සජිත් ප්‍රේමදාස රට නැගිටවන්න කලින් කැබිනෙට්ටුවෙන් නැගිටලා ඉන්න ඕනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා
රතන හිමියන්ගේ මාරාන්තික උපවාසයට දින තුනයි. ඒ සමගම තවත් ස්ථාන කිහිපයක එවැනි අපවාස ආරම්භ කර තිබෙනවා. ආන්ඩුකාරවරු සහ ඇමැතිවරයා වහාම ඉවත් කරන්න කියලා රජයට බල කිරීමයි මෙයින් කෙරෙන්නේ. පෞද්ගලික බස්රථ ධාවනයෙන්ඉවත් වෙන බවත් මේ වෙද්දි සදහන් කර තිබෙනවා. මේ සියලු සිදුවිම් වෙද්දි රජයක වගකිම මොකක්ද කියලා ජනතාව බලන් බන්නවා. ආණ්ඩුකාරවරු පත්කිරීමේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාටයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයායි අසාත් සාලි හා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාව ඒ තනතුරුවලට පත්කළේ. ජනාධිපති මේ අයව තනතුරුවලින් ඉවත් කරන තෙක් රට බලන් ඉන්නවා. එක පැත්තක්නි හිමිනමක් ජිවිත අවදානමක. රටම ඇවිස්සිලා. ජනාධිපතිතුමාට එක අත්සන් පහරින් මේ අයව අත්සන් කරන්න පුලුවන්කම තියෙද්දි ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? රිෂාඞ් බදියුදින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ අගමැති මණ්ඩලයේ. එතුමාට ඉවත් වෙන්න කියන වගකිම තියෙන්නේ අගමැතිට. නැත්නම් කතානායකට පුලුවන් හෙට පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ගේන්න පුලුවන්. මේවා රටේ නායකයින්ගේ වගකීම්. රටම අවුලන්නේ නැතිව ගිනි තියන්නේ නැතිව මිනිස්සුන්ව පාරට බස්සන්නේ නැතිව කරුණාකරලා තීන්දු තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ වෙද්දි ඌව පළාත් සභාව අරෙන්න සියලුම පළාත් සභා විසුරුවලා. බස්නාහිර පළාත් සභාව ගත්තාම මන්ත්‍රීවරු 144ක් හිටියා. මේ අයගේ බලතල ලැබෙන්නේ ආණ්ඩුකාරවරයාට. නැගෙනහිර පළාත් සබාවේ මන්ත්‍රීවරු 37ක්. මේක හිස්බුල්ලාට විරුද්ධව කරන අරගලයක් නෙවෙයි. ආන්ඩුකාරවරයාගේ බලය රටක ජනාධීපතිවරයාගේ බලයට සමානයි. පහුගිය දවස්වෙද්දි බස්නාහිර පළාතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදියට ආණ්ඩුකාරවරයා පත්කලාම හූ හඩ මැද්දේ සභාවෙන් එළීයට ආවා. හිස්බුල්ලා ආන්ඩුකාරවරයාවත් ඒ විදියට පත්කරනවා. බැරි වෙලාවත් 13 වැනි සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල දිලා තිබුණා නම් මොනද වෙන්නේ.මේ ආන්ඩුකාරවරු දෙන්න කොහොමට හැසිරෙයිද? බොහොම භයානක විදියට බලය අයුතු ලෙස පාවිච්චි කිරිමක් වෙන නිසා රට තවත් විනාශ නොකර මේ අයව තනතුරුවලන් ඉවත් කරන්න. නැත්නම් මේ ආන්ඩුවේ අයව ඇස්, කන් සම්බන්ධ වෛද්‍යවරුන්ට පෙන්වන්න වෙනවා.
කයිවාරු ගහලා අයි. එස්. අයි. එස් ත්‍රස්තයින් අයින් කරන්න බැහැ. ඒක ඔලුවෙන් කරන්න ඕනේ කියලා අගමැති කියලා තියෙනවා.එතුමා ඔලුවෙන් කරපු සේ මදිද? 29 වතාවක් පැරදිලා කුමන්ත්‍රණයකින් බලයට ආවා. මහ දවාගේ ටයිකොට් දාගෙන මහ බැංකුව කොල්ල කෑවා. ලංකාවට නොතිබුණ අයි.එස්. ත්‍රස්තවාදය අවිත මරණ බියෙන් සිටින රටක් වෙලා තියෙනවා. මේ දවස්වල උඩ බලාගෙන කතා නොකර ඉන්නවා. ඒකත් ඔලුවෙන් කරන්නේ. රට මේතරම් ප්‍රශ්නවල තියෙද්දි එතුමා නිහඩව ඉන්නේ ඔලුවෙන් කරන වැඩක් නිසයි. මුලු රටම හාන්සි කරවන්න ඒ ඔලුවෙන් කරපු වැඩ ටික ඇති. ඒ නිසා ඔලුව තමන්ගේ නෝනා බලා ගැනීමට විතරක් යෙදවලා රට වෙනුවෙන් මැතිවරණයකට යන්න. අපේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජි. එල් පිරිස් මහතා ඇතලු පිරිසක් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයත් එක්ක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ආන්ඩු විරෝදි බලවේගයකටයි මේසාකච්ඡා පැවැත්වෙන්නේ. අපියි ආසන්නතම මැතිවරණයක් ජය ගත්ත පක්ෂය. ඒ පක්ෂය එක්ක නිල විදියට සාකච්ඡාවක් කරන කොට සාකච්ඡා මේසයේ කල යුතු කාරනා වෙන වෙන තැන්වල කතා කරන්නේ ඇයි.දැන් තනතුරු බෙදා ගැනීමකට ගිහින්. තනතුරු බෙදා ගැනීමේදි එතුමා දක්ෂ බව අපිට අත් දැකීම් තියෙනවා. තනතුරක් වෙනුවෙන් ඕනම තැනකට යන්න හැකියාව එතුමාට තියෙනවා. රට අස්ථාවර වෙලා තියෙන වෙලාවක මෙවැනි දේවල් සුදුසු නැති බවයි අපි හිතන්නේ. අපි රට ස්ථාවර කිරීමට ආන්ඩු විරෝධී පුලුල් පෙරමුණක් සකස් කිරීමට ඕනම පාර්ශ්වයක් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. ඒ සාකච්ඡා වෙනත් වෙනත් අරමුණූ වලට යොදා ගැනීම නම් සුදුසු නැහැ.

ශ්‍රී ලනීප ජාතික සංවිධායක අතුරලියේ රතන හිමියන් අපවාස කරන තැනට ගියා. ජනතාවගේ හූ හඩ මැද්දේ තමයි එතුමාටත් යන්න සිද්ධ වුනේ. ජනතාවට අප්‍රිය වුනු දේශපාලන නායකයෝ බවට ඔවුන් පත්වෙලා තියෙන්නේ. මේඅවස්ථාවේදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කියලා තියෙනවා විදේශ හමුදාවන්ට රට පාවා දෙන ගිවිසුම් වලට එරෙහිව රටම නැගිටින්න ඕනෙලු.  මේ කියන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා. අපි යෝජනා කරනවා එතුමාට මුලු රටම නැගිටින්න කලින් කැබිනට් එකේ පුටුවෙන් නැගිටින්න කියලා. ඔය කැබිනට් එකේදි නේ ගහන ගිවිසුමක් ගහන්නේ.එකපාරටම හීනෙන් නැගිටලා වගේ කතා කරන්න එපා. හීනෙන් නැගිටිනවා ආයෙත් නිදිය ගන්නවා. පළමුවෙන් නැගිටලා ඔය පක්ෂයෙන් එළීයට ඇවිත් ඉන්න. බලාපොරොත්තු තියාගෙන දේශපාලන වාසියට කතා කරන්න එපා.එජාපයට කතිරය ගහපු අයට නැගිටින්න කාලය ඇවිත්. ඒ අය පැරට බැහැලා ආණ්ඩුවට ඉවත් වෙන්න කියන පණීවිඩය දෙන්න.

21 ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගැන ජනතාව ඉන්නේ අසතුටෙන්. ආන්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා
රතන හිමියන් අඛණ්ඩ උපවාසයක් ගෙනයන තත්ත්වයකට රට පත්වුනේ ඇයි? අප්‍රියෙල් 21 ප්‍රහාරයෙන් පස්සේ ආන්ඩව ගත්ත ක්‍රියාමාර්ග ගැන ජනතාව ඉන්නේ අසතුටෙන්. සිද්ධියෙන් විපතට පත්වුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වුනේ නැහැ. හදිසි නිතිය දීර්ඝ කරන විවාදයේදී ඊට පෙර මාසයේ අත්අඩංගුවට ගැනීම් නිදහස් කිරීම් රදවා ගැනීම් සම්බන්ධයෙන් සංශිප්ත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුව තිබුණා. මේ සැරේ එවැන්නක් ඉදිරිපත් කලේ නැහැ. එජාපයේ දේශපාලනඥයෝ තමයි පාර්ලිමේන්තුවේ 225ම මේකට වගකිව යුතු බව කියමින් ඔවුන්ට එල්ල වෙන චෝදනාව අනික් අයටත් බෙදා හරින්න උත්සාහ කරන්නේ. ත්‍රස්තවාදහ වැලැක්වීමේ පනත යටතේ සැකරුවන් උසාවියට ඉදිරිපත් නොකර සාමාන්‍ය නිතිය යටතේ අධිකරණයට දාලා ඇප දිම සම්බන්ධයෙන් විනිසුරුට දොස් කියලා හරි යන්නේ නැහැ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිම ගන්න වෙන්නේ විධායකයි. ආණ්ඩු පක්ෂයට එන විරෝධතාවය අනෙක් අයට බෙදා හරින්න දරන බොලද උත්සාහයක්.

මේ ආන්ඩුව ජාතික ආරක්ෂාව සැලසීමේ වගකීම අත් හැරලා. මේ ආන්ඩුකාරවරු අනියම් ආකාරයෙන් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වු බවයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් ආන්ඩුව සිය වගකිම් පැහැර හැරිමක් කරලා තියෙන්නේ. මේ සිද්ධියෙන් පස්සේ රටේ ආර්ථික ප්‍රශ්න. පාසල් දරුවන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නය. සභානායකවරයා කියනවා තේරිම් කාරක සභාව සජිවීව දීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක්ලු. කවුද තේරිම් කාරක සභාවක් ඒ විදියට සජීවීව දුන්නේ. බුද්ධි අංශ තොරතුරු ඔලියට ඒමේ වාසිය යන්නේ අන්තවාදින්ට. සභානායකවරයා ආන්ඩුවේ දැනුවත් කිරිමකින් තොරව මෙවැනිනක් කියයි කියලා අපි හිතන්නේ නැහැ. සජිත් ප්‍රෙමදාස එජාප නියෝජ්‍ය නායකතුමනුත් හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ විදේශ හමුදාවන්ට රට පාවාදෙන්නේ නැහැ කියනවා. ඕක විපක්ෂය කියලා ගොඩක් කල්. ප්‍රතිත්‍රස්ත පනතත් ඒ වගේමයි. අපි කිව්වට පස්සේ කියනවා අකුල ගන්න කියලා. එතුමන්ලාගේ ආන්ඩුව. කැබිනෙට්ටුව. සභානායකට කිව්වා නම් හරි ඕක අස් කර ගන්න කියලා. රට නැගිට්ටවන්න කලින් එජාපයේ අය කණ්ඩායම් නායක රැස්වීමේදි හරි කැබිනට් එකේදි හරි නැගිට්ටා නම් හරිනේ. මෙම්අත්සාහ කරන්නේ ජනප්‍රිය මාතෘකාවකට අනුගත විමයි. ආන්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ට ජනතාව දක්වන විරෝධතාවය අනුව පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ. ආන්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ. රට තවත් ව්‍යසනයන්ට ගොදුරු නොකර මේ පානය වෙනස් කරන්න. ඊට අවශ්‍ය ඉඩ හැදීම ආණ්ඩුවේ යුතුකමයි. මැතිවරණය පවත්වන්න යෝජනාවක් ගෙනාවොත් අපි ලැහැස්තියි ඕන වෙලාවක අපේ ඡන්දය දෙන්න.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress