අපි පහුගිය කාලයේ කතා කරපු ජාතික ආරක්ෂාවට රජය කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදුන් බව මේ වෙද්දි ඔප්පු වෙලා
Posted on June 7th, 2019

අද :07 දින පැවැති මාධ්‍ය සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද :07 දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
■ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වෙලයි තියෙන්නේ. සාක්ෂි ලබා දෙන කණ්ඩායමේ සහ විමර්ශන කණාඩායමේ අදහස් දෙස බැලුවාම පේන්නේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වගකීම භාරගත යුතු බවයි.මෙතෙක් ඔවුන් කිසිවෙක් වගකීම භාරගෙන නැහැ.නැවත එවන් සිදුවීමක් නොවන ලෙසින් ආරක්ෂාව තහවුරු කරන්න රජය පියවර අරන් තියෙනවාද කියලත් අපිට සැකයි. මේ අවස්ථාවේ අපිට විශ්වාස කරන්න හැකියාව තියෙන්නේ ආපේ ආරක්ෂක අංශ පමණයි. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්.  අපි පහුගිය කාලයේ කතා කරපු ජාතික ආරක්ෂාවට රජය කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදුන් බව මේ වෙද්දි ඔප්පු වෙලා. ජනාධිපතිතුමාත් එජාපයත් අතර තිබෙන විරසකය නිසා මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරිවෙලා. දෙපැත්තේ කඹ ඇදිල්ල නිසා රටේ ප්‍රශ්න රැසක් ඇති වෙමින් තිබෙනවා.

පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ලබා දුන්න බව කියනවා. ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරපු හේමසිරි ප්‍රනාන්දු කියන්නේ ඔහු මේ රටේ ඉතාම අසරණ වූ ආරක්ෂක ලේකම්වරයා බවයි. ආරක්ෂක ලේකම්වරයා කියන්නේ ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමේ ඉඩ ප්‍රශ්තාවක් නොලැබුනු ආරක්ෂක ලෙකම්වරයෙක්.  ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකළ ආකාරය හා ඔහු ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සංසන්දයට කළ නොහැකි බවත් ඔහුම කියනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආරක්ෂක ලේකම්ධූරයේ වගකීම් නිසියාකාරව ඉටුකරපු  කෙනෙක් බව ඔහුගේ ප්‍රකාශවලින් තේරෙනවා. මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න, රටේ විනය, කොළඹ ආශ්‍රිත නගර සංවර්ධනය සදහාත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙල ප්‍රසංසනීය බව පේන්න තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විවේඡනය කිරීමේ වැඩපිළිවෙලක් එජාපය ගෙනගියත් ඔවුන් විසින් පත්කරපු නිලධාරීන් පිලිගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු රකපු කාර්යභාරයවත් ඔවුන්ට ඉටු කරගන්න බැරි බවයි. පුජිත ජයසුන්දර මහතා ආරක්ෂක මණ්ඩලයට නොකැදවිම නිසා තමන්ගේ යුතුකම නිවැරදිව ඉටුකිරීමට නොහැකි වෙනවා නම් පූජිත ජයසුන්දර අගමැතිවරයාට දැනුම්වත් නොකලේ ඇයි. ඔහුව පත්කළ ව්‍යන්‍ස්ථාදායක මණ්ඩලය දැනුම්වත් නොකලේ ඇයි. මේ දෙපාර්ශවයේ බල අරගලයේ තරඟයයි මේ විනාශය රටට කලේ.

මුස්ලිම් අමාත්‍යවරු ආන්ඩුවේ අවශ්‍යතාවය වෙනුවෙන් ජවනිකාවක් නිරූපනය කළා. රාවුෆ් හකිම් ඇමැතිවරයා මෙම්ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයි, අන්තවාදයට සම්බන්ධයි කියලා අපි චෝදනා කලේ නැහැ. එවැනි අවස්ථාවක ඔහු සියලුම මුස්ලිම් අමාත්‍යවරු ධූරයෙන් ඉවත් වන බව සදහන් කරනවා. නමුත් මෙතෙක් එවැන්නක් සිද්ධ වෙලා නැහැ.රජය තින්දු කරනවා ඔවුන්ට මසක කාලයක් රජයෙන් දෙන සියලු වරප්‍රසාධ ලබා දෙන්න. ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් අපෙන් විරුද්ධතාවයක් නැහැ. නමුත් ඔවුන් ඉවත් වූවා සේ සලකමින් අමාත්‍යධූරවල වරප්‍රසාද ලබා දෙනවා නම් ජනතාව නැවතත් රැවටිමකුයි කරන්නේ. සියලු දෙනා තනතුරුවලින් ඉවත් වීම අන්තවාදයට සම්බන්ධ නොවුන මුස්ලිම්වරුන්ට කරන අසාධාරණයක් නෙවෙයිද. සියලු මුස්ලිම්වරු මේ අන්තවාදයට සම්බන්ධ නැති බවයි අපි විශ්වාස කරන්නේ.
පරික්ෂණ කටයුතු ස්වාධීනව කරන්න ඉවත් වුනා නම් රවුෆ් හකිම් ඇමැතිවරයා තේරිම් කාරක සභාව තුල වාඩිවිමත් සුදුසු නැහැ. මේවායින් පැහැදිලි වන්නේ ඔවුන් විසින් රංගනයක නිරත වන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පිටුපස කණ්ඩායම විසින් ඔවුන් මෙහෙයවන බවයි.
මොහොමඞ් තස්ලීම් අනාවරණයක් කරමින් මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් බෝම්බකරුවෙක් බවට ඔහු හදනාගත් බව සදහන් කරනවා. කබිර් හසිම් ඇමැතිවරයාට මේ බව දැනුම්දුන්න බවත් කියනවා. ඒ පණිවිඩය දැනගෙනත් නිහඩ වුනේ ඇයි. තමන්ගේ සගයෙක් වෙඩි වැදි සිටින බව දැන දැනත් අන්තවාදී බලවේගවලට සම්බන්ධ බලවේග වෙනුවෙන් පෙනී හිටියේ කොහොමද? අපි ජාති වාදීන් අන්තවාදීන් කියන හංවඩුව නොගසන අයත් මේ කණ්ඩායමට ඇතුළත් වන්න අත්සාහ කරන්නේ ඇයි. හමුදාපතිවරයාට අමතන ලෙස රිෂාඩි බදියුදින්ට උපදෙස් දුන්නේ රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා බව සදහන් කළත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන මහතා කිසිදු අදහස් දැක්වීමක් කරන්නේ නැහැ. නමුත් මේ වෙද්දි දිගින් දිගටම ආරක්ෂක අංශවලින් ප්‍රශ්න කරනවා. මනෝ ගනේෂන් ඇමැතිවරයා උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටි ආරච්චි මහතාගෙන් ප්‍රශ්න කරනවා. මනෝ ගනේෂන් ඇමැතිවරයාට අමතකද දන්නේ නැහැ පල්ලියට ආපු අහිංසක දමිල ජනතාවත් මේ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වුන බව. මේ ආරක්ෂක වැඩ පිළීවෙල යාපනයේ විතරක් නෙවෙයි. රට පුරාම දියත් වෙනවා. ඒ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. එවැන් ආරක්ෂාවක් කරන නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීම කෙතෙක් දුරට සාධාරණද? මේ පේන්නේ දිගින් දිගටම ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් මැති ඇමැතිවරුන් ප්‍රශ්න කිරන ආකාරයයි.
මාධ්‍ය නිදහස ගැනකතා කරමින් මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරමින් බලයට ඇවිත් මාධ්‍ය මර්දනයටයි ආන්ඩුව කතා කරන්නේ. කැබිනට් මණ්ඩලයේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සෘජුව ඉලක්ක කරමින් තින්දු ගන්නවා.ප්‍රති ත්‍රස්ත පනත මගින් මාධ්‍ය හරහා ජනතාවගේ  තොරතුරු දැන ගැනීමේ අයිතිය වසන් කරන්න අත්සාහ කළා.2015දි රංග ඛළංසූරිය හරහා ලංකවේ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාලය නමින් කාර්යාලයක් පිහිටවූවා. ස්වාධීන මාධ්‍ය මණ්ඩල පනතක් ගෙනාවා.ඒ අවස්ථාවේ නිතියේ පිහිට ලැබීම මගින් ඒ පනත ක්‍රියාත්මක කිරීම වැලකුණා. අද රජයට මාධ්‍ය දැඩි හිසරදයක් වෙලා තියෙන්නේ රජයේ අකටයුතුකම් ගැන ජනතාව දැනුම්පත් කිරිම නිසයි. මාධ්‍ය මර්ධනය කිරීමේපනත් විවිධ නම් වලින් ගේන්න සුදානමක් තියෙන්නේ. ඒ කටයුත්තෙන් වලකින්නයි අපි ඉල්ලා සිටිනවා. මාධ්‍ය මර්ධනය කරපු ආන්ඩුවක් බලයේ ඉදලත් නැහැ. නැවත බලයට ඇවිල්ලත් නැහැ.
ජනාධිපතිතුමා වඩුමඩු තහනම් කරන්න පියවර ගන්න බව කිව්වා.2015 බලයට ආපු ආණ්ඩය මේ වෙද්දි ලක්ෂ 5ට අධීක රැකියා ප්‍රමාණයක් ජනතාවට අහිමිකරලා. ජනාධිපතිවරයා ගන්න තින්දු තීරණ හරහා රටේ ආර්ථිකයට, සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට මොකද වෙන්නේ.මහා පරිමාණ දැව ජාවාරම් කරුවෝ මර්ධනය කරන්න පියවර ගන්නේ නැහැ.ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ වැලි ජාවාරම නැවතුනාලු. එහෙම වුනේ නැහැ. වැලි ව්‍යාපාරය ජනාධිපතිතුමාගේ ඥාතීන් අතර ව්‍යාපාරයක් බවට පත් කළා. ඒ ව්‍යාපාරයේ යෙදුනු අය මැසිවිලි නගද්දි ජනාධිපතිතුමාගේ පවුලේ අය යහතින් ඒ ව්‍යාපාරයේ නිරත වෙනවා.මේ පියවර ගැනීමේදී ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්න. වඩුමඩු පමණක් නතර කරලා ප්‍රයෝජනයක් නැහැ. දැන් සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්වෙලා. ආන්ඩුව වියරු වැටිලා ඉන්නේ. මංගල සමරවිර ඇමැතිවරයා කාදිනල්වරයා සම්බන්ධයෙන්විවිධ චෝදනා එල්ල කරනවා.එතුමා දිගින් දිගටම අපේ පූජ්‍ය පක්ෂය දැඩි සේ විවේඡනයකරනවා. මංගල සමරවිර කරන්නේ ජාත්‍යන්තරයෙන් ඔහුට ලැබුණු කොන්ත්‍රාත්තුවක්.ඒ රටේ යහපතට කරන දෙයක් නෙවෙයි.වෛරය ඇතිවන ලෙසට කටයුතු කරන මංගල සමරවිර සම්බන්ධයෙන් වහාම පියවර ගන්න ඕනේ.
සමෘද්දි සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් අපේ විවේඡනයක් නැහැ.නමුත් ඒ ලබාදුන්න ක්‍රමවේදය ගැන විවේඡනයක් තියෙනවා. නිලධාරීන් විසින් හදපු ප්‍රමුඛතා ලේඛණය එජාපයේ සංවිධායකවරු හා ශාඛා සමිති ගෙන්වලා තමුන්ගේ එජාප පාක්ෂිකයින්ට පමණක් සහනාධාරය දෙනවා. මේක බරපතල අසාධාරණයක්.මේ සෑම ප්‍රතිලාභියෙක්ගෙන්ම 500 අය කිරිමක් කරලා මිලියන 3000ක් උත්සව කටයුතු සදහා පමණක් වැය කරනවා. මේ මුදල රජයට ලබා දිම සමහර සමෘද්දි බැංකු ප්‍රතික්ෂේප කරන කොට සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් අරන්. එජාපයේ ප්‍රචාරණය සදහා මේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ප්‍රතිලාභ ලබා දෙනවා කියලා දිලිදු අයගෙන් රුපියල් 500ක් ගැනීම ගැනත් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි. ආන්ඩුවේ අර්බුද ආණ්ඩුවටම විසදා ගන්න බැරිවයි ඉන්නේ.
පළාත් සබා මැතිවරණය කල් ගිහින්. මහ මැතිවරණයට නිතිමය බාධාවක් තියෙනවා. ඒ නිසි නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයයි.සමහරු ගිහින් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ එජාපයට විරුද්ධ බලවේගයට නායකත්වය දෙන්න කියලයි.එතුමාගෙන් ඉල්ලිම් කරලා වැඩක් නැහැ.එතුමා එජාපය එක්ක අත් වැල් බැදගෙන එජාපයට ඉදිරියට එන්න උදව් කරපු නායකයෙක්. ජනාධිපතිවරයාගෙන් කවුරු හෝ නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටිනවා කියන්නේ එජාපය නැවත බලයට ගේන්න සහාය වෙනවා කියන එකයි. ශක්තිමත් නායකත්වයක් සමග අපි මැතිවරණයට පෙනී හිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා
පාස්තු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් එක්ක ඇති වුනු සිද්ධි මාලාවේදී රටේ විශාලම මෙහෙය කලේ අති අතුම් කාදිනල්තුමායි. බෝම්බ පිපිරීමෙන් පස්සේ තව දෙතුන්දාහක් මිය ගිහින් දේපල විශාල වශයෙන් ගිනිබත් වෙන්න ඉඩ තිබුණා. අන් වහන්සේ ජනතාව හැසිරවූ විදියෙන් ඒ විනාශය වැලකුණා. එහෙම වෙන්න තිබුණු දෙයක් වුනා නම් ආණ්ඩුවට නතර කරන්නත් බැහැ. පස්සේ කුළියාපිටියේ වුනු දේ ස්වාභාවිකවම නතර වෙනකල් ආන්ඩුවට මොකුත් කරන්න බැරිවුනා. මංගල සමරවිර ඇමැතිවරයාට 350ක් මිය ගියාම කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. බොහෝම සිනාමුසුව කිව්වා ඇමරිකන් ඩොලර්ගානක් ලැබුනා කියලා කිව්වා.සෑම අදුරු වලාකුළකම රිදී රේඛාවක්තියෙනවා කියන එකයි එතුමාගේ පිළීතුර වුනේ. නමුත් කාදිනල් තුමා රතන හිමියන් හමුවෙන්න ගියාම මංගල සමරවිර ඇමැතිවරයාට බොහෝම කේන්ති ගියා. කාදිනල් තුමා කිව්වා මේ බෝම්බවලට අනුලබල දිපු අයට එරෙහිව පරික්ෂණ විනිවිද භාවයකින් වෙනබව පේන්නේ නැති බව කිව්වා. පරීක්ෂණ විනිවිදභාවයකින් සිද්ධ වුනා නම් රතන හාමුදුරුවෝ අපවාස කරන්නෙත් නැහැ.කාදිනල්තුමා එතැනට යන්නෙත් නැහැ. රතන හාමුදුරුවන්ගේ විරෝධය පෑමට විරෝධයක් විදියට, පරික්ෂණවලට සහාය දිමක් නිසාද? ආන්ඩුවට මුස්ලිම් ජනතාව හා කතෝලික ජනතාවට ආරක්ෂාව දෙන්න බැරිවීම නිසාද මේ විදියට ඉවත් වුනේ කියලා කිසිවෙක් කිව්වේ නැහැ. කාදිනල්තුමා, රතන හාමුදුරුවෝ හෝ අපි අනෙක් අයට චෝදනා නොකලේ සැක සහිත දෙයක් නැති නිසයි. කුළී පදනම මත ගත්ත ගේ රිෂාඞ් ඇමැතිගේ සහෝදරයාගේ ගෙයක්. සිද්ධීයට පසු දින ඇදිරි නිතිය තියෙන වෙලාවක නැගෙනහිර පළාත් ආන්ඩුකාරවරයා හෝටලයකට යන සිද්ධියක දසුන් තියෙනවා. පතොරම් බෝම්බ තොග පිටින් ලබා දුන්න තඹ කර්මාන්තශාලාව රිෂාඞ් බදියුදින්ගේ අනුග්‍රහය ලබපු එකක් බව ඔප්පු වෙලා තියෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා එතුමාගේ ළගම හිතවතෙක්. ජවිපේ ජාතික ලයිස්තුවේ ඉන්න බව ඔපුප් වෙලා තියෙන නිසා සැක පහළ කරන්නේ. අනෙක් අය ගැන සැක සහිත සිදුවිම් වාර්තා වෙලා නැති නිසයි අනෙක් අයට චෝදනා එල්ල නොවුනේ.මේකේන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අසීරුතාවයට පත්වෙලා. දැන් පොලිස් මුලස්ථානයට පැමිණීලි තියෙනවා නම් ගෙනත් දෙන්නලු. ඉස්සර කොහේ හරි බෝම්බයක් තිබුණාම අපි කවුන්ටර් ඇරලා පැමිණිලි කරන්න කිව්වේ නැහැ. පොලිසියට කරන පැමිණිලිවලට වෙන දේ සාක්ෂි කැදවීමෙන් පේනවා. ඒවා දැක්කාම හිතෙන්නේ බෝම්බ අටකින් බේරුණු එක ලොකු දෙයක්. බේම්බයක් පුපුරනවා කිව්වාම ලියුම් ලියලා පිපිරිම නතර කරන්න පුලුවන්ද? ලිපි යැවීමෙන්ත්‍රස්තවාදය නතර කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කොහොමත් ලංකාවේ හමුදාව ඇලජි. 2001 බලයට ආපු ගමන් අනුරුද්ද රත්නායක මහත්තයාගේ පුද්ගලික හමුදාවක් කියලා මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරින්ගේ නම් ටික ප්‍රසිද්ධ කළා. බල්ලෝ භාරව සිටිය කෙනෙක් තමයි ගිහින් මේ අයව ඇල්ලුවේ. අල්ලලා ගෙනත් බලු කූඩවල දාලා හිටියේ නුවර. අපිට හොදට මතකයි. ඒ නිලධාරින්ගේ නම් පත්තරේ දාලා 86ක් එල්. ටී. ටී. ඊ එකෙන් මරලා දැම්මා. ගිරිතලේ බුද්ධි අංශ නිලධාරීන් අරන් ගිහින් හිරේ දැම්මා තවම නඩුත් නැහැ. දැන් සමාජසේවා වැඩට යොදවලා. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ස්ථානවලට ඒ ස්ථාන දැනුවත් නොකර සේවයට යෙදවාල තිබුණු හමුදාවෙන් පඩු ලබන විශාල බුද්ධි නිලධාරින් පිරිසකගේ සේවය 2017දී රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නතර කරලා.  ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු සභානායක කිරිඇල්ල කියනවා අපි සහරාන්ලාට පඩි ගෙවලාලු. ඒ එතුමා දන්න තරම තමයි. කරුණා අම්මාන් සමග අපිත් එක්ක එකතු වුනු යම් පිරිසට් බුද්ධි සේවය සදහා යොදාගෙන වැටුප් ගෙවිමක් කරලා තියෙනවා. මේ වතාවේ ආරක්ෂක අංශ නිවැරදි දෙයක් කරලා තියෙනවා. ආන්ඩුව බලයට ඇවිත් පඩි ගෙවන්න නම් ඉල්ලන කොට බුද්ධී අංශ අය නම් දෙන්නේ නැතිව නේම් කෝඞ් ටිකයි දුන්නේ. නේම් කෝඞ්වල තියෙන්නේ මුස්ලිම් නම්.ඒක නිසයි සහරාන්ලාට පිඩි ගෙව්වා කියන්නේ.ඒ ද්‍රවිඩ පිරිසට පඩි ගෙවලා නැති නිසා ඔවුන්ගේ සේවය ලැබෙන්නෙත් නැහැ දැන් ආණ්ඩුවට.
බෝම්බය ගැන ලියුම් ලියනවා. අර බුද්ධි අංශය දැනන් හිටියා. අර බුද්ධි අංශය දැනන් හිටියා කියලා කියනවා. රටපුරා තිබුණූ කදවුරු ටික බෝම්බේ පුපුරපු ගමන් හොයාගන්නවා. ඒකියන්නේ බෝම්බේ පුපුරන්න කළින් හමුදාවට ක්‍රියා’ත්මක වෙන්න අවසරයක් තිබුනේ නැහැ කියලා. බුද්පිළීම කඩපු සිද්ධීයේදී අසාත්සාලි මැදිහත් වෙලා සැකරුවෝ බේරාගෙන, කෑගල්ලේ කිසිදු නීතිඥයෙක් මොවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවුනු අවස්ථාවක ලංකාවේ ආන්ඩුකාරවරයෙක් වෙන තවත් නීතීඥවරයෙක් හොයාගෙන ඇපි ගන්තේ අසාත් සාලියි. ඒ ආන්ඩුකාරවරයා තමයි මානසික රෝගියෙක් කියලා ඇපි ගත්තේ.ඒ මානසික රෝගියා තමයි යස අගේට ගිහින් බෝම්බ පුපුරවාගෙන තියෙන්නේ.
අද පරීක්ෂණ දිහා බලන්න. පොලිස්පති, ආරක්ෂක ලේකස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා. සැකයට භාජනය වෙන අයව මේ කමිටුවටවත් කැදවන්නේ නැහැ. කාදිනල්තුමා, ස්වාමීන් වහන්සේ, පොදුජන පෙරමුණ මුස්ලිම් ජනතාවට විරුද්ධයි කියලා පෙන්වන්න හදනවා. අපි විරුද්ධ ත්‍රස්තවාදයට මිසක් මුස්ලිම් ජනතාවට නෙවෙයි. දේශපාලන බලය නැතිව ත්‍රස්තවාදය මේ තරම් පෝෂණය වෙන්න බැහැ. කඩු මේතරම් ගෙනාවේ ඇයි කියලා හොයන්න වෙනවා. මේ ගැන කවුරු හෝ මතයක් පළ කරපු ගමන් ඇමැතිවරු ගන්න තින්දු බලන්න.දැන් මංගල සමරවිර ඇමැතිතුමා බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහළින් ඉන්නේ. චීවරධාරියෝ. සිවුරු ඇද ගත්ත අය. දැන් ජේසුස් වහන්සේටත් වඩා ලොක්කෙක්. ඉක්මනටම පාප් වහන්සේගෙනුත් පිළිතුරක් ලැබෙයි.
වඩුමඩු ප්‍රකාශය සුලු කාරණයක් නෙවෙයි.විල්පත්තු සිද්ධීයේදී විල්පත්තුව කපලා ඉවර වෙනකල් කිසිවක් තහනම් වුනේ නැහැ. විල්පත්තුව කපලා ඉවර වුනාට පස්සේ වඩු මඩුව වැහුවා වගේ කියලා මුහුණූ පොතේ අලුත් ප්‍රශ්තාපිරුළක් තියෙනවා.මේ කාරණාව ජනාතවගේ පැත්තෙන් බලන්න වෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිරිසකට රැකියා අහිමි වෙලා. ඇරියස් නැතිව ණය ගෙවපු අයටයි මේ වෙද්දි ණය සහනයක් දෙන්නේ. මේ ණය සහනය ගන්න වෙන්නේ අරලිය හෝටලේ අධීපතිවරයාටයි, ධම්මික පෙරේරා මහතාටයි, හැරී ජයවර්ධන මහතාටයි විතරයි. ව්‍යාපාර වැටුනේ 21 වැනිදා නෙවෙයි.2015 ඉදන් වැටෙමින් තිබුනේ.21 වැනිද වෙද්දි නහයෙන් උඩටත් වතුර ගිය එකයි වුනේ. රිෂීඞ් ඇමැතිතුමාලා කැලෑ පිටින් කැපුවාට අපිට වත්තේ තියෙන කොස් ගහක් කපා ගන්න පුලුවන්ද? ඒවාට විදි විධාන තියෙනවා. මේ පැත්තෙන් වඩු මඩු තහනම් කරනවා. සමහරු කියනවා ජනාධිපතිතුමාගේ පවුලට ඇලුමිනියම් ව්‍යාපාරිකයෙක් එකතු වුනු නිසා වඩු මඩු තහනම්කරනවා කියලත්. මේ විදියට ආර්ථිකය වැටුලා තියෙන වෙලාකව අනිත් පැත්තෙන් ස්වයං රැකියා කරන වඩු වෘත්තියේ යෙදෙන අයට බඬේ පහර දෙන්න ගහන්න එපා කියලා අපි කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා
අද ආණ්ඩුව එකිනෙකාට බෝල පාස් කරනවා.පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කමුටුව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරක් තිස්සේ ගාගත්තු කුණු හෝදන වොෂින් මැෂිමක් බවට පත්වෙලා. විවිධ චෝදනාවන්ට ලක්වුනු පුද්ගලයෝ තේරීම් කාරක සභාවේ ඉදන් තමන්ගේ කුණු හෝදගන්නවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අත් අඩංගුවට ගත්ත කෙනාගෙන් ප්‍රශ්න කරන්නේ සරත් ෆෝන්සේකා. සරත් ෆෝන්සේකාත් ඒ කුමන්ත්‍රණයට හවුල් බව නාමල් කුමාර කිව්වා. ඊබ්‍රහිම් නානාගේ පුත්තු ගැන පරික්ෂණ කරන කමිටුවේ ඔහුව ජාතික ලයිස්තුවට දාපු ජවිපේ මන්ත්‍රීනලින් ජයතිස්ස. අනෙක් පැත්තෙන් මහ බැංකු හිල් කරපු අය චත් ගලවලා නැව් ගත්ත අය මේකක නියෝජනය කරනවා.  ඩර්ටි රනිල්ගේ කුණු හෝදන කොන්ත්‍රාත්තුව තමයි මේ කමිටුව භාරඅරන් තියෙන්නේ.
හිටපු පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා චෝදනා දෙපැත්තට මාරු කර ගන්නවා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා රටේ නැත්නම් අගමැතිුමාට මේසම්බන්ධයෙන් කිව්වේ නැත්තේ ඇයි. අගමැති බබාද? අගමැති කියපු නිසා ඔහුව පොලිස්පතිවරයා කරන තරමට සම්බන්ධයක් තිබුණ පොලිස්පතිවරයාත් අද කරන්නේ රනිල් වික්‍රමසිංහ සුද්ධ කිරීමයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා වගකිය යුතුයි.
වංචාව දූෂණය නැති කරනවා. බොරු ප්‍රචාර නතර කරනවා කියලා බලයට ඇවිත් සමෘද්ධි බැංකුවල මුදල් කොටි ගණනින් ප්‍රචාරණයට වියදම් කරනවා.  ජනතාවගේ මුදලින් තමයි මේ බැංකු ගොඩනැගුනේ. ජනාධීපතිවරයාට නැවතත් බලයට එන්නයි කියලා අපේ හිටපු ඇමැතිවරු ටිකක් ගිහින් ඉල්ලීමක් කරනවා. නචච්ඡා වසලේ හෝති බ්‍රහ්මනෝ කියලා බුදු වදනක් මතකයට එනවා. බ්‍රාහ්මනයෙක් වුනත් වසලයෙක් ආශ්‍රය කලොත් වසලයෙක් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට තවත් මේ වගේ බොරු ලණු දෙන්න එපා. එතුමා පැහැදිලිව කිව්වා ඔහු දේශපාලනයෙන් සමුගන්න බව. පහුගිය වසර 4 නරා වලක වැටුලා අපේ ආන්ඩුව කාලේ හදාගෙන හිටපු ප්‍රතිරූපය නැති වුනේ මේ වසලයෝ ඇසුරු කිරීම නිසයි. අපේ කදවුරට ඇවිත් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.


හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා
මේ වන විට හිටපු ආණ්ඩුකාර අසාත් සාලි හා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා එක්ව පළත් සභාවේ මන්ත්‍රීවරුන් සඳහා දහම් පාසල් සංවර්ධනයට, දරුවන්ගේ පාසල් උපකරණ සදහා, වෙහෙර විහාරස්ථාන සදහා වෙන් කළ, ක්‍රීඩා තරඟ පැවැත්විමට වෙන්කළ මුදල් කපා හැරලා. ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුකාරවරයා සිටින නිසා ඒ හයියත් ගනිමින් රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා පළාත් සභාවට ඇවිත් ප්‍රධාන ලේකම්වරයා ඇතුලු අමාත්‍යංශ ලේකම්වරු භය කරලා. ඔවුන්ව අසරණ කරලා ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් කපා හැරලා ඔවුන්ට අවශ්‍ය ව්‍යාපෘති සදහා මුදල් වෙන් කරගන්නවා. මිනිස්සුන්ගේ ඉල්ලීම්වලටයි මේ මුදල් වෙන් කරලා තිබුනේ. පොසොන් උත්සවයට වෙන්කරපු මුදල් කපා හැරලා. වෙසක් උත්සවයේ අධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වෙන්කරපු මුදල් කපා හැරලා. මේ අය රට කොහෙටද ගෙනියන්නේ.  මේක ජාතිවාදය අවුස්සන වැඩපිළිවෙලක් බවට පත් වෙමින් තිබෙනවා. මන්ත්‍රීවරුන්ට වෙන්කරපු මුදල් නැවත ලබා දෙන්න. මිලියන 81000ක් පළාත්සභවේ මුලු ආදායම. මන්ත්‍රීවරු 144 දෙනෙක් කරන කාර්යභාරය අද එක තනි පුද්ගලයෙක් කරනවා වැය ශීර්ෂ 30ට වඩා වැඩි ප්‍රමාණයක් තනි පුද්ගලයෙක්ට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. පළාත් සභා මැතිවරණය කල් දැමීම තුළ පළාත් සභාවෙන් වරප්‍රසාද භුක්ති විදින ජනතාවට සිද්ධ වෙන්නේ දැඩි අසාධාරණයක්. හැකි ඉක්මනින් පළාත් සභා පිහිටුවන්න ඡන්දය තියන්න.
වඩු මඩුව තහනම් කරනවා කියන්නේ අපේ උරුමයට ගහනවා කියන එකයි. ඇම්බැක්කේ දේවාලයේ තියෙන්නේ අපේ දේශීය කැටයම් නිර්මාණ. වෙස් මුහුණු කළාව ආදි වූ අපේ සංස්කෘතියටයි මේ ගහන්නේ. වඩු මඩුව තහනම් කරන්න එපා. මහ ලී මෝල්වලට අවුරුදු 5 සහන කාලයක් දෙන ගමන් වඩු මඩුව හෙට ඉදන් තහනම් කරන්න හදනවා.
බිලියන 2447ක් රටේ වැය ශීර්ෂය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විතරක් බිලියන 10627ක්. මාස හයක් ගත වෙලත් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට වෙන්කරපු මුදල්වලට මොනවාද වුනේ කියලා අහන්නේ කවුද? මොනවාද වුනේ ඒ සල්ලි වලට. එතුමාගේ වැය ශීර්ෂයේ ප්‍රාග්ධන මුදල් කියලා වෙන්කරපු මුදල් අර්ථවත් විදියට රටේ අවශ්‍යතාවයකට වියදම් නොකරන බවයි අපිට පේන්නේ. මේවා සම්බන්දයෙන් පුලුල් කතිකාවක් අවශ්‍යයි. මේ වැය ශීර්ෂ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ තරම් ඇමැතිවරු රටට ඕනේ නැහැ. අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කළානම් පුනරාවර්තන වියදම් නමින් සිද්ධවෙන මුදල් හානිය වළක්වා ගන්න පුලුවන්. අපි තරුණ මන්ත්‍රීවරු විදියට නුදුරු අනාගතයේදි අයවැය ගැන රටේ පුලුල් කතිකාවතක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.



One Response to “අපි පහුගිය කාලයේ කතා කරපු ජාතික ආරක්ෂාවට රජය කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදුන් බව මේ වෙද්දි ඔප්පු වෙලා”

  1. Randeniyage Says:

    “ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආරක්ෂක ලේකම්ධූරයේ වගකීම් නිසියාකාරව ඉටුකරපු කෙනෙක් බව ඔහුගේ ප්‍රකාශවලින් තේරෙනවා.”
    What he said was Gotabhaya worked as if he were the minister of defense. This is a fact. He only needed to speak to his brother only if extremely critical decision was to be made.
    One shouldn’t compare him to ඉතාම අසරණ වූ ආරක්ෂක ලේකම්වරයා. අසරණ වූ because of a dictatorial president who used the intelligence service everything except national security. This fool has acted completely against the constitution and current chief justice ( previous AG) was simply licking HE’s ass.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress