අද වනවිට ආන්ඩුව ඉදිරියට ගෙනියන්න බැරි විදයේ අර්බුදයක් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතිනවා. ඒකට හොදම උදාහරණයක් වෙන්නේ රටේ ජනාධිපතිවරයා කැබිනට් එක වර්ජනය කරන බවට කරන ප්‍රකාශයයි
Posted on June 10th, 2019

අද (10) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව

අද (10) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මාධ්‍යවේදින්
■ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
■ පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය සෑම ක්සේත්‍රයකින්ම පේනවා. අධ්‍යාපන සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්දයේදී නියෝජිතයින් 371න් නියෝජිතයින් 192ක් ලබා ගන්න අපිට හැකිවුනා. ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්පුර්ණ සාමාජික සංඛ්‍යාව වන 15න් සාමාජිකයින් 9ක් අපිට හිමිවෙන්න නියමිතයි. අපිට විරුද්ධ කණ්ඩායමට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලැබෙන්නේ සාමාජිකයින් 6ක් පමණයි. ජවිපේ වාර දෙකක් වසර 10කට වැඩි කාලයක් ගුරුගෙදර බලය අල්ලාගෙන හිටියා. මේ අවස්ථාවේදි තත්ත්වය වෙනස් වුනා. මෙය දේශපාලන ජයක් ලෙස සලකා ගුරුවරුන්ගේ අභිවෘද්ධියට දෙවන තැනක් දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. මේ ජයෙන් අපි ඒ විදියට උදම් වෙන්නේ නැහැ. ගුරු ගෙදර ප්‍රධාන අරමුණ ගුරුවරුන්ගේ අභිවෘද්ධියි. අපි මේ මැතිවරණය කලේ සති දෙකක් වැනි කාලයක් තුළයි. අපිට අවශ්‍ය වුනේගුරුවරුන්ට සෙතක් නොවන පැවැති ප්‍රවණතාවය වෙනස් කිරිමයි. මෙයින් පේන්නේ අපේ පක්ෂයේ ජනප්‍රියතාවයයි. ගුරුවරුන් කියන්නේ සමාජයේ බුද්ධිමත් කණ්ඩායමක්. අපි නිහතමානිව ඉල්ලා සිටින්නේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සදහා ඉදිරිපත් කළ වැඩපිළීවෙල ඉදිරියට ගෙන යන්න සහාය වෙන්න කියලයි.

මනුෂ්‍ය ජිවිත රැදී පවතින්නේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය මත බව මේ වෙද්දි තහවුරු වෙලා අවසන්. මේ වන විට බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාව අස්කරලා. මොකක්ද කරපු වරද. සිසිර මෙන්ඩිස්ට නියෝග ලැබුණා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවට ඇවිත් සාක්ෂි දෙන්න කියලා. ඔහු ඊට අවනත වුනා. විකල්පයක් තිබුනේ නැහැ. ඔහුට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. ඔහු හෘද සාක්ෂිය අනුව දන්න දේ ප්‍රකාශ කළා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ. එතුමාගේ රක්ෂාව නැති වුනා. අස්වෙන්න කියලා එතුමාට නියෝග කළා. එළැඹෙන සතියේ බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා කැදවා තිබෙනවා. මේ නිලධාරීන් මොනවාද කරන්නේ.ජනාධිපතිවරයා කියනවා එතැනට ගියොත් අස්කරනවා කියලා. සේවයේ යෙදී සිටින බුද්ධි අංශ නිලධාරින්ට තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න අවසර දෙන්නේ නැහැ. එය නතර කරනවා යැයි ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරද්දි කතානායකවරයා තර්ජනය කරනවා නිලධාරින් පාර්ලිමේන්තුවේ නියෝග අනුව පෙනී නොසිටියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න බව කියනවා. ඒ කියන්නේ මොනවා කළත් රක්ෂාව අහිමි වෙනවා. ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වෙනවාද, කතානායකවරයාගේ නියෝගයට අවනත වෙනවාද? මෙහි ප්‍රතිඵලය මොකක්ද. බුද්ධි අංශ සම්පූර්ණයෙන් කඩා වැටීමයි. අද ඒ අයගේ රාජකාරියට වඩා වැදගත් රාජකාරියක් මේ රටේ නැහැ. පුලුවන් තරම් අඩුවෙන් සේවය කිරීම ඇගට ගුණයි කියන පණීවිඩයයි රජයේ ක්‍රියාපටිපාටය තුළින් බුද්ධි අංශවලට තේරුම් ගන්න තියෙන්නේ. උනන්දුවෙන් ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩපිළීවෙලක් ඉදිරියට ගෙන ගියොත් ඒකට වන්දිය විදියට රක්ෂාව නැති වෙනවා. හිරබත් කරන්න වෙනවා. අපි හිතන්නේ මෙය රජය චේතනාවෙන් කරන බවයි. ආණ්ඩුව රජයෙ නිලධාරීන්ට එක නියෝගයක් දෙන්න ඕනේ. ආන්ඩුව දෙපිල බෙදිලා පරස්පර නියෝග දුන්නොත් බුද්ධි අංශය අවංකව උද්යෝගිමත්ව වැඩ කරන්නේ කොහොමද?
අද වනවිට ආන්ඩුව ඉදිරියට ගෙනියන්න බැරි විදයේ අර්බුදයක් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතිනවා. ඒකට හොදම උදාහරණයක් වෙන්නේ රටේ ජනාධිපතිවරයා කැබිනට් එක වර්ජනය කරන බවට කරන ප්‍රකාශයයි. කැබිනට් රැස්විමක් නිල වශයෙන් පවත්වන්න ජනාධිපතිවරයා සිටිය යුතුයි. එතුමා කැබිනට්ටුවට එන්නෑ කියන්නේ මේ රටේ ආණ්ඩුවක් නැති බවයි. කාටද මෙයට මැදිහත් විය හැක්කේ. මේ තත්ත්වයට එකම හව්හරණය අධිකරණයයි.මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට වගකීමක් තියෙනවා. බුද්ධී අංශ නිලධාරීන්ට කාගේ හව්හරණයක්ද. ජනාධිපතිවරයා හා කතානායකවරයාට මැදිවුනු ඔවුන්ට කරන්න තියෙන්නේ අධිකරණයට යන එකයි. ආයෙත් මිනිස්සු මැරෙන්න ඕනෙද? මේ පක්ෂග්‍රාහී අර්බුදය විසදන්න ඊට වඩා ඉහලින් බලයක් තියෙන්නේ ශ්‍රී ලංකා අධීකරණයට විතරයි. මාධ්‍යයටත් විශේෂ කටයුතුත්තක් තියෙනවා. ආණ්ඩුව කියන විදියට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයට පත්කිරිම හේතුවෙන් සමාජයේ ප්‍රශ්න ඇති විය හැකියි කියලා මාධ්‍යට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ආන්ඩුව සූදානම්. අපි ඊට එරෙහිව පෙනී සිටිනවා. විජිත් මළල්ගොඩ කියන්නේ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අප්‍රියෙල් 21 සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන්න ජනාධිපතිවරයා කොමිෂමක් පත්කළා. ඒ වාර්තාවට මොකක්ද වුනේ. ඇයි වාර්තාව හංගන්නේ. ජනතාවට වාර්තාව ඉදිරිපත් නොකරන්නේ ඇයි? 2015 ජනාධිපතිවරණයට කළින් තිබුණු ඡන්ද ව්‍යාපාරයේදී අපි කිව්වා මේක කැද හැළියක් බව. මොවුන්ට අවශ්‍ය වුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම විතරයි. මේ යුද්ධය ආණ්ඩුව තුල ඉහළ මට්ටමකට ඇවිත් රටේ ආර්ථීකය කඩා වැටෙන බව  අපි ජනතාවට කිව්වා. දැන් ඒ දේ වෙලා. රමේ ජනාතවයි වන්දි ගෙවන්නේ. ඇමැතිවරු මන්ත්‍රීවරු කිසිම ප්‍රශ්නයක් නැතිව ඔවුන්ගේ සියලු වරප්‍රසාධ භුක්ති විදිමින් සිවසේ සිටිනවා. ගිය සතියෙත් අලුතින් ඇමැතිවරු දෙන්නෙක් පත්කළා. මේ සියල්ල මැද හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පස්සේ කියනවා මෙය කළඹල විය යුතු තත්ත්වයක් නෙවෙයි. තව මාස පහයි තියෙන්නේ. ඒ ටික කොහොම හරි ගැට ගහගෙන යනවා කියලා. ඒ තත්ත්වයටයි ශ්‍රී ලංකා ආන්ඩුව පත්වෙලා තියෙන්නේ. මේකද ජනතාව බලාපොරොත්තු වුනේ. අද බිම් මට්ටමේ තියෙන ආරක්ෂාව මෙයයි. ජනාධිපතිවරයා රටේ නැති අවස්ථාවක ජිවිත සිය ගණන් නැති වෙන ව්‍යසනයක් රටේ සිදුවුනාම අගමැතිවරයා ත්‍රිවිද හමුදා අධීපතින් ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් රැස්විමකට කැදවනවා. ජනාධිපතිවරයා ඒ අයට නියෝග දෙනවා අගමැතිවරයාගේ රැස්වීමට යන්න එපා කියලා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට යන්නේ ජනාධීපති තෝරා ගන්න එතුමගේ පක්ෂයේ පිරිස්. මන්ත්‍රීවරුන් මොනවාද රටේ ආරක්ෂාව ගැන දන්නේ.ආරක්ෂාව ගැන වගකීම් තියෙන අත්දැකිම් තියෙන නිලධාරීන් කොහාමද රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඒ වගේ අවස්ථාවක නිවැරදි විග්‍රහයක් කරන්නේ.  පොලිස්පතිවරයා කියනවා තේරීම් කාරක සභාව ඉදිරියේ 2018 ඔක්තෝම්බර් මාසයේ සිට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට කතා කලේ නැහැකියලා. ඒ විදියට කොහොමද ආරක්ෂක මණ්ඩලෙයේ රැස්විම් පවත්වන්නේ. ඒ විදියේ ආයතන අතර සම්බන්ධිකරණයක් නැතිව කොහොමද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නේ. මාස දෙකකට වැඩි කාලයක් ආරක්ෂක කවුන්සිලය රැස්වෙලත් නැහැ. අපේ ආන්ඩු කාලයේ හැම බදාදා දවසකම රැස්වුනා. පාර්ලිමේන්තු කාරක සභාවේ අරමුණ වෙලා තියෙන්නේ සියලු වගකිම් මෛත්‍රීපාල සිරිසේන මහතා පිට දමා අනෙක් සියලු දෙනා සුදනන් විමයි. ආරක්ෂාව ගැන කැක්කුමකින් කරන දෙයක් නෙවෙයි. මෙයින් රනිල්වික්‍රමසිංහ අගමැතිවරයාට ගැලවෙන්න හැකියාවක් නැහැ. 2018 දී සහරාන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් කැදවා තිබුණත් කිසිදු පියවරක් ගෙන නැහැ. එදා නීතිය හා සාමය භාරව තිබුනේ එජාපයේ ඇමැතිවරුන්ට. තේරීම් කාරක සබාවේද් ස්මන්තිරන් මන්ත්‍රීවරයා හා ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පුන පුන ප්‍රශ්න කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නාද කියලා විතරයි.අගමැතිවරයාට දැනුම්දුන්නාද කියලා කිසිවෙක් අහන්නේ නැහැ. ඒකෙන් කිසිම විශ්වාසදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න කිරීම ප්‍රශ්න සහගතයි. හරින් ප්‍රනාන්දු කියන විදියට ගැට ගහගෙන යනවා වෙනුවට රටේ ආරක්ෂාව හා ආර්ථිකයගැන හිතලා රජය තීන්දු තිරණ ගත යුතුයි.ගිය සතියේ රජයේ සුරැකුම්වල විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් ඒ කියන්නේ මිලියන 4500ක් රටෙන් ගිහින්. රටේ ආර්තීකය කඩා වැටිලා කියන එක එයින් පේනවා. පරිසරය ආරක්ෂා කරන්න කියලා වඩු මඩු වසා දමන්න හදනවා. පරිසරය ආරක්ෂා කරන අතරේ මිනිසුන්ගේ ජිවනෝපාය ආරක්ෂා කරන වැඩපිළීවෙලකටයි එළැඹෙන්න ඕනේ. මේ සම්පූර්ණයෙන් උමතුවෙන් කරගෙන යන වැඩපිළීවෙලක්. මේකට විසදුම මාස පහක් ගැට ගසා ගැනීම නෙවෙයි. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන රට පාලනය කරන්න හැකි අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට ජනතාවට ඉඩ දිීමයි කළ යුත්තේ.

පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන මහතා
අප්‍රියෙල් මාසේ 21 වැනිදා වුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ඔලුව ඔසවා ගැනීමට නොහැකිව සිටින ආන්ඩුව අද වෙද්දි තවත් අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දීලා. විධායකය හා ව්‍යවස්ථාදයකය අතර මහා පරිමාන ගැටුමක් වේ වෙද්දි ඇති වෙලා. ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුවේ කතානායකවරයා දැන් මහා මත ගැටුමක. ඊට ප්‍රදාන සාධකය පාර්ලිමේන්තුවේ පත්කරපු තේරීම් කාරක සභාව. තේරිම් කාරක සභාව පත්කලේ කතානායක කරූ ජයසුරිය මහතා. තේරීම් කාරක සභාවනියෝජනය වෙන්නේ එක පාර්ශිවයක් විතරයි. සාමාන්‍යයෙන් ආණ්ඩු හා විපක්ෂ කියන දෙපාර්ශවය තේරීම් කාරක සභාව නියෝජනය කළ යුතුයි. මේ තේරීම් කාරක සභාවේ විපක්ෂය නැහැ. ආණ්ඩුව විතරයි. විපක්ෂය කියලා පෙන්න ගහගෙන පිටුපස්සෙන් ආණ්ඩුවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ඉන්නවා. දැන් ඒ තේරීම් කාරක සභාව නාටකයක් වෙලා. ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා තේරීම් කාරක සභාවට තමන් යටතේ ඉන්න කිසිමනිලධාරියෙක්ට සහභාගි වෙන්න දෙන්නේ නැති බව කියනවා. ඒ කියන්නේ ත්‍රිවිද හමුදාව මෙන්ම ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් කටයුතුකරන සියලු අංශ නියෝජනය වන පොලීසිය තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ජනාධපිතිවරයා නිලධාරීන්ට කියනවා ඒ අයගේ වගකීම තමන් භාරගන්න බව. කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියනවා පාර්ලිමේන්තුවේ කැදවීමට අවනත නොවුනොත්ප්‍රති විපාක විදින්න වෙයි කියනවා. ඒ කියන්නේ  තිස් වසරක යුද්ධිය අවසන් කරන්න මැදි වුනු ආරක්ෂක අංශයට දොලොවක් අතර ඉන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. තේරීම් කාරක සබාවට ආවත් ප්‍රශ්නයක්. නාවත් ප්‍රශ්නයක්. නිලධාරීන් කැදවීමේ බලය තේරීම් කාරක සභාවට ඇති බව කතානායකවරයා කියනවා. කසාද බැදපු ජෝඩුවක් කාලයක් යද්දි ප්‍රශ්න ඇතිවෙන කොට උසාවි ගිහින් දික්කසාද නඩුවක් යනවා. අවසානයේ මේ ජෝඩුවට එක දරුවෙක් හරි ඉන්නවා නම් ඒ දරුවාව අම්මා වම් අතෙන් අදිනවා. තාත්තා දකුණු අතෙන් අදිනවා. දෙන්නම අයිතිය කියනවා. ඒකෙන් හානිය වෙන්නේ දරුවාටයි. ඒ විදියට කතානායකවරයාගෙයි ජනාධිපතිවරයාගෙයි කඹ ඇදිල්ලෙන් වෙන්නේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන කටුයුතු අඩාල වෙන එකයි වෙන්නේ. මෙයට සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් අල්ලන එක යට යනවා. බුද්ධි අංශ නිලධාරින්ගේ මනස වැඩකරන්නේ කොයි වෙලේ තේරීම් කාරක සභාවට අඩගහාවිද කියලයි. මග සිටියත් ගෙදර ගියත් නසින එකයි වෙන්නේ.මේ නරිනාකටයේ තවත් භයානක තත්ත්වයක් තියෙනවා. අද මාධ්‍ය වාර්තා කරනවා අයි. එස්. අයි. එස් ක්‍රියාකාරම් සම්බන්දයෙන් ඉන්දියාවෙන් තවත් අනතුරු ඇඟවිමක්. දුරකතනඅංක පහකුත් ආරක්ෂක අංශ අතට දීලා. මේ තේරීම් කාරක සභා නාටකය දිනපතා පෙන්වමින් බුද්ධි අංශ අසරණ කරන එකෙන් වෙන්නේ තවත් මිනිස් ජිවිත නැතිකරන බෝම්බයකට පාර කැපීමයි. රටම මේ දිහා බලාගෙන ඉන්නවා. යම් සිද්ධියක් ඇති වුනොත් විධායකයේ හා ව්‍යවස්ථාදාකයේ බේරා ගත නොහැකි රණ්ඩුවයි වග කියන්න ඕනේ.
අපි මේ සිද්ධි කළින් කිව්වා. මේ අය අද නයි මුගටි වුනාට එදා හිටියේ එක වේදිකාවේ. මෛත්‍රී පාල සිරිසේන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ අගමැති, කරූ ජයසූරිය කතානායක, සාක්ෂි දෙන පොලිස්පති පූජිත ජයසුන්දර, ජවිපේ අනුර කුමාර ඇතුලු ගෝලබාලයෝ එකතු වෙලයි මේ කැද හැලිය හැදුවේ. කැද හැලිය හදන විට අපි උගුර ලේ රහ වෙනකල් කිව්වා මේ දීගය ගැලපෙන්නේ නැහැ. රටයි විනාශ වෙන්නේ කියලා. පොල්ගෙඩිය බින්දාම බෑ දෙකයි. පොල් ගෑවට පස්සෙත් ගෑනු බෑයයි, පිරිමි බෑයයි සෙට් වෙනවා. පිරිමි බෑයවල් දෙකක් සෙට් වෙන්නේ නැහැනේ. ඒ වගේ ගැලපෙන්නේ නැති දීගයක් වුනේ. ඒ දීගෙන් මුලු රටම අද විනාශ වෙනවා.
පුලුවන් නම් රටේ අප්පිරිය වුනු අයගේ රියලිටි ෂෝ එකක් කරන්න. මේ අය අනිවාර්යයෙන් තේරෙනවා. දැන් සිරිකොත ඇතුලෙත් අර්බුදයක්. මේ වෙද්දි මුස්ලිම් ජනතාව නියෝජනය කරපු ඇමැතිවරු ඉවත් වෙලා කැබිනෙට්ටුව පුරප්පාඩු වෙලා. එජාපයේ කිසිම දවසක ඇමැතිකමක වාඩි වෙන්න බැරිව හිටපු අය අන්තිම මොහොතේ හරි ඇමැතිකමකට එන්න දගලනවා.දැන් අගමැතිවරයාට දිගින් දිගටම ඉල්ලීම් එනවා. ඒ අස්සේ ඉවත් වුනු අයගේ හොද හොද කෑලී ඉවත් වුනු අය එනකල් අපිට දෙන්නයි හොද කෑලී බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉල්ලනවා. කොහොමත් දැන් ඔක්තෝම්බර් වෙද්දි පොදු හරි එකමුතු වෙලා හරි පක්ෂයෙන් හරි ජනාධිපතිවරයෙක් අපේක්ෂකයෙක් දාන්න ඕනේ. සමහරු දැන් අපේක්ෂක ඇඳුම ඇදලා. සමහරු භාගෙට ඇදලා. මේ දිහා වික්‍රමසිංහ මහත්තයා බලාගෙන ඉන්නවා. වෙන කෙනෙක්ව දාලා පක්ෂ නායකකමත් නැති කරගන්නවාද, මහ මැතිවරණයකට ගිහින් විපක්ෂනායකකමසහ පක්ෂ ායකකම රැකගන්නවාද කියලා ඔහු හිතනවා. ඒ අතරේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයාව ඉල්ලනවා. දාගත්තොත් මරු බඩුව. ඒ අතරේ කොන්ඬේ මෝස්තරය වෙනස් කරලා කණා්නාඩිය එහෙම වෙනස් කරගෙන පරිනතභාවයක් ආරෝපනය කරගෙන චම්පික මහත්තයාත් යනවා. දැන් සිරිකොත ඇතුලේ ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් තෙරපෙන්නේ රටේ ජනතාවයි. මේ ආණ්ඩුවට යන්න බැහැ. මාධ්‍ය ආයතන ගිහින් රටේ ආර්ථිකය ගැනබලන්න. වෙරළ තීරයට ඔබේ කැමරාව ගෙනියන්න. පාලු සොහොන් පිටි වගේ. සුදු මහත්තරු දකින්නවත් නැහැ. සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන් කඩා වැටිලා. රට එහෙම පිටින්ම අරාජික වෙලා.එල්ලෙන්න වැල් නැතිව ඉන්න අයගේ ලීමඩු ටික වහන්නලු ඒ අතරේ. මෙහෙම ආණ්ඩු තියෙනවා. එහෙම දේවල් වෙද්දි නොයෙකුත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මංගල සමරවිර මුදල් ඇමැතිවරයා කතුරට බෙල්ල දුන්නා දඩා ගමගේ ඇමැතිවරයාගේ. ලක්ෂ හයකට සමෘද්ධිය දේශපාලනික තේරීමක් මත ලබාදීමක් කළා. සුදුසුකම වුනේ අලියා සාමාජිකත්වය. මම මුදල් ඇමැති නිසා මුදල් වෙන් කරනවා. අහු වෙන්නේ දයා ගමගේ. දැන් පටන් ගන්නේ ටීෂර්ට්වලින්. සමෘද්ධි ප්‍රතිලාභියා ඉතිරිකළ මුදලින් බස් අරන් යන්න ඕනේ. කටවුට් ගහන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් එවන ලයිස්තුව වෙනුවට ගමේ එජාප නියෝජිතයාගේ නාමලේඛණයට සමෘද්ධි දෙනවා. තොප්පිය වැටෙන්නේ දයා ගමගේ ඔලුවටයි. බට බෙදලා, සමෘද්ධිලාභියාට රුපියල් 2500ක් දීලා බැසිල් රාජපක්ෂ මහතා හිරේ හිටියා. ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලිව කිව්වා අපි සමෘද්ධිය දෙන්නේ එජාප පාක්ෂිකයාට විතරයි කියලා. ඒ නිසා දයා ගමගේ ඇමැතිුමන්ට ලෑස්ති වෙන්න වෙයි ආන්ඩු මාරුවුනාම උත්තර දෙන්න. දුප්පත්කම නැති කරන්න ආපු ආණ්ඩුවක් සමෘද්ධිලාභින් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ රටේ දිලිදුකම නැතිබැරිකම වැඩිවෙලාකියන පණිවිඩයයි ආන්ඩුව දෙන්නේ. සමෘද්ධිය දේශපාලනයට මැදිකරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකියන්න වෙනවා.
මංගල සමරවිර උත්සාහ කළා සිංහල බෞද්ධකමට ගහන්න. දැන් ආයෙත් පන්සල් ගානේ යනවා. සිංහල බෞද්ධකමට අගෞරව කිරීම, මැලිකම් රංජිත් අගරදගුරුවරයාට අපහාස කිරිම ආදිය නිසා මේ මංගල සමරවීර ඇමැතිවරයාට ජනතාව ඉදිරි මැතිවරණයේදී නිසි පියවර දෙන බව විශ්වාසයි.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress