ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි නඩු පැවරුවේ රාධා සොතියා ඉම්රාන් පාන්ඩියන් සහ මාලති ඒකක වල කොටි… මුදලට අලෙවිවන සිංහල කොටි සාක්කිකරුවන් ස්විස්ටර්ලන්තයේ….
Posted on July 7th, 2019

උපුටා ගැන්ම දිවයින

arakshawa1

 ⋆ නඩුගොනුවට බොරු නම් ඇතුළත් කරලා
 ⋆ ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියකුට සහ රහස් පොලිසියේ ඉහළම විමර්ශකයාට එල්ල වූ චෝදනා රජයේ මාධ්‍ය සහරාන්ල වසන් කරයි
 ⋆ නඩු වාර්තාවට කුණුහරුපත් ඇතුලත් කරලා


 “ඇමරිකානු සී අයි ඒ සංවිධානය ත‍්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව වධහිංසා පැමිණවීම් ඇතුළු සිදුකළ අපරාධ ගැන යුක්තිය ඉටුකළ යුතුයි” – ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ඇමරිකානු විධායක අධ්‍යක්‍ෂක ස්ටීවන් හෝකින්ස්

 “වධහිංසා පැමිණවීම් ගැන චෝදනා එල්ලවුවත් චෝදනා ගොනුකිරීමට සාක්‍ෂි නොමැතිවීම නිසා දඬුවම් කිරීම් සිදුකළ නොහැකියි… – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව



arakshawa2

 ස්විස්ටර්ලන්තයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක තැන්පත් කර ඇති කොටි ජාත්‍යන්තර අරමුදල ප‍්‍රෑන්ක් බිලියන දෙකකට අධිකය. එහෙත් කොටි සංවිධානය තහනම් සංවිධානයක් නොවන බවට ස්විස් අධිකරණයක දී දුන් තීන්දුවක් නිසා කොටි ඩයස්පෝරාව ජිනීවා නුවරදී ශ‍්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය මෙහෙයුම් රැසක් දියත් කරන්නේ මේ ධනබලය නිසාය.

 2019 මැයි 18 දා කොටි නායකත්වය නොසිතූ ලෙස පරාජය වීම නිසා කොටි ඩයස්පෝරාව අතිවිශාල මුදලක් ලබාදී ශ‍්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමේ කොන්ත‍්‍රාත්තුව එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකාට පැවරීමට කි‍්‍රයාකළේය.

 මේ කොන්ත‍්‍රාත්තුව ඉටුකිරීම සඳහා මෙරටින් යුරෝපයට පැනගිය ද්‍රෝහී සිංහලයන් කීපදෙනෙක් සහ කොටි ත‍්‍රස්තවාදීන් 75 ක් බොරු සාක්කිදීමට ඉදිරිපත් වී ඇත. මොවුන් ප‍්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය යන රටවල පදිංචිව සිටිති. මේ කොටි ත‍්‍රස්තවාදී කණ්ඩායම කවුදැයි අපි 2016 වසරේදී අප විශේෂයෙන් හෙළිකළෙමු. මේ කොටි පිරිස රාධා – සොතියා – ඉම්රාන්, පාන්ඩියන්, මාලති වැනි කොටි ඒකකවල සේවය කළ අයයි. ඊට අමතරව කොටි ටොසි බුද්ධි සේවාව – නිදර්ශනම් කොටි රූපවාහිනිය, කොටි මහලේකම් කාර්යාලය ඇතුළු තවත් කොටි බලමුළුවල සේවය කළ පිරිසද මෙම හැත්තෑපස් දෙනාගේ පිරිසට අයත් විය.

 යස්මින් සුකා මේ කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් සාක්‍ෂි ලබාගෙන ඇගේ කාර්යාලයේ සේවය කරන පාරස් අබ්බාස් ලවා ඉදිරි මෙහෙයුම් සඳහා පරිගණක ගතකිරීමට කි‍්‍රයාකළාය.

 ඉන්පසු මේ කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් සාක්‍ෂි ලබාගැනීමට හැකිවීම ගැන සුකා මෙලෙස පැවසුවාය.

 “අපට අරමුදල් ලබාදුන් නිසා බොහොමක් සතුටකි. 

 එහෙත් මේ අරමුදල් ලබාදුන්නේ කවුදැයි යස්මින් සුකා හෙළිකළේ නැත. එසේවුවත් සුකාට අරමුදල් ලබාදුන්නේ කොටි ඩයස්පෝරාව බව හෙළිවිය. ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ වාර්තා 70 ක් ඉදිරිපත් කිරීමත් ලන්ඩන් නුවරට ගොස් රැස්වීම් පැවැත්වීම සහ ස්පාඤ්ඤ නීතිවේදී කැස්ටෙනා ලවා හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව ලතින් ඇමරිකානු අධිකරණවල නඩු පැවරීම ඇතුළු කි‍්‍රයාදාමයන් රැසක් මෙහෙයවීමට වැයවූයේ ඩයස්පෝරා මුදල්ය.

 එසේම යස්මින් සුකාගේ ශ‍්‍රී ලංකා විරෝධි මෙහෙයුම්වලට දකුණු අපි‍්‍රකානු රජය සහ යුරෝපා සංගමයද අරමුදල් සපයනු ලැබීය.

 2017 අගෝස්තු මාසයේදී ඇය සර්වලෝක අධිකරණ බලය මත වධහිංසා පැමිණවීමේ චෝදනා හිටපු හමුදාපති ජගත් ජයසූරියට එල්ල කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබාගැනීමට උත්සාහ කළාය.

 ඉන්පසු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්වීමක් පැවැත්වූ සුකා රියර් අද්මිරාල් සරත් වීරසේකර නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටියාය.

 වන්නි මෙහෙයුමෙන් 40000 ක් මියගිය බව හරියටම කියන්නේ කෙසේද?

 ඒ සඳහා සාක්‍ෂි කෝ යයි රියර් අද්මිරාල් නැගූ ප‍්‍රශ්නයට සුකා පිළිතුරු දුන්නේ නැත. මේ ඉන්දීය සම්භවයක් ඇති දකුණු අපි‍්‍රකානු කාන්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණයේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් පිරිවරාගෙනය. මේ බව අපි සියැසින් දුටුවෙමු.

 මෙවන් පසුබිමක් මැද පසුගිය ජුනි 26 දා යස්මින් සුකා වධහිංසා පැමිණවීමේ කි‍්‍රයා පරිපාටිය මැද ජනාධිපතිධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ශ‍්‍රී ලාංකිකයන් දසදෙනෙක් නඩු ගොනුකර ඇති බව කියා සිටියාය.

 හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව කැලිපෝනියා අධිකරණය වෙත පැමිණිලිකර ඇති පිරිස කවුදැයි සුකා හෙළිකළාය. මේ එම කණ්ඩායමයි.

 රෝයි මනෝජ් සාමාද්‍රානම් – කැනඩා පුරවැසියෙකි.

 රමේෂ් දේවරාජන් – දෙමළ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු ලෙසට හඳුන්වා ඇත.

 ශාන්ති පද්මනාදන් – රජයට එරෙහිව විරෝධතා පැවැත්වූ තරුණ දෙමළ කාන්තාවක් ලෙසට දන්වා තිබේ.

 නිමල් ජයසූරිය – සිංහල මානව හිමිකම් කි‍්‍රයාකාරියකු බවට සඳහන් කර ඇත.

 විද්‍යා ජයකුමාර් – කොටි සිවිල් සේවිකාවකි.

 සමන් පෙරේරා – සිංහල හමුදා භටයෙකි. කොටින්ට සහයවූ බවට චෝදනා එල්ලවී තිබුණි.

 මයුරන් රාජ්කුමාර් – කොටින්ට උදව් කළ ගුරුවරයෙකි.

 සෙන්දිල් පුවනෙස්වරන් – බි‍්‍රතාන්‍යයේ පදිංචිකරුවෙකි.

 වසන්ති රත්නසිංහම් – කොටි මූල්‍ය අංශයේ සේවය කළ තැනැත්තියකි.

 රමනන් සිවලිංගම් – මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකි.

arakshawa3

 එහෙත් මේ පැමිණිලිකරුවන්ගේ නම් බොරු බව තහවුරු විය. ස්කොට් ගිල්මෝර් නැමැති ඇමරිකානු නීතිවේදියා ප‍්‍රමුඛ ගවුස් පෙල්ඞ් නැමැති නීතිවේදී සමාගම ගොනුකළ මේ නඩුවල නියම නම් වෙනුවට ව්‍යාජ නම් යොදා නඩු පැවරීමක් කළ හැකිද?

 මේ නඩු පැවරීම ශ‍්‍රී ලංකාවට වාර්තාවීමත් සමගම වඩාත්ම සතුටට පත්වූයේ රාජ්‍ය නොවන කි‍්‍රයාකාරිනියක් සමඟ දැඩි සබඳකම් පවත්වන රජයේ ඉංග‍්‍රිසි පුවත්පතක් මෙහෙයවන්නියකි. ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සමාන්තර රැස්වීමකට පැමිණියේ එම රාජ්‍ය නොවන සංවිධාන නායිකාව සමගය.

 මේ පසුබිම මැද පිටු 64 කින් සමන්විත හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහි නඩුගොනුවේ සඳහන් වූ නම් තුනක් ගැන ජනතාවට හෙළිදරව් කිරීමට රජයේ ඉංග‍්‍රීසි පුවත්පත මෙහෙයවන්නිය කි‍්‍රයාකළේ නැත. ඇය එම නම් වසන් කළේ ඉන් ගෝඨාභායට එරෙහි මෙහෙයුම්වලට අවාසි වන නිසාය. මේ නඩුගොනුවෙන් යුද හමුදාවේ මේජර්වරයකු වූ මෙන්ම ත‍්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් නිලධාරි ප‍්‍රසන්න අල්විස්ට සහ රහස් පොලිසියේ ඉහළම විමර්ශන නිලධාරියකු වූ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ද ත‍්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් පරීක්‍ෂක පීරිස්ටද චෝදනා එල්ල කර තිබේ.

 එහි 23 වැනි පිටුවේ රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා ගැන සඳහන් කර ඇත.

 ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ රමේෂ් තේවරාජන් නැමැත්තෙකි. රමේෂ් තේවරාජන් යන බොරු නමින් පෙනී සිටින එම පැමිණිලිකරු 2009 වසරේ තමාව අත්අඩංගුවට ගත් බව කියා සිටියි.

 මෙම නඩු ගොනුවේ අසභ්‍ය සිංහල වචන කීපයක්ද ඇතුළත්වී ඇත. නඩු ගොනුවට සම්බන්ධ බොනි ස්මිත් – ස්ටෙප්නි වෝ, මිචෙල් ගවුස් සෙල්ට් සහ ස්කොට් ගිල්මෝර් යන නීතිවේදීන් හෝ නඩු පැවරීමට මුල්වූ යස්මින් සුකා සිංහල අසභ්‍ය වචන ගැන දන්නේ නැත.

 එසේ නම් මේ නඩු ගොනුවට සිංහල අසභ්‍ය වචන ඇතුළත් කළේ කවුද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී යස්මින් සුකා සමග එක්ව කටයුතු කළ සිංහල ද්‍රෝහියකු අපි දුටුවෙමු. මේ ද්‍රෝහියා හිටපු කැරලිකරුවෙකි. ඔහු එම වචන ඇතුළත් කිරීමේ මූලිකයා බව හෙළිවී ඇත.

 මෙලෙස රහස් පොලිසියේ විමර්ශකයාට එරෙහිව පැමිණිලි කරන රමේෂ් තේවරාජන් සහන සේවාවන්ට සම්බන්ධ කි‍්‍රයාකාරියකු යැයි කියා සිටියි. රමේෂ් නිදහස්වීමෙන් පසු යුරෝපා රටකට පැනගොස් තිබේ. ඉන්පසු රමේෂ් ඇතුළු එම පැමිණිලිකරුවන්ව සොයාගෙන ඇත්තේ යස්මින් සුකායි.

 තවත් පැමිණිලිකරුවකුවූ නිමල් ජයසූරිය නමින් පෙනී සිටින සිංහලයකු යයි හඳුන්වාගන්නා තැනැත්තාගේ පසුබිම තුළින් ප‍්‍රශ්න රැසක් මතුකරයි.

arakshawa4

 දූෂණ කි‍්‍රයාවලට එරෙහි තමා සිවා නැමැති ද්‍රවිඩයකු සමග මිත‍්‍ර සබඳතා ඇති කරගත් බවත් මහින්ද රාජපක්‍ෂ පාලනය සමයේ දූෂණ වලට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව කි‍්‍රයාකිරීම අනතුරුදායක බවත් ඔහු කියා සිටියි.

 නිමල් ජයසූරිය මෙන්ම සමන් පෙරේරා නැමැති බොරු නම්වලින් පෙනී සිටින පැමිණිලිකරුවන් හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව පැමිණ නඩුවලින් දක්වා ඇත්තේ රහස් පොලිසියේ හතර වැනි තට්ටුවේදී සහ ත‍්‍රස්ත මර්දන ඒකකයේදී තමන් බරපතල අයුරින් වධහිංසාවට ලක්වූ බවත් එවන් සිදුවීම්වලට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ බවත්ය. එහෙත් මේ පැමිණිලිකරුවන් කිසිවෙකු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි නැත.

 මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් මොවුන් ඇමරිකානු අධිකරණය හමුවේ නඩු පැවරීමට වසර 10 ක් සිටියේ මන්ද සහ ඇමරිකාව වැනි රටක නඩුවක් ගොනු කිරීමට මොවුන්ට මුදල් ලැබුණේ කෙසේද යන්නයි.

 එම නඩුවලින් ඔවුන් ඉල්ලා ඇත්තේ සියළුම වන්දි හා අනිකුත් ගාස්තු ලබාදෙන ලෙසයි.

 එසේම මේ කොටි හිතවාදීන් වෙනුවෙන් පෙනී සිටින ප‍්‍රධානතම නීතිවේදී ස්කොට් ගිල්මෝර් හිටපු ඇමරිකානු මාධ්‍යවේදී මාරි කොල්වින් සිරියාවේදී හමුදා ප‍්‍රහාරයකින් මරුමුවට පත්වීමේ සිද්ධිය ගැන සිරියානු රජයට එරෙහිව නඩු පවරා ඇමරිකානු අධිකරණය මගින් ඩොලර් මිලියන 303.6 ක වන්දියක් ලබාගැනීමට මුල්වූ අයෙකි.

 මාරි කොල්වින් සිරියානු ගරිල්ලන් සමග එක්වී හොරෙන් සිරියාවට ඇතුළු වී සිටියදී එල්ලවූ ගුවන් ප‍්‍රහාරයකින් මරුමුවට පත්විය.

 ඇය වව්නියාවේ සිට කොටි අඩවියට හොරෙන් ගොස් ආපසු අලූයම් කාලයේ හමුදා කඳවුරක් අසලට පැමිණීමේදී වෙඩි පහරකට ලක්වීමෙන් ඇගේ එක් ඇසක් තුවාල ලැබීය. එහෙත් ඇය එදා සිටි ආරක්‍ෂක ලේකම්ට එරෙහිව නඩු පැවරුවේ නැත.

 මෙවර කොටි හිතවාදීන් හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව නඩු ගොනුකර ඇත්තේ වධහිංසාවට ලක්වූවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේයි. එහෙත් මේ පනත යටතේ ඇෆ්ගනිස්ථානයේ හෝ ඉරාකයේදී සිවිල් වැසියන්ට එරෙහිව වධහිංසා පැමිණවූ ඇමරිකානු භටයන්ට එරෙහිව කි‍්‍රයාකිරීමෙන් වැලකී ඇත.

 මේ අතර ජුනි 26 දා මෙම නඩු ගොනුවීමට පෙර ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීතිපති ඬේවිට් රයිබික් එරට කොන්ග‍්‍රස් කමිටුවක් හමුවේ ප‍්‍රකාශයක් කරමින් ද්විත්ව පුරවැසි ඇති ශ‍්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට වධහිංසා සිදුකිරීම හා යුද අපරාධ චෝදනා එල්ලවී තිබේ නම් ඒ ගැන විමර්ශනය කිරීමට හැකි කි‍්‍රයාදාමයන් ඇමරිකාවට ඇති බව කියා සිටියේය.

 කොංග‍්‍රස් නියෝජිත ජිම් මැක්ගවරින්ද ප‍්‍රකාශයක් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ ඇමරිකානු පුරවැසියෙක් බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ග‍්‍රීන්කාඞ්පත් හිමියකු බවත් ප‍්‍රකාශ කර ඇත.

 එසේම ඇමරිකාවේ කි‍්‍රයාත්මක වන සෙන්ටර් ෆෝ ජස්ටින් ඇන්ඞ් එකවුන්ටබිලිටි නැමැති සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ඩික්සන් ඔස්බර්න් නැමැත්තකු ඉදිරිපත්වී ඝාතනයට ලක්වූ හිටපු මාධ්‍යවේදී වික‍්‍රමතුංගගේ දියණිය වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳ ටොට් ලැන්ටස් කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. අහිංසා වික‍්‍රමතුංග විසින් හිටපු ආරක්‍ෂක ලේකම්ට එරෙහිව නඩුවක් ගොනුකර ඇති අවස්ථාවේ ඇය නියෝජනය කරමින් එන්.ජී. ඕ ප‍්‍රධානියකු වන ඔස්බර්න් ඇමරිකානු කොමිසමක් ඉදිරියේ කරුණු දක්වන්නේ කෙසේද?

 මේ නිසා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පිළිබඳව ඇමරිකානු නියෝජ්‍ය නීතිපති ඬේවිඞ් රයිබින් කළ ප‍්‍රකාශයේ සිට අළුතින් නඩු 10 ක් ගොනුවීම දක්වා සිදුවීම් එකිනෙකට බැඳී ඇත.

 මෙවන් පසුබිමක් මැද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ශ‍්‍රී ලාංකික දසදෙනෙක් යයි දක්වමින් යුරෝපයේ සහ කැනඩාවේ දේශපාලන රැකවරණ ලබාසිටින දසදෙනා ගොනු කළ නඩු වාර්තාවේ දැක්වෙන ඇතැම් කරුණු රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක් මෙහෙයවන තැනැත්තිය වසන් කළත් යස්මින් සුකා එම කරුණු වසන් කළේ නැත. ඇය මේ වාර්තාවෙන් රහස් පොලිසියේ ඉහළම විමර්ශන නිශාන්ත සිල්වාට සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප‍්‍රධානි ප‍්‍රසන්න අල්විස්ට සෘජුව චෝදනා කර ඇත. එහෙත් ඇය එම නිලධාරීන්ගෙන් මේ චෝදනා ඇත්තක්දැයි විමසා නැත.

 සුකා මෙසේද කීවාය.

 “ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානි ප‍්‍රසන්න අල්විස්ට සෘජුවම ගෝඨාභය රාජපක්‍ෂගෙන් උපදෙස් ලැබුණු බවට චෝදනා එල්ලවී ඇත. හමුදා බුද්ධි අංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ විශේෂ බුද්ධි සේවාව මෙලෙස වධහිංසා සිදුකිරීමට වගකිව යුතුයි.

 එසේම මෙම රාජ්‍ය ආයතන පාලනය කළේ හිටපු ආරක්‍ෂක ලේකම් නිසා ඔහු පැමිණිලිකරුවන් එල්ල කරන චෝදනාවලට වගකිවයුතු බවද යස්මින් සුකා තවදුරටත් දක්වා ඇත.

 මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටින ආර්නෝල්ඞ් ඇන්ඞ් පෝටර් සමාගමේ නීතිවේදී ජෝන් උලින් පවසන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් රාජ්‍ය නිලධාරියකු නිසා ඔහුට මුක්තිය හිමිවන බැවින් මේ නඩු ප‍්‍රතික්‍ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.

arakshawa5

 එහෙත් ඇෆ්ගනිස්ථානයේ සිටි ඇමරිකානු සෙබලූන් තාලිබාන් ඇතුළු සිවිල් වැසියන්ට වධහිංසා පැමිණවීම් ගැන චෝදනා එල්ලවුවත් යස්මින් සුකා ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රම්ස්පීල්ඞ්ට එරෙහිව ඇෆ්ගන් සිවිල් වැසියන් එකතු කර නඩු ගොනු කිරීමට කි‍්‍රයාකළේ නැත.

 තමාට එරෙහිව ගොනු වී ඇති නඩු පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසන්නේ එම චෝදනා පදනම් රහිත බවයි. තමා එවන් වධහිංසා පමුණුවා නැතැයිද හෙතෙම තවදුරටත් දක්වා ඇත.

 පසුගිය අපේ‍්‍රල් 21 දා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය ගැන ප‍්‍රතිචාර දක්වන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙසේද පවසා තිබේ.

 “මගේ සමයේ අන්තවාදී කි‍්‍රයා නිරීක්‍ෂණය කිරීමට විශේෂ හමුදා බුද්ධි ඒකකයක් ස්ථාපිත කළා. විශේෂයෙන් අන්තර්ජාලය හරහා සිදුවන කි‍්‍රයාදාමයන් නිරීක්‍ෂණය කිරීමට අරාබි භාෂාව කතාකරන ඒජන්තවරු බඳවාගෙන ජිහාද් කි‍්‍රයාකාරීන් හඳුනාගැනීමට කි‍්‍රයාකළා. මේ සඳහා හමුදා නිලධාරියකු ඇමරිකාවට යවා පුහුණුවක් දුන්නා. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු එවැනි ඒකක කීපයක් අහෝසි කළා…

 මේ අතර ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ගොනුකර ඇති නඩුවෙන් ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියාට සෘජුවම උපදෙස් ලැබුණ බවට යස්මින් සුකා තහවුරු කළේ කෙසේද?

 මෙයට සමාන ප‍්‍රකාශයක් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයටද ඉදිරිපත්වී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කොටි හමුදා නායකයන්ව මරාදමන ලෙස 58 වැනි සේනාංකයේ ප‍්‍රධානියාව සිටි ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළ බව තමාට ඇසුණේ යයි හිටපු මාධ්‍ය පාර්ශවයක් පවසා තිබුණි.

 මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියාට සහ ශවේන්ද්‍ර සිල්වාට නියෝග දුන්නේ මහහඬින් සැමටම ඇසෙන ලෙසද?

 මේ පසුබිම මත මුදලට අලෙවි වන කොටි හිතවාදී සිංහල සාක්‍ෂිකරුවන් රැසක් ස්විස්ටර්ලන්තයේ සිටිති. මොවුන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ගනිති. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ගැවසෙන සංචාරකයන් වෙත දේශපාලන සිරකරුවන් මුදාහරිනු නමින් පති‍්‍රකා බෙදන අයුරු අපි දුටුවෙමු. මොවුන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ ගෝඨාභය මරන්න හැදූ නිසා පැන ආ බවයි. එහෙත් මේ පාර්ශව බොරු ලියවිලි මත ස්විස්ටර්ලන්තයට පැමිණ දේශපාලන රැකවරණ ලබාගෙන ඇතැයි අප කළ විමර්ශනයේදී හෙළිවිය.

 මේ අතර ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව මුලින්ම නඩුවක් ගොනුකළේ මුහුන්දන් නැමැති කොටියා සමග සබඳකම් පැවැත්වූ කැනඩාවේ පදිංචිකරුවකු වන රෝයි මනෝජ්කුමාර් සමානායගම්ය. මෙරට හොර රහසේ ජී.පී.එස් උපාංග ගෙනඑද්දී අසුවූ ඔහු අධිකරණය විසින් රුපියල් පන්ලක්‍ෂයක දඩයක් නියම කිරීමෙන් පසු 2010 ජූලි 25 වැනිදා නිදහස් විය. එහෙත් ඔහු යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු ගෝඨාභයට එරෙහිව නඩුවක් ගොනු කළේ නැත.

 ඔහු සහ ඔහු පසුබිමේ සිටින මෙරට කොටි හිතවාදීන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් අවස්ථාව එනතුරු බලා සිටියේය. මේ අවස්ථාව නම් ගෝඨාභය ජනපතිවරණයට ඉදිරිපත් වන බවට වාර්තා වීමයි. මේ රෝයි නැමැත්තාගේ මෙරට ලිපිනය ජා-ඇල නිවාසිපුරයේයි. ඔහු උතුරු පළාත් හිටපු මහ ඇමැති විග්නේශ්වරන්ද හමුවිය. ලන්ඩන් නුවරට ගිය රෝයි එහිදී බීබීසී වාර්තාකාරී ප‍්‍රාන්සස් හැරිසන් සහ ඊළාම්වාදීන්ද හමුවූ සාකච්ඡා කර ඇත. මෙරටදී ඔහු හිටපු හමුදා ප‍්‍රධානියකු හමුවී තිබේ. එහෙත් ඔහු තම නඩුවට එම හමුදා ප‍්‍රධානියාගේ නම ඇතුලත් කළේ නැත. එසේ නම් මේ නඩු දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් නොවේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress