බඳවා ගැනීමේ පටිපටිය උල්ලංඝණය කරමින්, ජාතික සේවක සංගමයට සාමාජිකයින් බදවා දුන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට පමණක් වැඩබැලීමේ සමෘද්ධි කළමණාකරු පත්වීම ලබා දීම වහා අත්හිටවන ලෙස ඉල්ලා සිටීම.
Posted on August 7th, 2019

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය

ජනමාධ් නිවේදනයයි
ලේකම්,
රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්යාංශය.
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

බඳවා ගැනීමේ පටිපටිය උල්ලංඝණය කරමින්, ජාතික සේවක සංගමයට සාමාජිකයින් බදවා දුන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට පමණක් වැඩබැලීමේ සමෘද්ධි කළමණාකරු පත්වීම ලබා දීම වහා අත්හිටවන ලෙස ඉල්ලා සිටීම.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර එවන ලද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය සම්බන්ව ඔබගේ විශේෂ අවධානය මෙයින් යොමු කරවමු.

02. උපාධිය සම්පුර්ණ කරන ලද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 146 ආසන්න පිරිසක් දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම සමෘද්ධි සංවර්ධන නිලධාරී තනතුරෙහි දැනට සේවයේ නියුතුව ඇත.
 
03. විධිමත් උසස්වීමේ පටිපාටියක් අනුමත වී තිබියදීත් උපාධිය සම්පුර්ණ කරන ලද ඉහත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු සියළු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් වෙත ආසන්න උසස්වීමේ අවස්ථාවක් සමෘද්ධි අධිකාරිය ස්ථාපිත කරන ලද 1995 සිට මේ වන තෙක් සිදු කර නොමැති අතර මෙයින් සියළු සමෘද්ධි සං.නිළධාරීන් දැඩි අසාධාරණයට ලක්ව ඇති බව කණාගාටුවෙන් වුවද අප මෙයින් දැනුම් දෙමු.

04. එසේ තිබියදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අභිමතය පරිදි අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය මුළුමනින්ම උල්ලංඝණය කරමින් උපාධිය සම්පුර්ණ කරන ලද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත පමණක් සම්මුඛ පරීක්ෂණයක් සිදු කර එයින් 45 දෙනෙකු වෙත පමණක් වැඩබලන සමෘද්ධි කළමණාකරු පත්වීම 2019.08.08 හෙට දින ලබා දීමට සැලසුම් කර ඇති බව අප වෙත තොරතුරු අනාවරණය වෙයි.

05. තවද වැඩබලන පත්වීමේ ලිපි ලබා ගැනීමට ප‍්‍රමුඛතාවය ලබා දීමට නම් ජාතික සේවක සංගමයට අනුයුක්ව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුල ස්ථාපිත වෘත්තීය සමිතිය වෙත උපාධිය සමත් එක්  නිලධාරියෙකු විසින් සාමාජිකයින් 20 දෙනෙකු බඳවා ගත යතු බවට ඉලක්කයක් වාචිකව ලබා දී ඇති අතර අදාල ඉලක්ක සම්පුර්ණ කරන ලද අයට පමණක් මෙම පත්වීම ලබා දීමට කටයුතු කරන බව සම්මුඛ පරීක්ෂණය වෙත පෙනී සිටි අය චෝදනා කරති.

06. මේ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය මුළුමනින්ම උල්ලංඝණය කරමින් දේශපාලන උවමනාව මත සිදු කරන මෙම පත්කිරීම වහා අවලංගු කර විධිමත් ක‍්‍රියාපටිපාටියකට අනුව සියළු සමෘද්ධි සංවර්ධන නිළධාරීන් වෙත උසස්වීමේ ක‍්‍රමවේදයක් කඩිනමින් ක‍්‍රියාත්මක කර උසස්වීම ලබා දෙන ලෙසට අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චාමර මද්දුම කළුගේ,
රධාන ලේකම්.

පිටපත – 01. සභාපති, රාජ්යසේවා කොමිෂන් සභාව..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress