වැන්දඹු අනත්දරු, වැන්දඹු පුරුෂ අනත්දරු දායක මුදල් වාර්තා ඉල්ලමින් විශ‍්‍රාමිකයින් පීඩාවට පත් කිරීම
Posted on August 7th, 2019

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

ගරු අමාත්,
රාජ් පරිපාලන හා කළමනාකරණ අමාත්යංශය,
කොළඹ 7

ගරු අමාත්යතුමනි,

වැන්දඹු අනත්දරු, වැන්දඹු පුරුෂ අනත්දරු දායක මුදල් වාර්තා ඉල්ලමින් විශරාමිකයින් පීඩාවට පත් කිරීම

මේ වන විට විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ‍්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් දින සිට විශ‍්‍රාම යන දිනය තෙක් දායක මුදල් අය කළ බැව් සඳහන් වාර්තා ඉදිරිපත් කරන ලෙස විශ‍්‍රාමිකයින්ට දන්වමින් ඔවුන් පීඩාවට පත්කිරීම පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමුකරවීමට කැමැත්තෙමු.

පිරිමි අයෙක් නම් රාජ්‍ය සේවයට බැඳුනු දා සිට ඔහුගේ වැටුපෙන් දායක මුදල් අය කිරීම අනිවාර්ය අතර, කාන්තාවක් නම් 1983.08.01 දිනෙන් පසුව බැඳුණු හැම අයෙකුගෙන්ම දායක මුදල් අය කිරීම අනිවාර්යවේ. ඊට පෙර බැඳුණු අය තමන් කැමැත්ත ප‍්‍රකාශ කර ඇත්නම් පමණක් අය කිරීම කළ යුතු අතර එය ආයතනික වැටුප් සකසන නිලධාරීන් සහ අදාල ගණකාධිකාරීන් විසින් සොයා බැලිය යුතු කටයුත්තක් බව අප පෙන්වා දෙමු.

රාජ්‍ය සේවකයින්ගෙන් බොහොමයක් දෙනා එකම සේවා ස්ථානයක පත්වීම් දින සිට විශ‍්‍රාම යනතෙක් සේවය නොකරන අතර ඔවුන්ට විවිධ රාජ්‍ය ආයතන තුළ හා රටේ විවිධ පළාත්වල තම සේවා කාලය තුළ රාජකාරි කටයුතුවල නියැලීමට සිදුවේ.

මෑතක සිට විශ‍්‍රාම යන සේවකයින්ගෙන් ඔවුන් පත්වීම් දින සිට විශ‍්‍රාම ගන්නා තෙක් අයකරන ලද දායක මුදල් වාර්තා ඉල්ලීම තුළ ඔවුන් ඉතාම පීඩාවට පත්ව ඇත. විවිධ පළාත්වල, විවිධ කාර්යාලවල සේවය කළ අයට එකී වාර්තා සෙවීම සඳහා විශ‍්‍රාම ගොස් රට වටේ යෑමට සිදුවීම කොතරම් බෙදජනක තත්ත්වයක් ද යන්න ඔබතුමන්ට වැටහෙනවා ඇත. එසේ රට වටේ ගිය ද සමහර කාර්යාල ඈවර කිරීමට ලක්ව හෝ වසා ඇති අතර වසර 30, 35 පමණ පරණ ලේඛන බොහෝ කාර්යාලවල නිසි සංරක්ෂණ වැඩපිළිවෙළක් නොමැති වීම නිසා විනාශ වී ඇත.

මෙම තත්ත්වය තුල අදාල වාර්තා ලබාගැනීම ඉතාම දුෂ්කර තත්වයක් නිසා දීර්ඝ කාලයක් රට වෙනුවෙන් සිය ශ‍්‍රමය වැගිරූ විශ‍්‍රාමික සේවකයා තම විශ‍්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිව මාස ගණන් කල්ගත කරන තත්වයට පත් කර ඇත. එසේ නොමැතිනම් විනාශ වූ ලේඛනවලට අදාල කාලයන් සඳහා දායක මුදල් සේවකයින්ට අතින් ගෙවීමට බල කෙරෙමින් ඇත.

මේ තත්ත්වය තුළ ආයතනවල නිලධාරීන්ද දැඩි පීඩාවට ලක්ව ඇත්තේ වසර 30, 35 වැනි පැරණි ලේඛන සෙවීමේදී ඇතිවන දුෂ්කරතාවය නිසාය.

මේ පිළිබඳ ඔබ තුමන්ගේ මැදිහත්වීම අපේක්ෂා කරන අතර, තවදුරටත් විශ‍්‍රාමිකයා රට වටේ යවමින් පීඩාවට පත් නොකර නිසි වේලාවට විශ‍්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ සලස්වා දෙන ලෙසත්, ආයතන තුළ නිලධාරීන්ද අපහසුතාවයට පත් නොකර නිසි ක‍්‍රමවේදයක් සැකසීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන අතර මේ පිළිබඳව සාකච්ඡා කර විසඳුමකට එලඹීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
කේ.ඞී. ලාල්කාන්ත
සභාපති

සේනක මහින්ද ජයසිංහ
ලේකම්

පිටපත්ලේකම්, රාජ් පරිපාලන අමාත්යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress