ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ ආගමනයට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය රතු එළියක්…!
Posted on August 9th, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) (සමායෝජක) 

රට අවුල් කරන NGO සංවිධානවල සහ දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම් පාලනය කිරීමට රටේ බහුතර ජනතාව නීතිය පිළිබද අවබෝධය ලබා ගත යුතුය.නීතිය නොදැනීම සමාවට කාරණාවක්ද නොවේ.

පාර්ලිමේන්තුව පනත් සම්මත කිරීමේදී  පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා ලබා දෙන සෑම නඩු තීන්දුවකින්ම නීති සාදන බව රටේ ඇතැම් පිරිස් දන්නේ නැත.

රට පාලනය කරන පාලකයන්ද ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු මගින් නීති සාදන බවත් ජනතාවගෙන් සගවන අතර ඒ සදහා ඉංග්‍රීසි භාෂාව ජනතාව නීතියෙන් ඈත් කරන මෙවෙලමක් ලෙසද යොදා ගනිති. 

මෙරට විශ්ව විද්‍යාලවල ඇතැම් උගතුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති ලෙස සළකන බවත් එකී නඩු තීන්දු රටේ සියලුම ජනතාවට අදාලවන බවත්, සියලු පුරවැසියන් එම නඩු තීන්දු මගින් බැද තබන බවත් අවබෝධයෙන් තොරව සිටී. රටේත් සිංහල ජාතියේත් අවාසනාව එයයි. 

මෙහි ප්‍රතිඵලය වන්නේ NGO සංවිධාන සහ රටට එරෙහි ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හරහා රටේ  බහුතර සිංහල ජනතාවට නොවැටහෙන ලෙස නඩු තීන්දු මගින් නීති සාදාගෙන ලංකාව දිගින් දිගටම යටත් විජිත කොළණියක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ලැබීමයි.

මේ තත්ත්වය නිවැරදි නොවුණහොත් ජාත්‍යන්තර විනිසුරන්ට පමණක් නොව රටට එරෙහි ඕනෑම ආයෙකුට වඩා පහසුවෙන් ලංකාවේ ජනතාවට අදාල නීතිය හැසිරවීමට අවස්ථාව ලැබේ.

ජපානයේ, චීනයේ, කොරියාවේ, ජර්මනියේ,ප්‍රංශයේ හෝ වෙනත් දියුණු රටවල් කිසිවක බහුතර ජනතාවට කියවා තේරුම් ගත නොහැකි භාෂාවෙන් ඉහළ අධිකරණ තීන්දු ලබා දෙන්නේ හෝ නඩු විභාග කරන්නේ නැත. ලංකාවේ ඉහළ අධිකරණවල නඩු විභාග කිරීම හෝ ලබා දෙන නඩු තීන්දු රටේ බහුතර ජනතාවට වැටහෙන්නේ නැත. ජනතාව නීතියේ පාලනයෙන් ඈත්කර තිබීමටත්, ව්නයගරුක පුරවැසියන්ගෙන් යුත් සමාජයක් ඇතිකර ගැනීමටත් බාධා වී ඇත්තේ මේ හේතුවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ  සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන මගින් මේ තත්ත්වය වෙනස් කරගැනීමට ප්‍රායෝගික පියවර ගෙන ඇත.

පුරවැසියන්ගේ අත්සන් ලක්ෂයක් මගින් ජනාධිපතිවරයාගේ අවධානයට මෙම අසාධාරණ නීති පැන්වීමේ ක්‍රමය යොමු කර ජනමතයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබාදීම සිංහල භාෂාවෙන් විය යුතුද? යන්න ජනතාවගෙන් විමසීමට අදාල ක්‍රියාමාර්ග ගෙනෙ ඇත. 

නීතිඥවරු වෘතිකයන් ඇතුලු සමාජයේ බොහෝ පිරිස් මේ සදහා සිය අත්සන ලබාදෙමින් සහාය පළකරමින් සිට්ති. මේ වනවිට පුරවැසියන් හතලිස් දහසකට වැඩි ප්‍රමණයක් මේ ඉල්ලීමට සහාය ප්‍රකශ කර සිය අත්සන ලබා දී ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

BSc(Col), PGDC(Col)

(සමායෝජක) 

ශ්‍රේෂ්ඨාධිකරණ  සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන 

දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress