එදා දළදා මාළිගාවට ගැහැව්වා අද දළදා පෙරහැරට මඩ ගහනවා වඳුරු හමුදාවේ පැටිකිරිය එළීයට
Posted on August 25th, 2019

මතුගම සෙනෙවිරුවන්

ලංකාවේ අසිරිමත්ම පූජ්‍ය උත්සවය වන දළදා පෙරහැර නිකිණි පොහොය ගෙවීමත් සමග අවසන් විය.දළදා වහන්සේ වීථී සංචාරය කරන විට පෙරහැරට කප් සිටුවන විට වර්ෂාව ආරම්භ වී රටේ සෞභාග්‍ය උදාවන බව එදත් අදත් බොහෝ දෙන විශ්වාස කරති. මේ නිසාම දළද පෙරහැරට සමගාමීව රටේ නොයෙක් තැන් වල මෙවැනි ආශිර්වාද සහිත පෙරහැර පැවැත්වෙයි. කිත්සිරි මෙවන් රජ දවස දී දළදා වහන්සේ මෙරටට වැඩම කළ තන්හි රාජවත්ථුම්හි දාඨාධෘතුගරයෙහි සිට අභය ගිරිය දක්වා දළදා පෙරහැරක් කරවූ බව වංශකතා වල සඳහන් වෙයි.දළද වැඩමවීම සලකා බලා වාර්ෂිකව පෙරහැර මංගල්ලය කරවන්නට රජුන් තීන්දු කලෙන් වහන්සේ ගේ උතුම්ම පූජනීය වස්තුවක් තමන් අතට පත් වීමෙන් රටට ලැබෙන මහා වාසනාව ගැන සිහිපත් කරවමිනි.එතැන් සිට දළදාව රාජ්‍ය උරුමයේ සංකේතයක් විය.

         ගුහසීව රජු දියණී හොමමාලා කුමරිය ට දළදා වහන්සේ භාර දී රජුගේ බෑණනුවන් වන දන්ත කුමරුන් කැටුව ලක්දිවට එය සැපත් කරවීම දක්වා වූයේ අද දැක්වෙන මට සිලුටු රජ්‍ය තාන්ත්‍රික දූත ගමනක් නොවේ. ඉන්දියාවේ තාම්‍රලිප්ත තොටුපලේ සිට ලංකා පටුනට පැමිණි කෙටි ගමන් මග එදා අතිශයෙන් දුෂ්කර වූවක් විය.දළදා වහන්සේ පැහැර ගැනීමටත් අතුරුදහන් කිරීමටත් යම් යම් විරුදධ බලවේග ක්‍රියාත්මක වූ ආකාරය දළදා වංශය විසින් පැහැදිලි කරයි. මේ නිසාම එක් වරක් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑ බවද දක්වා තිබේ. කෙසේ වෙතත් ලංකාවට සැපත් වූ දළදා වහන්සේ තම මකුටයේ සඟවා ගත් හෝමමාලා කුමරිය ඉතා රහසේ දුෂ්කර ගමන් මාර්ගයන් ගෙන් වසන්ව ගමන් කරමින් අනුරාධපුරයේ මේඝ ගිරියට පැමිණීයහ.ලංකා පටුන සිට අනුරාධපුරයට ගිය මග පිළිබඳ අද යම් මතවාදී අර්බුදයක් පවතින්නේ එහෙයිනි. සතුරන් ගේ ඇස් වසා ලීමට දළදාවේ අනුරුවක් සාදා වෙනත් ගමන් මගකින් ද පැමිණීයාද යන්න විමර්ශනය කළ යුතුය .

             ඉංග්‍රීසීන් උඩරට ජය ගැනීමට පැමිණෙන කාලයේ දළදා වහන්සේ ගේ  තේවාව බාරව සිටින ලද්දේ රඹුක්වැල්ලේ නම් ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේ ගේ පරපුර කීරවැල්ලේ දන්ත හේමමාලා පරපුරට ලේ  ඥාතිත්වයක් දක්වයි. මෙවක දාඨා රක්ඛක තනතුර නොහොත් දිවන රාළ තනතුර පිළිබඳව ගිහි භාරකාරත්වයක් තිබී නැත. එයට හේතුව නම් සෙනරත් ගේ පුත්‍රයා වන දෙවන රාජ සිංහ විසින් ගිහි භාරකාර තනතුර අහෝසි කරලීමයි. පළමුවන විමලධර්ම සූරිය රජු 1604 දී මිය ගිය පසු.  සෙනරත් රාජ්‍ය පාලනය සියතට ගෙන ආණ්ඩු කළද පසුව  දෙනවක කුමරු සහ තම්මිට අන්තෝනි බරෙන්තු විසින් ඇති කළ කැරැල්ලෙන් පසු මහියංගනයට පලා ගිය බව සඳහන්ය. මේ රාජ්‍ය උරුම බල අරගලය නිසා සෙනරත් ගෙන් පසු රාජ්‍ය උරුමය කුසුමාසන දේවිගේ පුත්‍රයන්ට පමණක් හිමි වන පරිදි පෘතුගීසින් සමග ගිවිස ගත්තේය. මේ නිසා හිරිපිටියේ දිවන රාළ ගෙන් පසුව දළදා භාරකාරත්වය පිළිබඳව ගැටළුවක් ඇති විය. දෙනවක මායදුන්නේ කුමරු සමග රාජකීය කීරවැල්ලේ ඥාතීන් සමනල කන්දේ ගිලීමලයේ සැඟවුණහ.  සෙනරත් ගෙන් පසුව 1634 දී දෙවනි රාජසිජංහයන් තමන් ගේ බිසව ලෙසට කීරවැල්ලේ කුමරියක් පැතුවද එය ඉටු කර දෙන්නට කීරවැල්ල ඥාතීන්  ගේ තිබූ අකමැත්ත නිසා කෝපාවිෂ්ට වූ රාජසිංහ දාඨා රක්ඛක තනතුර අහෝසි කොට කීරවැල්ලේ පරපුර සමග ඥාති සම්බන්ධයක් තිබෙන භික්ෂූන් වහන්සේලාට දළදා භාරකාරිත්වය පැවරීය. 1814 කාලවකවානුවේ දී රඹුක්වැල්ල හිමියන්ට දළදා භාරකාරත්වය හිමි වන්නේ එලෙසයි. රඹුක්වැල්ලේ පරපුර පිළිබඳව ලියැවී තිබෙන රඹුක්වැල්ලේ විත්ති පොත මීට නිදර්ශන සපයයි.

     උඩරට ගිවිසුම අත්සන් කල දා ඉංග්‍රීසි කොඩිය බිම දැමූ වාරියපොල සුමංගල හිමියන්ද කීරවැල්ල පරපුරට ඥාතිත්වයක් පවතින යතිවරයෙකි. උඩරට ජාතික විමුක්ති අගලය වූ අවසථාවේ දී දළද වහන්සේ රහසේ සඟවා ගෙන ගියේ තමන්ට එහි උරුමයක් පැවති හෙයිනි. කෙසේ වෙතත් උඩරට අරගලය පරාජයට පත් වීමෙන් පසු දළදා භාරකාරිත්වය මල්වතු අස්ගිරි මහා විහාර වංශික නායක ස්වාමීන් වහන්සේලාට හිමි විය. වර්ෂ 1846 දී ඉංග්‍රීසීන් දළදා වහන්සේද ශාසනික කටයුතුද නැවත පවරා දීමේ දී රජුට පැන් සැපයූ දියවඩන නිළමේ ට දළදා භාරකාරිත්වය සපයන ලද්දේ පැරණී තොරතුරු පිලිබඳව යම් දැනුමකින් තොරවයි. එවකට උඩරට පළාත්වල සිටි දිසාපති වරුන් ගේ සහ දේවාලයන්හි බස්නායක සහ විහාර භාරකාරුවන් ගේ චන්දයෙන් පත්වන තනතුරක් බවට පත් කරන ලද්දේ ඉංග්‍රීසීන් ගේ කූටෝපයන් සාර්ථක කර ගැනීමටයි.රටේ පාලකයා ගෙන් දළදා වහන්සේ වෙන් කොට රාජ්‍යත්වයේ සංකේතය නමැති මතය හෑල්ලු කොට හුදෙක් පුද පූජා කටයුතු වලට මුල් තැනක් දෙන ස්ථානයක් ලෙසට දළදා මාළීගය පරිවර්තනය වුණී.වර්තමානය දක්වා පැවතෙන්නේ එම සම්ප්‍රදායයි.නමුත් එම සම්ප්‍රදායද විනාශ කරලීමට වරින් වර සතුරු බලවේග සූදානම්ව සිටිති.

           නවසිය අසූව දශකයේ එක් තරා දිනක දළදා මාළිගාවෙහි මුරුතැන් පූජා සීට්ටුවට එක්තරා පිරිසකට දායකත්වය හිමිව තිබුණී. ඔවුහු මාළීගාවට පැමිණ සුපුරුදු පරිදි  දාන කළමනා ලබා දී පිස ගත් මුරුතැන් පූජාවට පේවී සිටියහ. එකවරම ඔවුනතරින් මතු වූයේ උපාසකයන් නොව අවි ගත් තරුණයන්ය.  ඔවුහු මල්කූඩා අස්සේ සඟවා තිබූ තුවක්කු රැගෙන මාළීගයෙහි මුරට සිටින ආරක්ෂක නිළධාරීන්ට වෙඩි තැබූහ.සටන වැඩි වේලාවක් නොපැවතුණූ අතර  උපාසක වේශයෙන් පැමිණි ත්‍රස්තයන් පලා ගියහ. පසුව එයින් දෙදෙනෙකු ආරක්ෂ අංශ විසින් වෙඩි තබා මර්දනය කරතිබූ අතර පසුව හෙළීවූයේ දළදා මාළීගාවට එල්ල කළ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරෙමුණ විසින් සංවිධානය කරන ලද්දක් බවයි. එහි එක් අරමුණක් වූයේ සෙබලුන් අත තිබූ තුවක්කු පැහැර ගැනීමයි. මේ ප්‍රහාරය තුළින් අපතේරුම් ගත යුතු  සත්‍යය නම් සිංහල බෞද්ධ යන්ගේ මුදුන් මල්කඩ වූ දන්ත ධෘතුන් වැඩ සිටින දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කිරීමට පවා ජනතා විමුත්ති පෙරමුණ විසින් තරුණයන් ගේ  මොළ සෝදා ඇති ආකාරයයි. පසුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් විසින් ජ.වි.පෙ. ප්‍රහාරය පූර්වාදර්ශ වශයෙන් ගෙන දළාද මාළිගාව අසලට බෝම්ම ලොරියක් එවා කළ විනාශය කවුරුත් දනිති.දැන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණද කොටි දේශපාලන බලකායේ සුමන්තිරන්ලා සමග උතුරේ පෙළ පාලි යෑමට ගිවිසුම් ගසා ගෙන සිටින්නේ නැවතත් දළදා මාළිගාව වැනි ස්ථාන වලට බෝම්බ  සහ තුවක්කු ප්‍රහාර එල්ල කිරීමට දැයි නොදනිමු.

          මෙවර දළදා පරහැරට සමගාමීව තිබූ එක් කුඹූල් පෙරහැරකට ටිකිරි නම් රෝගී ඇතින්නක් රැගෙන ගිය ආකාරය විවේචනය කරමින් සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ලද්දේ ජ.වි.පෙ.සම්බන්ධව සිටින නිරාගමික පිරිස්ය.. ඇතින්නගේ රෝගී තත්ත්වයට පිළීයමක් ලෙස කරන ලද භාරයක ප්‍රතිඵලයක් ලෙසට ඇතින්න පෙරහැරට සම්බන්ධ කරගත් බව අයිතිකාරයන් පවසා සිටිති. දළදා පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ වන්නේ අද ඊයේ සිටක නොවේ. පෙරහැර ආරම්භ වූ කාල වකවානුවේ සිටම රාජ්‍ය හස්තියා විසින් දළදා කරඬුව වැඩමවන්නට ඇති බවට නිසැකය. අලි ඇතුන් බුද්ධ ශාසනයේ දේපළක් නොව එහි උපාසක උපාසිකාවන් බවට පත් වූ බව කීම සාධාරණ වෙති. අදටත් දළදා පොරහැරට සම්බන්ධ අලි ඇතුන් දළදා වහන්සේට කරන ගෞරවයත් පෙරහැර අවසන් වීමෙන් පසු කඳුළු සලමින් එයින් නික්මෙන ආකාරයත් නිරීක්ෂණය කළ හැකිය. බෞද්ධ උපාසකයෙකු විසින් තමන්ගේ නිවසකට දා කරඬුව වඩම්මවා ලන ශ්‍රද්ධාවෙන්ම මේ අලි ඇතුන් කරඬුව වැඩමවන්නට ඇත. වන ජීවි පනත් ආවේ මේ ඊයේ පෙරේදාය .ඒවා පදනම් කරගෙන මේ  අලි ඇතුන් ළඟ තබා ගෙන සිටි භික්ෂූන් වහන්සේලා කීප නමක් සිරගත කරන්නට යහපාලන රජය කටයුතු කරන ලදී. එහි අලුත්ම ගොදුරු පූජ්‍ය කොලොන්නාවේ සුමංගල හිමියන්ය. බුද්ධ ශාසනයට අයිති අලි ඇතුන් වන ජීවී පනතින් ආවරණය කළ නොහැකි බවට සහතිකයක්  මහානායක ස්වාමීන් වහන්සේලා අතින් දැන්වත් ප්‍රකාශ විය යුතුය. අලි රොෂාන් වැනි පුද්ගලයන් බිහිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජඩ ආර්ථක ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් විලසටයි. එයට භික්ෂූන් වහන්සේලා පළී නැත. දැන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නොයෙකුත් විද්වතුන් සිංහල සම්ප්‍රදායන්ට විරුද්ධව පෙළ ගැසෙමින් සිටින බව නොරහසකි.විද්වත් සංවිධාන අලුත් පරපුර සහ කොටි හුරතලේ නැටවෙන ඇතැම්  රාජ්‍ය නොවන සංවිධාන ගැත්තන් උත්සාහ දරන්නේ දළදා මාළිගාවට දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබිම සැකසීමටයි.විදේශ න්‍යාය පත්‍රයේ කොන්දේසි සම්පූරණ කර ගැනීමට බැරිව ලතවෙන රනිල්වික්‍රමසිංහ රජය මෙවැනි වඳුරු හමුදාවකට උල් පන්දම් දෙන්නට බොහෝ දේ කරති. ඔවුන් බලවත් වී රටම ගිනි තබන අතර අවසානයේ  එහි වාසිය  ලබාගන්නේ විදේශ බලවේග විසිනි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress