ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් කාදිනල් හිමිපාණන්ට පොරොන්දුවක්
Posted on August 25th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන් වන අය නීතියේ ආධිපත්‍ය යටතට ගෙන ඒමට බලය ලත් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කර ඇති ඉල්ලීමට තම රජයට බලයට පත්වූ විට නොපමාව ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ සමස්ත ජනතාවටම ත්‍රස්තවාදයෙන් සහ අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන බව ද තමා ඉඳුරාම ප්‍රකාශ කරන බවයි.

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු හිමිපාණන් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය කෙරෙහි තමාගේ අවදානය යොමු වූ බව ද එහි දැක්වෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress