ශවේන්ද්‍ර ජාත්‍යන්තර අධිකරණයට? මංගල සමරවීර යුද අපරාධ සිදුවූ බව පිළිගැනීමේ විපාකය… සංහිඳියා කාර්ය සාධක බලකායේ පී. සරවනමුත්තු ශවේන්ද්‍ර සිල්වා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිටියි!
Posted on August 25th, 2019
කීර්ති වර්නකුලසූරිය උපුටා ගැන්ම දිවයින

⋆ හමුදාපතිට සහ ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ යස්මින් සුකාව මෙරටට එන ලෙස ඇරයුම් කර තිබූ බව හෙලිවෙයි
⋆ ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මෙරට ඩොලර් කාක්කන් පස්දෙනෙක් මානව හිමිකම් කොමසාරිස්ට පෙත්සම් යවති
⋆ කොටි ඩයස්පෝරාවේ බලපෑම් මත මුළු යුරෝපා සංගමය” කැනඩාව” නෝර්වේ සහ ස්විස්ටර්ල්තයද හමුදාපතිට එරෙහි වෙයි
⋆ මංගල සමරවීර යුද අපරාධ සිදුවූ බව පිළිගැනීමේ විපාකය
⋆ සංහිඳියා කාර්ය සාධක බලකායේ පී. සරවනමුත්තු නොහොත් පී. සරා ශවේන්ද්‍ර සිල්වා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිටියි
⋆ නව හමුදාපති නිසා ඇමරිකානු හමුදා සහයෝගීතාවය නතර කරන බව ඇමරිකාව තර්ජනය කරයි
⋆ මොන තර්ජන එල්ලවූවත් හමුදාපතිව ඉවත් කිරීමට බටහිර රටවලට ඉඩ දෙන්නේ නැහැ
– ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය
⋆ ඒබ‍්‍රහම් ලින්කන් යුද අපරාධකරුවෙක් බව ඇමරිකානු මාධ්‍ය පවසද්දී තානාපතිනියගෙන් ඒ ගැන විමසීමට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ මන්ද?
‘‘ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම ගැන අපි කනස්සල්ල පළකරන්නෙමු..
– කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය





යුද හමුදාපතිවරයකු පත්කිරීමේදී ජනාධිපතිවරයා මෙරට ඇමරිකානු තානාපතිනි අලෙයිනා පෙලිට්ස්ගෙන් සහ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගෙන් අවසර ගත යුතුද? එසේම ඇමරිකානු න්‍යායපත‍්‍රයට කටයුතු කරන හමුදා නිලධාරියෙක් පත්කළ යුතු යයි ඔවුන් කියන්නේද? කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සින්නයියා නාවික හමුදාපති ලෙස පත්කිරීම නිසා නව යුද හමුදාපති ලෙස පත්කළ යුත්තේ ඇමරිකානු තානාපති කාර්යාලයේ කොක්ටේල් සාදවලට සහභාගිවන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පිරිස නම් කරන අයෙක්ද?
ශවේන්ද්‍ර සිල්වා නව හමුදාපතිවරයා ලෙස පත්කිරීම නිසා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා – චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රෝ ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන ඉනර්සිටි අඩවිය මෙහෙයවන මැතිව් රසල්ලි කොටි ඩයස්පෝරාව – ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන් කොටි ත‍්‍රස්තයන් වෙනුවෙන් දේදුන්න පුවත්පත සංස්කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධන ඇතුළු ඊලම්වාදීන් දැඩි කම්පනයට පත්ව ඇත.
වන්නි මෙහෙයුමේදී 58 වැනි සේනාංකය මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මුලින්ම සාවද්‍ය යුධ අපරාධ චෝදනා එල්ලවීමට මග පෑදුවේ රුවන් ජයවර්ධන – රණදේව – ලලන්ත නානයක්කාර” ගෝඨාභය රණවීර සහ බොම්බඩියර් යන ව්‍යාජ නම් වලින් රජයේ පුවත්පතකට ලිපි ලියූ තක්කඩියෙකි.
මොහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ කටඋත්තරයක් දෙමින් මෙලෙස පවසනු ලැබීය.
‘‘ගෝඨාභය රාජපක්‍ෂ දෙවතාවක්ම ශවේන්ද්‍ර සිල්වා අමතා කොටි නායකයන් මරාදමන ලෙස නියෝග කළා. මම ඒ අවස්ථාවේ 58 වැනි සේනාංකය සමගයි සිටියේ. ‘‘සුදු කොඩි ඔසවාගෙන එන කොටි මරන්නැයි ගෝඨාභය විසින් ශවේන්ද්‍රට පැවසුවා…
එහෙත් ශවේන්ද්‍ර සිල්වා එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරමින් පැවසුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තමාට එවැනි නියෝගයක් දුන්නේ නැති බවයි.
ගෝඨාභය රාජපක්‍ෂට සහ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිවු මෙම සාවද්‍ය සාක්කිය නිසා එම තක්කඩියාට ස්විස්ටර්ලන්තයේ සෙන්ගාලන් ප‍්‍රදේශයේ දේශපාලන රැකවරණ ලැබුණු අතර පිං පඩියක් හෙවත් ඩෝලයක්ද ලැබේ.
මාස කීපයකට පසු මොහුගේ පවුලේ අය ස්විස්ටර්ලන්තයට ගෙන්වා ගැනීමටද අවසර ලැබුණි. ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය ප‍්‍රකාශයක් කිරීම නිසා ස්විස් රජයෙන් වරප‍්‍රසාද ලත් මොහු සෙන්ගාලන් පන්සල වෙත යන අවස්ථාව අපි නිරීක්‍ෂණය කළෙමු.
එහෙත් මෙරට හමුදා බලධාරීන් මේ සිද්ධිය අමතක කර ඇත. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වරක් පැවසුවේ කොටි නායකයන් ඝාතනය කරන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් විසින් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කිරීමේ පුවත තමාට පැවැසුවේ ඉහත කී තැනැත්තා බවයි.
මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවකු ලෙස හංවඩු ගැසීමේ කොන්ත‍්‍රාත්තුව බි‍්‍රතාන්‍ය රජය සතු චැනල් පෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේට සහ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකාට සහ හිටපු බීබීසී වාර්තාකාරි ප‍්‍රැන්සන් හැරිසන් වෙත පවරනු ලැබීය.
මෙම ඩොලර් කොන්ත‍්‍රාත්තුව මත කැලම් මැක්රේ නිව්යෝර්ක් නුවරට පැමිණ විදේශිකයන් පිරිසක් හමුවේ ශවේන්ද්‍ර සිල්වා අවමානයට ලක්කිරීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.
එම සමයේ ඇමරිකාවේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා කැලම් මැක්රේ සිටි ශාලාවට පැමිණ සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී මැක්රේ කොටි උපදෙස් මත කි‍්‍රයාකරන බව තහවුරු විය. මැක්රේ නුඹ 58 වැනි සේනාංකය ස්ථාපිත කර තිබුණේ කුමන ස්ථානයකද පවා දන්නේ නැහැ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දර්ශන පවා සිවිල් වැසියන්ට එල්ලවූ ප‍්‍රහාර යයි නුඹ පෙන්නුම් කරනවා යයි ශවේන්ද්‍ර සිල්වා චෝදනා කළේය.
මම කැලම් මැක්රේට අභියෝගයක් කරමින් විවාදයකට එන ලෙස කියා සිටියා. එහෙත් ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත යයි නිව්යෝර්ක්හි සිද්ධියෙන් පසු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂාව විශේෂාංගය හමුවේ පළ කළේය. එසේම කැලම් මැක්රේට කළ අභියෝගය ගැන මෙරට විදේශ කටයුතු බලධාරීන් නොසතුට පලකළ බවද වාර්තා විය.
ශවේන්ද්‍ර සිල්වා හමුවේ ලත් පරාජයෙන් පසු කොටි ඩයස්පෝරාව එක්සත්ජාතීන්ගේ මූලස්ථානයේ සිටින ඉනර් සිටි ප්‍රෙස් නියෝජිත මාටින් රසල් ලී ලවා මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මේ මෙහෙයුම වූයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා බළකායේ උසස් තනතුරකට ශවේන්ද්‍ර සිල්වා පත්කර ඇති බවත් වහාම එම ධුරයෙන් ඔහුට ඉවත්කළ යුතු බවයි.
මේ ඉල්ලීමට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහලේකම්ව සිටි බෑන් කී මුන් වෙත තොග පිටින් පෙත්සම් ගැසීමට කොටි ආධාරකරුවන් මෙන්ම මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්ද කි‍්‍රයාකළහ.
එහෙත් එම මෙහෙයුමද අසාර්ථක විය. මේ නිසා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා වෙත පූර්ණ කොන්ත‍්‍රාත්තුව පැවරීමට කොඩි ඩයස්පෝරාව කි‍්‍රයා කළේය.
නව හමුදාපති ලෙස පත්වූ ශවේන්ද්‍ර සිල්වාට එරෙහි කොටි ඩයස්පෝරා මෙහෙයුම බරපතල ලෙස කි‍්‍රයාත්මක වූයේ යහපාලන රජය බලයට පත්වීමත් සමගයි. එය උච්චස්ථානයට පත්වූයේ රජයේ ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරිය ලෙස එන්. ජී. ඕ කල්ලියට හිතවත් තැනැත්තියක් පත්වීමයි. එම පත්වීම ලැබීමට පෙර ඇය ජිනීවා මානව හිමිකම් සමුළුවකට සහභාගිවී යහපාලන රජයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ හඬ නගන රියර් අද්මිරාල් සරත් වීරසේකර ගැනත් ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂාංගය ලියන ලේඛකයා නිරීක්‍ෂණය කරන කටයුතු පිළිබඳ විමර්ශනය කළාය.
මෙම ඉරිදාද ඇය සිය ඉංග‍්‍රීසි පුවත්පතින් හමුදාපතිට එරෙහිව මෙහෙයුමක් දියත්කර ඇත.
මෙවන් පසුබිමක් මැද ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කළ බවට ප‍්‍රකාශ වී මොහොතක් තුළ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් පස් දෙනෙක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත හදිසි පණිවුඩ යවමින් හමුදාපති පත්කිරීම ගැන මැදිහත්වන ලෙස ඉල්ලා සිටියහ.
එසේම පාක්‍යසෝනි සරවනමුත්තු හෙවත් පී සරා මෙහෙයවන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයද ද්‍රවිඩ සන්ධානයද නව හමුදාපති පත්කිරීමට එරෙහි විය.
මෙම පී සරාගේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ප‍්‍රභාකරන් සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් නිහඬව සිටි අතර ඒ ගැන කිසිදු මානව හිමිකම් ආයතනයකට පැමිණිලි කළේ නැත. ද්‍රවිඩ සන්ධානය කටයුතු කළේ කොටි රූකඩය ලෙසය. එසේ නම් රටේ හමුදාපති පත්කිරීමේ තීරණ ගැනීමට පෙර පී. සරාගෙන් සහ සම්බන්ධයෙන් විමසිය යුතුද?
කොටි සංවිධානය සමග එක්ව කටයුතු කිරීම නිසා ද්‍රවිඩ සන්ධානය යුද අපරාධකරුවන්වේ.
මේ තත්ත්වය මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ද ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම ගැන කනස්සල්ලට පත්වූවාය. එහිදී ඇය පිලිගෙන ඇත්තේ යස්මින් සුකා නැමැති කොටි කොන්ත‍්‍රාත් කාරිය සහ කොටි ඩයස්පෝරාව ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරුයි.
මිචෙලි බැචලට්ට ශ‍්‍රී ලංකාවේ ජනාධිපති විසින් හමුදාපතිවරයකු පත්කිරීම ගැන මැදිහත්වීම කිසිදු හිමිනමක් නැත. ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල වෙද්දී බැචලට් නිහඬ විය.
එහෙත් ඇය යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරියකු පත්කිරීම ගැන දැඩි කනස්සල්ලට පත්වන බවද කියා සිටී.
නව හමුදාපතිවරයා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කළ බවද පවසන ඇය මෙම පත්වීම තුළින් ජිනීවා යෝජනාව බරපතල අර්බුදයකට ලක්වන බවද සඳහන් කර ඇත.
මෙලෙස නව හමුදාපතිට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලවීමට මග පෑදුවේ වෙනින් කවුරුත් නොව මුදල් ඇමැති මංගල සමරවීරයි. ඔහු යුද අපරාධ චෝදනා පිලිගැනීමේ විපාකය මානව හිමිකම් කොමසාරිස්වරිය කළ ප‍්‍රකාශයෙන් සනාථ විය. ලොව කිසිදු රජයක් තම හමුදාව යුද අපරාධ කළ බවට පිලිගෙන නැති අතර ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව මංගල සමරවීර පිලිගැනීම රාජද්‍රෝහී කි‍්‍රයාවකි.
මේ නිසා මානව හිමිකම් කොමාසාරිස් මිචෙලි බැචලට් නව හමුදාපතිට එරෙහිව සෘජුව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.
එසේම මිචෙලි බැචලට් තවදුරටත් පවසන්නේ ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීමෙන් වගවීමේ කි‍්‍රයාවලිය සහ සංහිඳියාව අවතක්සේරුවකට ලක්වන බවයි.
මේ හැර ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කිරීමේ කි‍්‍රයාවලියද පසුබෑමකට ලක්වන බවද ඇය තවදුරටත් පලකර ඇත.
එහෙත් විදේශ කටයුතු බලධාරීන් හෝ මෙරට රජය හමුදාපති පත්කිරීම ගැන හඬ නැගීමට නුඹලාට ඇති අයිතිය කුමක්දැයි ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා පෙලිට්ස්” මිචෙලි බැචලට් සහ යස්මින් සුකාගෙන් විමසා නැත.
මෙයට වසර ගණනකට පෙර ගල්ෆ් යුද්ධය පැවැති සමයේ වැල්ලේ සැඟවී සිටි ඉරාක සෙබළුන් යුද ටැංකි යවා වළලා දැමීමේ බරපතල චෝදනා ඇමරිකානු සේනාධිනායක ජනරාල් ගවාස්කෝපට එල්ල විය. එහෙත් ඇමරිකානු රජය ඔහුට උසස්වීම් දුන්නේය.
මේ හැර වියට්නාම් යුද්ධයේදී මයිලාහි ගම්මානයක් මුළුමනින්ම වැනසූ ලූතිනන් කැලි සිරගෙට නියම වී සුළු කලකට පසු නිදහස් කෙරුනි.
එසේම නීති විරෝධිව ඉරාක යුද්ධය මෙහෙයවීම ගැන ඇමරිකානු ජනපතිව සිටි ජේර්ජ් බුෂ්ට සහ බි‍්‍රතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලේයාර්ට යුද අපරාධ චෝදනා එල්ල විය.
මේ අතර යස්මින් සුකා නැමැත්තිය ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්වීම ගැන කම්පනයට පත්වූවාය.
ශ‍්‍රී ලංකාව රටේ ජනතාව පාවාදී ඇතැයිද ඇය චෝදනා කළාය. මෙයට පෙර ගජබා ක්‍රෝස් නමින් මෝටර් රථ ධාවන තරගයක් මෙහෙයවීමට ශවේන්ද්‍ර සිල්වා ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට බීම සමාගම අනුග‍්‍රහය දැක්වීම ගැන ඇය නොසතුට පලකරමින් ඇමරිකානු බීම සමාගමට ලිපියක් යවමින් අනුග‍්‍රහය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියාය.
එසේම ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්කිරීම ගැනද ඇය එරෙහි විය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වූ සමාන්තර රැස්වීමකට පැමිණියේ කොටි හිතවාදීන් පිරිවරාගෙනය.
එහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇයට අභියෝග කරමින් මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව ගැන නිසිතොරතුරු ලැබුනේ කෙසේද යන මියගිය අය කවුදැයි හෙලිකරන ලෙස පැවසුවත් ඊට ප‍්‍රතිචාර දැක්වීමට ඇයට නොහැකි විය.
මානව හිමිකම් සමුළුවාරයේ අවසන් දිනයේදී යස්මින් සුකාව අපට දැකගැනීමට හැකිවූයේ කොටි හිතවාදීන්ගේ සාදයකට සහභාගිවී සිටි අවස්ථාවේයි.
එසේම ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය යන විනි මැන්ඬේලා සිදුකල යුද අපරාධ ගැන අදවනතුරු හඬක් නගා නැත.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇය පැවැත්වූ සමාන්තර රැස්වීමක ඇගේ සේවකයා මෙම කටයුතු කළේ වෙනින් කවුරුන් නොව 1971 කැරැල්ලේ හිටපු ත‍්‍රස්තයකුවූ සුනන්ද දේශපි‍්‍රය නැමැත්තායි.
මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ ඇති යුද අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ශවේන්ද්‍ර සිල්වා ඇතුළු වන්නි හමුදා නායකයන් රැසකගේ නම් ඇතුලත් කිරීමට කි‍්‍රයා කළේ යස්මින් සුකායි.
අපි මේ බව විශේෂයෙන් (exclusivc) අනාවරණය කළෙමු.
එසේම මෙම හමුදා නිලධාරීන්ට එරෙහිව සර්වලෝක අධිකරණ නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසද ඇය ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා තිබුණි.
හමුදාපති ලෙස පත්වීමට පෙර නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස ශවේන්ද්‍ර සිල්වා කටයුතු කරද්දී නැගෙනහිර ප‍්‍රදේශයේ කොටි ඝාතකයාව සිටි රමේශ්ගේ බිරිය වූ වත්සලා දේවි ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.
එහෙත් තානාපති වරප‍්‍රසාද නිසා ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නඩුව ගෙනයෑමට නොහැකි විය.
මෙම වත්සලා දේවි නැමැති කොටි කාන්තාව සිටින්නේ කුමන රටේදැයි අප සොයා බැලූවිට හෙලිවූයේ ඇය දකුණු අපි‍්‍රකාවේ පදිංචි බවයි.
ඇය පැවරූ නඩුවට අදාළ සිතාසිය නිව්යෝර්ක්හි ශවේන්ද්‍ර සිල්වාගේ නිවසට බාරදීමට පැමිණි අයවළුන් සමග චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ සහ ඔහුගේ කැමරා ශිල්පියාද විය. එම අවස්ථාවේ නිවසේ දොර විවෘත කළේ ආරක්‍ෂක නිලධාරියෙක් නිසා ශවේන්ද්‍ර සිල්වා දොර විවෘත කර සිතාසිය බාරගැනීම වීඩියෝ කිරීමට සූදානම් වූ මැක්රේගේ උත්සාහය අසාර්ථක විය.
මෙම පසුබිම මැද 2019 ජනවාරි 29 දා යස්මින් සුකා ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පිටු 137 ක වාර්තාවක් කෙටුම්පත් කර එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය.
මේ වාර්තාවේ සාක්කිකරුවන් ලෙස ඇය යුරෝපයේ සිටින කොටි හමුදා ප‍්‍රධානීන් 70 ක් නම්කර තිබුණි. එහෙත් ඔවුන් කව්දැයි සුකා හෙළිකළේ නැත. මෙම සාවද්‍ය වාර්තාව ප‍්‍රකාශයට පත්කරමින් ඇය පැවසුවේ ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ 58 වැනි සේනාංකය හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන බවයි.
යස්මින් සුකාගේ මේ මෙහෙයුම කුමන්ත‍්‍රණයකි. ඊට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිටින කොටි හිතවාදී නිලධාරීන්ද සම්බන්ධ වී ඇත.
මෙකී වාර්තාවේ සුකා තවදුරටත් සඳහන් කළේ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව අවශ්‍ය තරම් සාක්කි ඇති බවයි.
එහෙත් සාක්කිකරුවන් කොටි මිනීමරුවන් නොවේද?
ලොව කිසිම හමුදා නිලධාරියකුට එරෙහිව පිටු 137 ක වාර්තාවක් කොටුම්පතක් වී නැත. එහෙත් අභ්‍යන්තර පුද්ගලයන් සැපයූ තොරතුරුද තම වාර්තාවට ඇතුලත් බව සුකා කියා සිටියාය.
මේ අභ්‍යන්තර පුද්ගලයන් කවුදැයි යස්මින් සුකා හෙළිකළේ නැත.
මෙලෙස මෙරට හමුදා ප‍්‍රධානියකු අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යාමට යස්මින් සුකා නැමැති කොටි කොන්ත‍්‍රාත්කාරිය කටයුතු කරද්දී යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශය සුකාට මෙරටට එන ලෙස ඇරයුම් කර තිබුණි. එහෙත් තමා ශ‍්‍රී ලංකාවට පැමිණියහොත් සිංහලයන් තමාව මරයි කියා සුකා එම ඇරයුම ඉවත දැමීය.
මේ අයුරින් කොටි 70 කගේ සාක්කි ලබාගෙන නව හමුදාපතිට එරෙහිව වාර්තාවක් සකස් කළ සුකා එම කොටි කවුදැයි හෙලිනොකළේ ශ‍්‍රී ලංකා හමුදාව සියළුම කොටි හමුදා නායකයන් මරාදැමූ බවට ප‍්‍රචාරය වී තිබූ නිසාය.
මේ පසුබිම මැද යහපාලන රජයද එම කොටි සාක්කිකරුවන්ගේ අනන්‍යතාවය යුරෝපා රටවලින් විමසීමසට කි‍්‍රයාකළේ නැත. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති පාදතුනේ පුටුව අබියසදී කොටි කි‍්‍රයාකාරීන් කීපදෙනකු අපට දැකගත හැකිවිය. ඔවුන් හමුදාව මරාදැමූ බව කියන පිරිසකි.
මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යස්මින් සුකාගේ කුමන්ත‍්‍රණයේ 2017 නොවැම්බර් මස ආරම්භ වී තිබුණි.
ඇය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ මෙලෙස සඳහන් කර ඇත.
‘‘ශවේන්ද්‍ර සිල්වාගේ යුද අපරාධ පිළිබඳව මාධ්‍ය විසින් හෙලිකර ඇත. ඔහු යුද අපරාධකරුවකු බව හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ විසින් මහලේකම්ට වාර්තා කර ඇත…
එසේම මෙරට ජනතාවගේ සහ හමුදා බලධාරීන්ගේ අවධානය උදෙසා මානව හිමිකම් කවුන්සිලය හමුවේ රජයේ පුවත්පතක සේවය කළ තක්කඩියා දුන් සාක්කිය අපි මෙලෙස අනාවරණය කරන්නෙමු.
2009 – මැයි 17 වේලාව 11.45 යන සවස 12.30 ස්ථානය වෙල්ලමුල්ලිවයික්කාලි – 58 සේනාංක පාලක මධ්‍යස්ථානය ආරක්‍ෂක ලේකම් විසින් ශවේන්ද්‍ර සිල්වා අමතා යටත්වීමට උත්සාහ කරන කොටි නායකයන් මරන ලෙස පැවැසුවා.
2 වැනි දුරකථන පණිවුඩය වේලාව 12.00 කලින් දුන් උපදෙස් ස්ථිර කළා.
මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් ගෝඨාභය රාජපක්‍ෂ මේ උපදෙස් දුන්නේ ශබ්ද විකාශන යන්ත‍්‍රයකින්ද යන්නයි.
එසේ වූවත් තමිල් සෙල්වම්ගේ බිරිය පැවසුවේ සුදුකොඩි ඔසවාගෙන කිසිවෙකු පැමිණියේ නැති බවයි.
වසර කීපයකට පසු තමිල් සෙල්වන්ගේ බිරිය සසිරේකා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිය ප‍්‍රකාශය වෙනස් කළාය.
මානව හිමිකම් කවුන්සිලයේදී සසිරේකාගෙන් අපි ප‍්‍රශ්න කළේ හමුදාව යටත්වූවන් මරාදැමුවා නම් නුඹ බේරුනේ කෙසේද යන්නයි.
මේ අතර නව හමුදාපතිගේ පත්වීමට එරෙහිව කැනඩාවද විරෝධය දක්වා ඇත. මේ විරෝධතාවය පසුබිමේ සිටින්නේ කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරීය.
මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ හමුදාපති පත්වීම ජාතිකවාදීන්ගේ අවශ්‍යතාවයක් බවයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධ ජනරාල්වරයකුට ජාතිකවාදීන්ගේ අවශ්‍යතා මත උසස්වීම් දීම ගැන ඇමරිකාව කණගාටුවන බවද හමුදාපති මානව හිමිකම් උල්ලංඝණය කරන්නකු නිසා ඇමරිකානු හමුදා සහයෝගීතාවය ශ‍්‍රී ලංකාවට ලබාදීමේදී සීමා ඇතිවනු ඇතැයිද ඇමරිකානු බලධාරීහු තවදුරටත් පවසා ඇත.
මෙම පසුබිම යටතේ නව හමුදාපති ඉවත් කළ යුතු බව නවක එජාප මන්ත‍්‍රීවරයකුවූ චන්දිම ගමගේ නැමැත්තා පවසා ඇත. ප‍්‍රභාකරන් මිනීමරණ සමයේ මොහු සිටියේ කොහේද? එසේම වන්නි මෙහෙයුම සමයේ මෙවැන්නෙක් ගැන ජනතාව දැනසිටියේ නැත.
මේ හැර හිටපු මේජර් ජෙනරාල්වරයෙක් ඇමරිකාවට ගොස් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පිටු 200 ක සාක්කියක් දුන්නේය. යහපාලන රජය ඔහුව තානාපතිවරයකු කළේය. මොහු දකුණු පළාතේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයකුවී පසුව එජාපයට ගිය අයකුගේ මස්සිනායි.
August 26th, 2019 at 11:28 am
Hon Shavendra Silva had sacrifised his LIFE TO SAFEGUARD SRI LANKA FROM THE,ILLETERATE,MURDERORS, THOSE WHO KILLED SEVERAL THOUSANDS & THOUSANDS OF OUR POOR,INNOCENT,SINHALESE MOTHERS & FATHERS WITHOUT WITHOUT ANY KIND OF KINDNESS TO THOSE SINHALESE PEOPLE WHO WERE SUFFERING A LOT!!!
I WAS A TECHNICAL OFFICER & LATER BECAME AN ENGINEER DURING THESE KILLINGS BY THE SAVAGES TAMIL LTTE TERRORISTS.DURING THAT PERIOD,I WAS NOT ABLE TO VISIT THE TELECOMMUNICATION EXCHANGES TO RECTIFY THE FAILURE ALARMS,TO SEE THAT ALL TELECOM FACILITIES PROVIDED TO MANY HIGH POSTS HOLDING POLITICIANS!!!
MANY TIMES I,MYSELF AND MY SUPERIOR WHEN WORKING IN MATALE , HAD TO GO FOR WORK IN THE RAILWAY ENGINES WITH THE KIND HELP OF THE ENGINE DRIVER.
IT WAS DURING THESE PERIOD SHAVENDRA SILVA WHO HELPED ALL SRI LANKANS WHO WERE HARRASSED BY THESE “ILLETERATE,TAMIL,TERRORISTS LTTE FOR SAFETY AND FOUGHT HARD TO HELP THE INNOCENT SINHALESE,TAMILS AND MANY!!!
THEREFORE! NO BLOODY SELFISH BIG IDIOTIC PEOPLE CAN FIND FAULT WITH SHAVENDRA’S APPNT!!!
PL U ALL DIRTY EXTREMIST ELEMENTS!!! PL LEAVE SRI LANKA ALONE!!!
SRI LANKA’s PRESIDENT HAS SELECTED THE CORRECT,SUITABLE,QUALIFIED PERSON FOR THIS POST!!!!!
August 26th, 2019 at 3:18 pm
Absolutely agree with Jan-Ran!
August 26th, 2019 at 5:05 pm
In this time of heightened tension, may I draw attention to the folks who were driven out of the homes they occupied for generations in Jaffna Peninsula purely because they happened to be Muslims.
Many say unfair terms forced on Germany as the First World War settlement was a primary cause of rise of Fascism, and that followed the second world war. In the same I observe absence of any measure of contrition by the Tamil leadership and myopia of the all powerful NGOs and their lackey the Yahapalana government led to the rise of extremism of Muslim Yuth and the continuing sabre rattling of the LTTE / TNA.
Army presence in a mild form in the post war period ensured free and fair elections, but when the newly entrenched old leadership of the LTTE / TNA emboldened by Yahapalana set brought in by NGOs brought the new phase of terrorism.
Now at the last phase of the Yahapalana, this appointment of the war hero who rescued the humans used as a shield by the LTTE, Shavendra de Silva to the highest position he deserved all through, shows the President is alive the grave threat of facing every community with deliberately weakened security forces.
August 27th, 2019 at 4:10 am
“Hon Shavendra Silva had sacrifised his LIFE” – should be corrected to “risked his life”. He is still alive. There are a lot of others who really sacrificed their lives, we should remember them with tears.