‘ශ‍්‍රී මුඛ’ කතාවට සමාව ගන්නැයි මහනායක හිමියෝ ඇමති සජිත්ට මුහුණටම කියති.. [Video]
Posted on October 8th, 2019

 lanka C news

ඕනෑම පුද්ගලයෙකුගේ අඩුපාඩු ඇති බවත් කතාබහ කරද්දී අඩුපාඩුකම් සිදුවන බවත් එනිසා බයක් නැතුව සමාව ගන්නැයි උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක පූජ්‍ය යාලේගම ධම්මිස්සර හිමියෝ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියහ.

සමාව ගැනීම ගැන ලැජ්ජා විය යුතු නැති බවත් එය නිහතමානි නායකයෙකුගේ ලක්‍ෂණයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

නාමයෝජනාවලට අත්සන් තැබීමෙන් පසු දලදා මාලිගාව වැද පුදාගෙන මල්වතු අස්ගිරි මහ නා හිමියන්ගේ ආශිර්වාදය ලබාගෙන ආපසු ගනනේදී එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී උන්වහන්සේ එම අදහස් පළ කළහ.

පසුව මාධ්‍ය වෙත අදහස් පල කල සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ තමන්ද පෘථග්ජන පුද්ගලයෙක් නිසා තමන් තුළ ද අඩුපාඩුකම් ඌනතාවයන් ඕනෑතරම් ඇති බවත්ය.

කෙසේ නමුත් තමන්ට එල්ලවන නිර්දය විවේචන හොඳ දෙයක් බව ද එමගින් මෙරට මාධ්‍ය නිදහස ඇති බව තහවුරු වූ බවද ඔහු කියා සිටියේය.

One Response to “‘ශ‍්‍රී මුඛ’ කතාවට සමාව ගන්නැයි මහනායක හිමියෝ ඇමති සජිත්ට මුහුණටම කියති.. [Video]”

  1. Ratanapala Says:

    Karapu waradata “Api” sama arageneema hari naha. Mama sama gannawa kiyala kiwwoth samaja dharma walata uchithai! Saamaanyen “Api” kiyala thamata aamanthranaya karanne Maha Sangha Rathnayayi – ee Maha Sangha Rathnaya atheetha, warthamaana saha anaagatha Rathnathraya wenuwen kathakarana nisa.

    Me thawath Sajith Joke ekak! Boruwata Bauddha bawa pennana Kristiyani mula dharma waadeenta owa therenne naha!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress