මත්තල වී ගබඩා කිරීම ගැන, ඇමති දයා ගමගේ ගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කෙරේ
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය දයා ගමගේ ගෙන් වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව අද පැය එකහමාරක් පමණ ප්‍රශ්න කළා.

එම සිද්ධියට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටීමට දැනුම්දී තිබුණ ද, අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබුණේ ලබන 23 වනදා කොමිසම හමුවට පැමිණෙන බවයි.

මැතිවරණ වේදිකාවේ ලබාදුන් පොරොන්දුවකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමට තීරණය කළ බව පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති බණ්ඩාර දිසානායක ලබාදුන් සාක්ෂි අනුවයි. මෙම සිද්ධියට අදාළ සාක්ෂි ලබාදීමට අමාත්‍ය දයා ගමගේ අද පෙරවරු 9.30ට පමණ කොමිසම වෙත පැමිණියා.

එහිදී අමාත්‍යවරයාට නිලධාරින් යොමුකළ ප්‍රශ්නවලට නිසිලෙස පිළිතුරු දීමට නොහැකිවූ හෙයින් නිලධාරින් අමාත්‍යවරයාට දැනුම්දී සිටියේ පදනම් විරහිතව නොව සාක්ෂි මගින් ඔප්පු කල හැකි තොරතුරු පමණක් කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress