සජිත් ජනාධිපති වුනොත් අගමැති පත්කරන හැටි මුජිබර් කියයි
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යවරයා වන්නේ කවුරුන්ද යන්න, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්ව සාකච්ඡා කර තීරණය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර විශේෂ සකච්ඡා දෙකක් අද පෙරවරුවේ පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් විකමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress