මත්තල වී ගබඩා කිරීම ගැන දූෂණ වංචා සොයන ජනපති කොමිසම අගමැතිගෙන් ප්‍රශ්ණ කරයි
Posted on October 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

වත්මන් ආණ්ඩුව සමයේ රාජ්‍ය ආයතන වල සිදුවු දුෂන සහ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දෙවන දිනටත් පෙනී සිටියා.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුවු බවට වූ පැමිණිල්ලකට අදාළව ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදිම සදහායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙගව 10.30ට පමණ ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

එහිදී මත්තල, ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය තුළින් රජයට පාඩු සිදුවුයේ යැයි සැලකෙන පැමිණිල්ලට අදාළව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය සහ ජනාධිපති කොමිසමේ සමාජිකයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මෙහිදි අග්‍රාමාතයවරයා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මත්තල ජත්‍යාන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරිමට අදාළ තීරණය ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනුකමිටුවක් විසින් බවයි.

එබැවින් එම තීරණය සම්බන්දයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද අග්‍රාමාතයවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කර තිබෙනවා.

හදිස්සි අවස්ථාවකදි භාණ්ඩ ගබඩා කිරීම සඳහා ගුවන්තොටුපලවල්හි පහසුකම් සලසා ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙන්වා දුන්නේ සුනාමි අවස්ථාවේදි කටුනායක ගුවන් තොටුපලේද භාණ්ඩ ගබඩා කර තිබු බවයි.

එසේම මෙම වී ගබඩා කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ ගුවන්තොටුපළ අධිකාරිය සහ වී අලෙවි මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙකෙහිම මැදිහත්වීමෙන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වී ගබඩා කිරීම තුළින් යම් පාඩුවක් සිදුවී ඇත්නම් එය ගුවන්තොටුපළ අධිකාරියට වී අලෙවි මණ්ඩලයෙන් අයකරගත හැකි බවයි.

පැයකට අධික කාලයක් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදිමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මධ්‍යන 12ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියා.

අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටි දෙවන අවස්ථාව මෙය වන අතර කෘෂිකර්ම අමාත්‍යංශය බත්තරමුල්ල ඩීගපී ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන ගොස් මාසිකව රුපියල් මිලියන 24.6ක කුලියක් ගෙවීම තුළ රජයට පාඩුවක් සිදුවුයේ යැයි ගොනුකර තිබු පැමිණිල්ලක අදාළවද අග්‍රාමාත්‍යවරයා ඉකුත් සැප්තැම්බර් මස 16 වන දින ජනාධිපති කොමිසම හමුවේ සක්ෂි ලබාදුන්නා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress