පක්ෂයේ ප්‍රධාන අපේක්ෂාව ගැන ජී.එල් කියයි
Posted on January 1st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගැනීම මෙම වසරේ තම පක්ෂයේ ප්‍රධාන අපේක්ෂාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ අදහස් පළ කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

ප්‍රවෘත්ති සාකච්ඡාවට ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් උදාවූ නව වසර සැමරීමේ උත්සවයක්ද පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress