ප්‍රති ත්‍රස්ත පනත අවශ්‍ය වුනේ මංගලටයි කොටි ඩයස්පෝරාවටයි
Posted on January 5th, 2020

මහනුවර කේ.එල්. සුරවීර උපුටා ගැන්ම  මව්බිම

පාර්ලිමේන්තු මත්රිවරයෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කඩවීම සම්බන්ධව හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා සම්පූර්ණ නිදහස ස්ථාපිත කර තිබෙන බවද බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍යය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

වත්තේගම පැවැති ජනහමුවකින් පසු මාධ්‍යය හමුවේ අද (05) අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදී ත්‍රස්තවාදය මර්දනය කරන්නට කටයුතු කරන පිරිසට බන්ධන ගෙන එන ප්‍රති ත්‍රස්ත පනත රටට අවශ්‍යය එකක් නොවන බව කී ඇමැතිවරයා මෙවැනි පනතකට අත එසවිය හැක්කේ ඩයස්පෝරාවේ රූකඩ ලෙස කටයුතු කරන  දේශපාලනඥයින්ට පමණක් බව පෙන්වා දුන්නා.

කිසි ලෙසකින් පරාජය කළ නොහැකි බවට ජත්‍යන්තරය පවා ප්‍රකාශ කර තිබියදී තිස් වසරක සාපයෙන් රට මුදා ගනිමින් එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉවහල් වූයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බවත් එහි කිසිදු වරදක් තමන් නොදකින බවත් කී ඒ මහතා ජීනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කෝලං නටන ඩයස් පෝරාව ඇතුළු බලවේගයන්ට වුවමනාව මත මංගල සමරවීර ඇතුළු කිහිප දෙනෙකුට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාව පැවැති බවද අවධාරණය කළා.

අන්තාවාදී කණ්ඩායම් වල බලපෑමකින් තොරව රට ඉදිරියට ගෙන යෑම පිණිස පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳ තීරණයක් ගන්නා ලෙස  තමන් නිතර ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ මෙම හේතූ නිසා බවත් අද එයට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවා.

පසුගිය හය පාලන රජය මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධිකරණයට ගෙන යෑමට වත්මන් රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් එදා අරලිය ගහ මන්දිරයට එක්ව පාඨලී ,රාජිත, අනුර ඇතුළු පිරිස තීරණ ගත් ආකාරය පිළිබඳව රටට හෙළි කළේ ඔවුන් විසින්ම ඉහළ පුටු වලට පත් කරන ලද නිලධාරීන් විසින් බවත් රඹුක්වැල්ල මහතා කීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress