RANJANGATE SCANDAL- “එයා කතෝලිකද, එහෙනම් කොලිටියි” අධිකරණයේ උසස්වීම් ලැබීමට ආගම බලපෑ හැටි රංජන්ගේ හඬපටයෙන් හෙළිවේ
Posted on January 7th, 2020

උපුටා ගැන්ම Lanka Mag

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.

ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා අභියාචනාධිකරණයේ ඇති පුරප්පාඩුවකට තමන් යොමු කරනා ලෙස ඉල්ලා සිටියි.

මෙලෙසට මාධ්‍යයට නිකුත්ව ඇති තවත් හඬපටයක නිශාන්ත ද සිල්වා කන්දප්පා අමතන රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරයෙකුගේ ආගම සහ කුලය විමසනවා.

එහිදි රංජන් රාමනායක පවසන්නේ ආගම කතෝලික හා කුලය දුරාව නම් ඔහු කොලිටි” බවයි.

පසුගිය සමය පුරාවටම මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ උසස් වීම් ලබා දීමට ආගම සළකා බැලූ අතර එහි ප්‍රධානීත්වය ඉසුලූවේ සමස්ත ලංකා කතෝලික සභාවේ උප සභාපති ජනාධිපති නීතිඥ එම්. ඒ සුමතිරන් විසිනි.

රංජන් රාමනායක වැනි දේශපාලන රස්තියාදුකාරයන්ගේ ඇල්ම බැල්ම සහ ගෞරවාදරයට පත්වීමට නිර්ණායකයක් වන්නේ රන්ජන්ලාගේ දේශපාලන මතවාදය නියෝජනය කිරීම පමණක් නොවන බවත් ඒ සඳහා අදාල පුද්ගලයන්ගේ ආගමික පසුබිමද අනිවාර්යයෙන්ම බලපාන බවත් එම හඬ පටය අනුව පැහැදිලිය.

ආගමික බලපෑම් ගිල ගෙන ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවේ.

සමස්ත ලංකා කතෝලික මහ සභාවේ උප සභාපති, අධි නීතිඥ එම්. ඒ සුමන්තිරන් විසින් ව්‍යවස්ථාදායක සභාව හරහා අධිකරණ ක්‍රියාවලිය මෙහෙයවූ පසුගිය සමයේ මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ උසස් වීම් ලැබීමට නම් ආගමික බලපෑම ඉතා ඉහළ විය.

කතෝලික පුද්ගලයන්ට තනතුරු ලබා දීමේදී ප්‍රමුඛත්වය ලැබෙන බව බව පත්මිණි විනිසුරුවරිය සහ රන්ජන් හඬ පටයේදී අදාල විනිසුරුවරියද ඉතා දැඩිව කියා සිටියි

අධිකරණ ක්ෂේත්‍රය තුල පත්විම්,උසස්වීම් ලබා දීමේදී බෞද්ධාගම්කාරයෙකු නොවීම සහ කතෝලිකයෙකු වීම වැනි කාරණා මෙතරම් බලපානවා නම් රටේ අනිත් ක්ශේත්‍රයන් තුල ඇති තත්වය ගැන සිතා ගත හැකියි. එයින් ඉස්මතු වන්නේ මේ රට තුල සිංහල බෞද්ධ සංහාරය කෙතරම් දරුණුවට සිදුවනවාද යන්නයි. එම අනතුර කෙතරම් දරුණුද යන්නයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress