අධිකරණ පාතාලය මැඩලන්නේ කෙසේද?
Posted on January 12th, 2020

චන්‍ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

රන්ජන් රාමනායකගේ හඬපට රාජ්‍ය කලම්බා, මෙරට ජනතාවට බලකරමින් කියා සිටින්නේ, තව දුරටත් මෙරට අධිකරණය සම්බන්ධව කිසිදු විශ්වාසයක් නොතබන ලෙසයි. විධායකය, ව්‍යාවස්තාධායකය හා අධිකරණයෙන් රාජ්‍ය නිර්මාණය වන්නේ නම්, කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි පාදඩ අධිකරණයක් සමග තවදුරටත් මේ රාජ්‍යට පැවතිය නොහැක. අධිකරණය පාදඩකරණයට ලක්වී ඇත්නම් කලයුත්තේ අධිකරණය විසුරුවා හැර නව අධිකරණයක් ස්ථාපිත කිරීමයි. නමුත් එය කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත. එසේනම් කලයුත්තේ කුමක්ද? මේ පාදඩ අධිකරණය සමග ඉදිරියට යනවාද යන ගැටලුව රට හමුවේ ඇත. එසේ නොවිය යුතු අතරම එසේ වීමටද ඉඩදිය නොහැක.

දැන් අප ඉදිරියේ ඇත්තේ මෙරට පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටද නැත්නම් අධිකරණයටද යන ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම, සියල්ලන්ම දන්නා පරිදි මෙරට පරමාධිපත්‍ය බලය හොබවනුයේ ජනතාවයි. මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා විසින් කල යුත්තේ, අධිකරණය සම්බන්ධව පැන නැගී ඇති සියලුම කරුණු ජනතාවට ඉදිරිපත්කර අධිකරණයේ සම්පුර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා ජනතා වරම් ලබා ගැනීමට ජනමත විචාරණයකට යාමයි. එම ජනවරමින්පසු සුපිරිසිදු අධිකරණ පද්ධතියක් සියලු නීති විශාරදයින්ගේ මුලිකත්වයෙන් ගොඩනැංවීම සිදුකල යුතුය. මේ ක්‍රම වේදයට එහා ගිට කිසිදු ක්‍රමවේදයකින් ඇතිවී තිබෙන තත්වයට පිළියම් කල නොහැක.

2 Responses to “අධිකරණ පාතාලය මැඩලන්නේ කෙසේද?”

  1. Geeth Says:

    මම ඔබ හා සමග සියයට සියයක්ම එකඟ වෙමි. මේ සියල්ල පිළිබඳව විසඳුම් සෙවීමේදී රජය ස්වාදීන විය යුතුය. මේ සඳහා බටහිර උපකාර අපේක්ෂා කිරීම නිෂ්පලය.

    අධිකරණය බල්ලට යෑම සිරි ලංකාවට පමණක් සීමාවූ ප්‍රශ්නයක් නොවේ. කුණුවීම ඇරඹුණේ බටහිරිනි. යටත් විජිතවල රාජ්‍යයන්ට අල්ලස් දී නීති විරෝදී ක්‍රියාවන්ට අනුබල දුන්නේද බටහිරය.

    අනෙක් රටවලත් අධිකරණය දුෂිත වූ පමණින් අප ඊට අවනතව ජීවත්විය යුතු යැයි මම යෝජනා නොකරමි. පෞද්ගලික සිරගෙවල් හිමි සමාගම් විසින් විනිසුරු වරුනට අල්ලස් දී, සුළු වැරදි කල චුදිතයනට දීර්ඝ කාලීන සිර දඬුවම් දීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක වී පැවැත, එම දුෂිත විනිසුරුවන් නීතියේ රැහැනට හසු වූ අවස්ථා ඇමෙරිකාවේදී අසන්නට ලැබිණි. මුදලට මිලදී ගත හැකි කිසිවක් නොමැති බව බටහිර ප්‍රජාතන්ත්‍ර වාදය අපට උගන්වා තිබේ.

    බටහිරින් අපට ඔවුන්ගේ හොඳ දේවල් නොදෙති. විද්‍යාව තාක්ෂනය අපට ලැබෙන්නේ හරි අඩුවෙනි. නමුත් හත් පොලේ ගූ ගා ගත් බටහිර ප්‍රජාතන්ත්‍ර වාදය පිලිබඳව නම් අනේකවිධ බන දේශනා නම් නොඅඩුව ලැබේ. පුංචි පවුල රත්තරන් කියා බටහිර නුතනත්වය අපට ඉගැන්වීය. අප ඒ ගුලිය කෑමුත්, අපගේ අනෙක් ජන වර්ග එය නොකෑහ. සමහරවිට පැලැන එය විය හැක. වසර හතළිහකට පසුව මොකද උනේ කියා අපට තේරුණි. ඊළඟට අපට දේශනා කලේ පුංචි ආණ්ඩුව වඩාත් නිදහස් ය කියාය.

    ආණ්ඩුව කුඩා කරන්න කියා කීමේ අරමුණ වන්නේ, ආණ්ඩුව විසින් අත්හරින තම කාර්යයන් බහු ජාතිඅක සමාගම් විසින් අත්පත් කරගැනීමය. අවසානයේදී තේරුම් ගත යුතු කරුණ වන්නේ, මේ සියල්ල, එනම් ගොලීයකරණයද ඇතුළුව, මෙහෙයවන්නේ බහු ජාතික සමාගම් විසින් බවය. අද බටහිර රජයන් බහුජාතික සමාගම් වල සිරකරුවන් වී තිබේ. IMF, World Bank ඔවුන්ගේ උපකරණය.

    මුළුමහත් මානව සංහතියම බහුජාතික සමාගම් වල මුදල් බලයට යට වී ඇති යුගයක ස්වාදීන අධිකරණයක් පැතීම යනු අසුචි වලකින් සමන්පිච්ච්ච සුවඳ අපේක්ෂා කිරීම වැනි නිෂ්පල අපේක්ෂාවකි.

  2. Geeth Says:

    Please read as…මුදලට මිලදී ගත නොහැකි කිසිවක් නොමැති බව බටහිර ප්‍රජාතන්ත්‍ර වාදය අපට උගන්වා තිබේ. කථානායක වරු, විනිශ්චයකාරවරු, මන්ත්‍රී වරු, ඇමතිවරු, තානාපතිවරු, අගමැතිවරු හා ඇතැම් විට ජනාධිපතිවරු පවා මෙම තත්වයතුල මුදලට විකිණී තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress