RANJANGATE SCANDAL – රන්ජන්ට එරෙහි ගිහාන් පිලපිටියගේ පැමිණිල්ල ගැන විමර්ශන සිදු කර නෑ-අජිත් ප්‍රසන්න
Posted on January 13th, 2020

උපුටා ගැන්ම  අද දෙරණ

රංජන් රාමනායක මහතා විසින් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු 2015 වසරේදි අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇතත් ඒ පිළිබදව නිසි විමර්ශනයක් සිදුකර නැතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අද අනාවරණ කළේය.

ඒ කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ බව පැවසෙන දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් පසුගිය 08වනදා මාධ්‍ය වෙත නිකුත් විය.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේ එම සංවාදයේ දී ගිහාන් පිලපිටිය මහතා තැතිගැන්මකින් යුක්තව කථා කරන බවයි.

එසේම එහිදී රන්ජන් රාමනායක මහතා විසින් ගිහාන් පිලපිටියගෙන් කළ ඉල්ලීම ද ඉටු නොවු බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ගිහාන් පිලපිටිය මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු 2015 වසරේදි අධිකරණ සේවා කොමිසමට ලිඛිතව සිදු කළ පැමිණිල්ලට අනුව කටයුතු නොකළේ ඇයිදැයි අධිකරණ සේවා කොමසම කරුණු දැක්විය යුතු බව අජිත් ප්‍රසන්න මහතා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress