RANJANGATE SCANDAL – රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
Posted on January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සළකා බලමින්.

අදාළ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක වගන්තිය යටතේයි. 

වරෙන්තුවක් ලබාගෙන රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස්

විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතීඥ නිෂාරා ජයරත්න කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක වගන්තිය යටතේ මන්ත්‍රීවරයා විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

මෙම වගන්තිය යටතේ නීතිමය පියවර ගැනෙන පළමු අවස්ථාව මෙය වනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress