මහනායක හිමිවරු රනිල් ඉල්ලයි – “2023 වෙනකන් නායකයා මමයි ” ; රනිල් කියයි
Posted on January 19th, 2020

උපතිස්ස පෙරේරා උපුටා ගැන්ම මව්බිම දැන්

මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ මෙන්ම එජාපෙ හවුල්කාර පක්ෂවල ඉල්ලීම මත තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස 2023 පමණ වන තෙක් කටයුතු කරන බවත් 2025 මැතිවරණයට ඉදිරිපත් නොවන බැවින් ඒ වන විට එජාප නායකත්වය සුදුසු අයකුට පවරන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ බව පළ කළ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ අදහසක් මේ මොහොතේ පැනනොනඟින බවද සඳහන් කර තිබේ. එමෙන්ම ව්‍යවස්ථානුකූල මත විමසීමේ අවශ්‍යතාවක් නොමැති බව පවසා එජාප නායකයා එදින රැස්වීමෙන් පිටව ගොස් තිබේ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress