RANJANGATE SCANDAL – රන්ජන්ගේ දුරකථන සංවාදය ගැන, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් සී.සී.ඩී.ය ප්‍රකාශ ගනී
Posted on January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93

හිටපු මහාධිකරණ විනිසුරුවරිය අද පස්වරු 3ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර එහිදී ඇය පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ දුරකථන සංවාදවල නිරතවීමේ සිද්ධීන්වලට අදාළව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා

රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවන්ගෙන්, කල් නොයවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දීමක් කර තිබුණා.

ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබුණේ.

එමෙන්ම, ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අධිකරණ සේවා කොමිසම විසින් පසුගියදා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.

එමෙන්ම එම කොමිසම ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකොට තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress