RANJANGATE SCANDAL – හඬපට හරහා රංජන් වීරයෙකු කිරීම අවශ්‍ය නැහැ – එජාප පසුපෙළ
Posted on January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

දුරකථන සංවාද ඇතුළත් හඬපට හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වීරයෙකු කිරීම අවශ්‍ය නොවන අතර ආණ්ඩුව විසින් මෙම ප්‍රශ්නය විසඳීමට වහා පියවර ගතයුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙම අදහස් පළ කළා.

මේ අතර, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය පිළිබඳ අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress