RANJANGATE SCANDAL – හිටපු අගමැති කුමන්ත්‍රණයක් සඳහා මන්ත්‍රී රංජන් භාවිත කරන බවට සිංහලේ සංවිධානයෙන් චෝදනා
Posted on January 23rd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අර්බුදයකට යැවීමේ කුමන්ත්‍රණය සඳහා රංජන් රාමනායක මන්ත්‍රීවරයාව භාවිත කරමින් සිටින බවට සිංහලේ සංවිධානය චෝදනා කරනවා.

පෙර කරන ලද පැමිණිල්ලක් සදහා ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී එම සංවිධානයේ මහලේකම් ප්‍රදීප් සංජීව මෙම අදහස් පලකළා.

මේ අතර අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද රංජන් රාමනායක හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලවුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress