ගොඩහේවා ප‍්‍රකට සමාගමකට දුන් තනි වචනය හෙලි වෙයි..
Posted on January 24th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

ජනවාරි මස 22 දා පැවති කැළණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ 106වන උපාධි ප්‍රදාන උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ආචාර්ය නාලක ගොඩහේවා මහතායි.

වරලත් ඉංජිනේරුවෙකු, වරලත් ගනකාධිකාරවරයෙකු හා වරලත් අලවිරුවෙකු යන අංශ තුනකම වෘත්තීය සුදුසුකම් ඇති ආචා රය නලක ගොඩහේවා ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධියත් , ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර් ය උපාධියත් සපුරා ඇති දුලබ ගනයේ විද්වතෙකි.

පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ආයතන ගනනාවක ප්‍රධානියා ලෙස සාර්ථ්ක ප්‍රතිපල පෙන්වා ඇති ආචාර්ය නාලක ගොඩහේවා උපාධිදාරී සිසුන් අමතා කල පහත දැක්වෙන දේශණය රැකියා වෙළඳපොලට පිවිසෙන තරුණ තරුණියන්ට ඉතා ප්‍රායෝගික අවවාද ‍මාලාවකින් සමන්විත වූවක්.

සියල්ලටම පෙර මම ඔබට සුබ පතනවා ඔබේ උපාධිය සාර්ථකව අවසන් කිරීම පිළිබඳව. ඔබ මේ ජයගෙන ඇත්තේ ජීවිතයේ ඉතා වටිනා කඩ ඉමක්.

ඔබව මේ තත්වයට ගෙන එන්නට ඔබේ දෙමව්පියන් විශාල කැපකිරීම කරන්නට ඇති. අද ඔවුන් ඔබ මේ ලබා ගත් ජයග්‍රගහණය ගැන බෙහෙවින් සතුටු වෙනවා . ඒ වගේම ඔබේ සහෝදර, සහෝදරියන් , නෑදෑ හිතමිතුරන් අද ඔබ සමඟ සතුට බෙදා ගන්නවා. ඔබේ ගුරුවරුන් ඔබ ගැන ආඩම්බර වෙනවා. සමාජය ඔබට සුබ පතනවා.

ඔබේ ජීවන ගමන මේ පටන් ගත්තා විතරයි. සමහර විට ඔබ මෙතෙක් ආ ගමන මෙන් 3 ගුණයක්වත් දිගු ගමනක් ඔබ ඉදිරියේ තිබෙනවා. මෙතැන් පටන් ඔබේ අරමුණු වෙනස් වෙනවා. ඔබේ අභියෝග වෙනස් වෙනවා. ඒ අභියෝග ජයගෙන, අරමුණ කරා යන්නේ කෙලෙසද කියා දැන් ඔබ සැලසුම් කල යුතුයි.

ජීවත් වීම සඳහා සෑම කෙනෙකුටම ආදායමක් අවශ්‍ය වෙනවා. ඔබ මෙතැන් පටන් ඔබේම ආදායම උපයා ගත යුතුයි. තව දුරටත් මව්පියන්ගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් හෝ රජයේ ආධාර වලින් යැපීම නතර කල යුතුයි. ඔබ වැඩිදුර අධ්‍යාපනයට යොමුවුනත් එය තමුන්ගේම කියා ආදායමක් උපයන ගමන් කරනවානම් තමා වඩා හොඳ.

යමෙකුට සමාජයට බරක් නොවී සාධාරණව ආදායම් උපයන්නට ක්‍රම කිහිපයක්ම තිබෙනවා. මා හිතනවා ඔබ ඒ ගැන දැනුවත් විය යුතුයි කියා. එය නොදන්නා කම නිසා තමයි සමහර උපාධිදාරීන් උපාධිය සම්පූර්ණ කොට වසර ගනනාවකට පසුත් රැකියා විරහිත උපාධිදාරීන් කියා ලේබලයක් තමුන්ම ගසාගෙන අනුන්ගේ පිහිට පතන්නේ.

ඔබ මෙතෙක් ලබා ගත් අධ්‍යාපන සුදුසුකම් හා ඔබේ කුසලතා හා පෞරෂය පදනම්ව ඔබට සමහරවිට රැකියාවක් සොයාගත හැකියි. රැකියාවකට ඉල්ලුම්පත්‍රයක් දමනා විට , සම්මුක පරීක්ෂණයකට මුහුන දෙන විට ඔබ ඔබව කෙතරම් දක්ෂ ලෙස ඉදිරිපත් කරගන්නවාද යන්න මත තමයි ඔබ කොතරම් ඉක්මනින් හා පහසුවෙන් රැකියාවක් ලබා ගන්නවාද යන්න තීරණය වන්නේ. එකම සුදුසු කම තිබුනත් උපාධිදාරින්ගෙන් කොටසකට රැකියා ලැබෙන්නටත් අන් අයට නොලැබෙන්නටත් හේතුව බොහෝ විට තමුන්ගේම තිබෙනා අඩු පාඩු නිසායි. ඒ ගැන සමාජයට හෝ රජයට දොස් කිමෙන් පලක් නැහැ. ඔබ කල යුත්තේ ඒ අඩුපාඩු මොනවාද කියා වටහාගෙන ඒවා නිවැරදි කර ගැනීමයි.

වර්ථමාන ගෝලීය ආර්ථිකය තුල තවත් කෙනෙකු යටතේ රැකියාවක් කරනවාට වඩා ස්වයං රැකියාවක් කිරීමේ අවස්ථාවක් තිබෙනා බවත් ඔබ මතක තබා ගත යුතුයි. එය සමහර විට ඔබේ කුසලතාවක් පදනම් කරගෙන කරන ස්වයං රැකියාවක් වන්නට පුලුවන්. සමහර විට එය ඔබ විශ්ව විද්‍යාලය තුල හෝ එයින් පරි බාහිරව ඉගනගත් දෙයක් මත පදනම්ව කරනා ස්වය්ං රැකියාවක් වන්නට පුලුවන්. සමහර විට වෙළඳ පොල තිබෙන විවිධ ආදායම් ඉපයීමේ අවස්ථා හඳුනාගෙන ඔබ විසින් ආරම්ඹ කරනා ස්වයං රැකියාවක් විය හැකියි. උදාහරනයක් ලෙස අද අන්තර්ජාලය හරහා විවිධ සේවා සපයමින් හොඳ ආදායමක් උපයන විශාල පිරිසක් රට තුල සිටිනවා. එය රැකියාවක් කොට මුල් කාලයේ ලැබිය හැකි ආදායමට වඩා බොහෝ ඉහල ආදායමක් විය හැකියි. ඒ වගේම වෘත්තීය දැනුම හා පුහුණුව ස්වයං රැකියාවක් හරහා ජීවිතය ගොඩ නංවා ගැනීමට මාර්ගයක් වෙන නිසා උපාධියෙන් ලද දැනුමට අමතරව යම් ක්ෂේත්‍රයක වෘත්තීය දැනුම ලබා ගන්නටත් ඔබට යොමු විය හැකියි.

කාර්මිකයන් කලාකරුවන්, මාධ්‍ය වේදීන්, පුද්ගලික පංති ගුරුවරුන්, තාක්ෂණික උපදේශකයන්, නීතිවේදීන්, ගෘහ නිර්මාන ශිල්පීන්, රූප ලාවණ්‍ය උපදේශකයින්, රක්ෂණ නියෝජිතයන් වැනි ස්වයංරැකියා අවස්ථා දහස් ගනනක් මේ රටේ තිබෙනවා.

ආදායම් ඉපයීමට මීලඟ අවස්ථාව වන්නේ තමුන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්බ කිරීමයි. අනුන්ගෙන් රැකියා ඉල්ලනවා වෙනුවට අනුන්ටත් රැකියා ලබා දෙන්නට එවිට පුලුවන්. ව්‍යාපාරිකයෙක් වීම ඉතා ගෞරවාන්විත වෘත්තියක්. මන්ද ව්‍යාපාරිකයා රටේ සංවර්ධනයට ඍජුවම දායක වන, ජනතාවට, රැකියා අවස්ථා උත්පාදනය කරන තැනැත්තෙක් නිසායි. වර්ථමානයේ රටේ ආර්ථිකයෙන් 50% කට පමන දායක වන්නේත්, රටේ රැකියාවලින් 70% පමන සපයන්නේත් ව්‍යාපාරිකයනුයි. ඔබට වෙළඳපොල තිබෙනා ව්‍යාපාරික අවස්තාවන් හඳුනාගන්නට පුලුවන්නම් පොඩියට හෝ ව්‍යාපාරයක් ආරම්බ කිරීමත් සලකා බලන්නට පුලුවන්. අද ඔබ රැකියාවකට ගියත් අත්දැකීම් ලබාගෙන, ආයෝජනය සඳහා යම් මුදලක් එකතු කරගත්තාට පසු අනාගතයේ දවසක හෝ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්බ කරන්න කියා මම යෝජනා කරනවා.

අපේ රටේ ජනතාවගෙන් ව්‍යාපරිකයන් සිටින්නේ ඉතා සුලු ප්‍රතිශතයක්. එයට හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය තුල මෙන්ම සමාජය තුල ව්‍යවසායකත්වයට නිසි ගෞරවය ලබා දී නැති නිසායි. රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස දේශිය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට, ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත් වත්මන් රජය බලාපොරොත්තු වෙනවා.

මා මේ කී ක්‍රම 3 පලවෙනි එකේ ඔබ අනුන් වෙන්වෙන් වැඩකරනවා, දෙවන්නේදී ඔබ ඔබ වෙනුවෙන් වැඩ කරනවා, තුන් වැන්නේදී, ඔබ අනුන්ගෙන් වැඩ ගන්නවා.

ආදායම් ඉපයීමට සිව් වන ක්‍රමයකුත් තිබෙනවා. ඔබ වෙනුවට වැඩ කරන්නට මුදල් යෙද වීම. එයට අප කියන්නේ ආයෝජනය කියායි.

උදාහරනයක් වශයෙන් කොටස් වෙලඳපොලේ සුලු මුදලක් ආයෝජනය කොට ප්‍රතිලාබයක් ගැනීම මෙම ක්‍රම වේදයට අයත් වෙනවා. කොටස් වෙළඳ පොල පමනක් නොවෙයි යමෙකුට මුදල් වලින් මුදල් හොයන්නට තිබෙන ක්‍රමවේදය. ඔබ සොයා බැලුවොත් තවත් ආයෝජන අවස්ථා රාශියක් හමු වේවි.

මම මේ ආදායම් උපයන ක්‍රම ගැන සඳහන් කලේ ඔබත් ඔබේ දෙමව්පියනුත් බොහෝදෙනක් මේ අවස්ථාවේ රැකියාවක් ගැන සිතමින් යම් ආකාරයකට බියට පත් වී සිටිනවා විය හැකි නිසායි. එසේ බිය වීමට අවශ්‍ය තාවක් නැහැ.

ඔබ සමහර විට අසා ඇති මට ඉංජිනේරු විද්‍යාව, ගණකාධිකරණය, අළවිකරනය යන වෘත්තීය සුදුසුකම් තුම තිබෙනා අතර ව්‍යාපාර කලමණාකරණය පිලිබඳා පශ්චාත් උපාධියකුත් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්‍ය උපාධියකුත් තිබෙනවා. මම පෞදග්ලික අංශයේත් රාජ්‍ය අංශයේත්, ක්ෂේත්‍ර ගනනාවක, ආයතන ගනනාවක ඉහලම තනතුරු දරා ප්‍රතිපල පෙන්වූ පුද්ගලයෙක්.

නමුත් මීට වසර 30 කට පමන පෙර මමත් ඔබ වගේ නවක උපාධිදාරියෙක්. ඔබට වගේම මටත් අනාගතය ගැන පැහැදිලි අවභෝධයක් තිබුනේ නැහැ. නමුත් මා සතුව තිබුන එක් ගුණාංගයක් නිසා තමයි මට මෙතෙක් මගේ ගමන සාර්ථකව එන්නට පුල්වන් වුනේ. ඒ කුමක්ද කියා කියන්නට මම මගේ ජීවිතයේ පොඩි අත්දැකීමක් කියන්නම්.

මම මුලින්ම රැකියාව ලබා ගත්තේ බහුජාතික සමාගමක් වන යුනිලීවර් ආයතනයේ පුහුණු කලමනාකරුවෙක් වශයෙන්. ඒ කාලයේ එම ආයතනයට සුදුසුකම් ලබන්නට ඉතා අමාරුයි. මම එයට අයැදුම් කොට සම්මුක පරීක්ෂණ කිහිපයකට මුහුණ දී අවසාන සම්මුක පරීක්ෂනයට ගිය විට ආයතනයේ සභාපතිවරයා මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා. ඔහු එය ඇසුවේ ඉංග්‍රීසියෙන්

ඔහු ඇහුවා CAN YOU DESCRIBE YOUR CHARACTER IN ONE WORD කියා.

ඔබට ඔබේ චරිතය එක වචනයකින් විස්තර කරන්න පුලුවන්ද කියා

මම දුන්න උත්තරය CONFIDENT කියායි. එහි සිංහල තේරුම ඔබ දන්නව.

ඒ කියන්නේ ‘ආත්ම විශ්වාසය’ ඇති කියායි.

අයදුම් කරුවන් දහසකට අධික ප්‍රමානයකින් ඔවුන් මාව එදා තොරා ගත්තා. එදා පටන්මේ දක්වා මගේ ගමන එන්නට උපකාර වුනේ කිසි දෙයකට බැහැ නොකියන ආත්ම විශ්වාසයයි

ඒ නිසා මම ඔබටත් අද දෙන්නේ එකම එක අවවාදයයි. ඔබ ඔබ ගැන විශ්වාසය තබන්න, ආත්ම විශ්වාසය කියන්නේ එයයි.

නොපසුබට උත්සාහය තිබෙනවා නම් ජීවිතය ජය ගන්නට ඕනෑම අයෙකුට පුලුවන්. අවශ්‍ය වන්නේ ආත්ම විස්වාසය හා තැනට ඔබින තීරණ ගැනීමට හැකි කාලෝචිත ප්‍රඥ්ඥාව පමනයි.

– midia unit

One Response to “ගොඩහේවා ප‍්‍රකට සමාගමකට දුන් තනි වචනය හෙලි වෙයි..”

  1. aloy Says:

    I never knew Dr.Godahewa is an engineer. His name had been portrayed as a bad person by the media. After reading this article I referred to Wikipedia to find out about him. I was surprised to read his achievements. I am wondering whether he is not the right person to give support to Gota to develop the country as the PM?.

    Perhaps, he too joined Moratuwa in the same year that my brother was selected for Electronics. I insisted that he did Civil Engineering as I felt that there was no scope for graduates coming out of Electronics in our universities because they were not connected to the top rung ones in the US. Being an Anandian he had the advantage to talk to Unilever fellows well and get in.
    Now the situation is different as we are well connected and have the infrastructure necessary to leapfrog to the next level and he has that international experience he should be that person to be the PM. I do not know why he was arrested. He may have acted according to orders or even was fooled. As the saying goes in a popular song “Everybody is somebody’s fool”. But I know the voters were not fooled. Perhaps it is the other way.
    Whatever it is, I give a reason for a person not to be an expert in a certain field to be successful in that field to be effective and do well. Steve Jobs was only a cartographer and a hippie eating free meals. However after meeting his partner who had an electronics degree he built the most valuable tech company, Apple, in the US. Another guy who did International Trade degree in Netherlands and went to Taiwan without a penny started a Tech company there as his hobby was electronics and today his company is a leading manufacturer of PCBs to top tech companies in the world. As we know Taiwan’s TSMC is the leading manufacturer of CPUs for latest smart phones and he takes a jibe at them in the following video. And he also shows that there is no need to have that ‘KADUWA’ to be successful. What is required is that ‘confidence’.

    ‘https://www.youtube.com/watch?v=cMNXDqwKrRQ’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress