RANJANGATE SCANDAL – නීතිඥවරුන්ගෙන්, නීතිපතිට දින දෙකක්
Posted on January 24th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රන්ජන් රාමනායක වැනි පුද්ගලයින් නිසා හානි සිදුවූ අධිකරණ පද්ධතිය රැකගැනීමේ වගකීම රජය සතු බව අමාත්‍ය විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, කතානායක කරූ ජයසූරිය අද සභාවට දැනුම් දුන්නේ තමන් සතු හඬපට සභාගත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා පැවසුවද මෙතෙක් කිසිදු හඬ පටයක් ඔහු පාර්ලිමේන්තුවට ලබාදී නොමැති බවයි.

රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සභාවට දැනුම් දුන්නා.

මේ අතර, වරෙන්තුවක් ලබාගෙන විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

මේ අතර, නීතිපතිවරයා, විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට ලබාදුන් උපදෙසට විරෝධය පළ කරමින් කොළඹ නීති සංගමයද අද අලූත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක කියා සිටියේ නීතිපතිවරයාගේ එම තීරණය ඉවත් කර ගැනීමට දින දෙකක කාලයක් ලබා දෙන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress