කොරෝනා වෛරස් පරීක්ෂාවට ශ්‍රී ලංකාවේ පහසුකම් පවතින බව සෞඛ්‍ය ඇමතිනිය කියයි
Posted on January 27th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි නිශ්චිත වශයෙන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව අවශ්‍ය රසායනාගාර පහසුකම් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශය මගින් පත් කළ විශේෂිත කමිටුව ද අද රැස්වන බවයි.