අති ගරු ජනාධිපති තුමාගෙන් කෙරෙණ ඉතා වැදගත් ඉල්ලිමක්
Posted on January 29th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

අතිගරු ලකිසුරු තුමනි,

29.1.2020.

පහත සදහන් කරුණු නිසා තවදුරටත් පෙබරවාරි 4 දා මේ රටේ ඊනියා  නිදහස් දිනය පැවෙත්වීම නොකරණ මෙන් හා එය මැයි මස 22   දා පවත්වන මෙන් මුලුමහත් ජාතිය වෙනුවෙන්ම ඉතා ගවුරවයෙන් මම ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමි

අප්‍රේල් මාසයේදී පැවෑත්වෙන මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබා ගැනීමට එය විදුලි සෝපානයක් වනු ද නොඅනුමානය.

පළමුව 1948 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට හා සින්හල ජාතියට පූර්ණ නිදහස තබා කිසිම  නිදහසක් නොලැබුණු නිසාය

දෙවනුව අර්ධවශයෙන් හෝ  මේ රටට කිසියම් දේශපාලන නිදහසක් ලැබුනේ 1972 මැයි මස 22 ජනරජයක් වශයෙන් ප්රකාශකළ  දා බැවිණි

එමනිසා අප දැන් පැවැත්වියයුත්තේ ජන්‍රජ දිනය මිස නිදහස් දිනය නොවේ.

1972 සිට 1977 දක්වා පුරා පස් වසරක්ම රටේ නිදහස්  දිනය සැමරුම් උත්සවය පැවැත්වූයේද මැයි මස 22 වන දිනය. ඒ එවකට සිරිමාවෝ බන්ඩාරනායක අගමැති තුමියගේ නායකත්වයෙන් පැවැති ශ්‍රී ලන්කා රජය විසිනි. එබැවින් මේ රටේ නිදහස් දිනය වසයෙන් ප්රකාශකොට සැමරිය යුත්තෙ මැයි මස 22 දා මිස ජෙන්නින්ග්ස්ගේ බිරිදගේ උපන් දිනය සිහිකිරීම සන්දහ සුද්දා විසින් අපේ  මෝඩ  බටහිර ගැති කලු සුද්ධන්ගේ හිස  මත පටවා ගිය පෙබරවාරි 4 වන  දින නොවන ඔබතුමන්ද පිළිගනා බව අපි දනිමු. පෙබරවාරි 4 වන දින නිදහස් දිනය සැමරීමෙන් බ්රිතාන්ය යටත් විජිත ගැතිභාවය තවදුරටත් අප පිලිගන්නා බව යළිත් තහවුරුවෙයි. එබැවින් දැන්වත් මෙ පරගැති මානසිකත්වයෙන් මිදී ඔබතුමාගේ දේසප්රේමී සහ ජනහිතකාමී චින්තනයට ගැලපෙන පරිදි මැයි මස 22 වන දින ජනරජ දිනනය පැවැත්වීම වඩා උචිත බව මගේ අදහසයි මේ අදහස මුලු රටම පිළ්ගන්නා බවටද කිසුදු සැකයක් නැත.

තවද එසේ කිරීමෙන් මීලන්ග මැතිවරණයේදි ලක්ශ 75 ද ඉක්මවා පොදුපෙරමුණට චන්ද ලැබෙන බව මට සහතිකව කිව හැක.

නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි” යන ප්රවුර්තිය මම දුටිමි. මේ වූ කළී ගෝඨාභය රජයේ තවත් එක් වැදගත් දේශප්රේමි තීරනයක් වශයෙන් මම දකිමි.එසේ වුවද ජාතික ගීය සින්හලෙන් ගායනාකිරීමෙන් පමණක්  නිදහස සම්පුර්ණ නොවෙන බව පැහැදිළිව කිව යුතුය. මන්ද 1948 ෆෙබරවාරි 4 දා මේ රටට කිසිම නිදහසක් නොලැබුන පමණක්  නොව අද වනතුරෘත් අපගේ මව්බිමට පුර්ණ නිදහසක් ලැබී නැති නිසාය. මා එසේ කියන්න් ඇයි කියා පැහැදිලි කරගැනීමට  මෙ සමග අමුනා ඇති

 (Did we get any Independence from Britain in 1948?  Some new thoughts on Independence to Sri Lanka? Dr. Sudath Gunasekara 31.1. 2019.) යන ලිපිය බලන්න

මේ අනුව ශ්රි ලන්කාවේ නිදහස ගැන කතාකිරිමේදී 1948 මේ රටට නිදහසක් ලැබුනාය කීම චේතිය රජුගේ ගනයේ මුසාවක් බව දැන් සක්සුදක් සේ පැහැදිළිය. 1956 ජාතියක් හා රටක් වසයෙන් එක්තරා නිදහසක් ලැබුවද 1965 දී නැවතත් බලයට පත්වූ එක්සත් විජාතික පක්ශය” එම ජාතික පිබිදීම ආපසු හරවනු ලදුව 1972 වනතුරුම යලිත් ඒ පරගැති නිදහස් දිනයම සිරිත් පරිදි උතවාකාරයෙන් පවත්වන ලදී.

මේ රට ඇත්තවශයෙන්ම නිදහස් රාජ්යක් බවට පත්වූයේ 1972 මැයි මස 22 දින ජනරජයක්වූ දා සිට බව බහුතරයේ පිලිගැන්මයි. වසර 2500ක් පුරා මේ රටේ බුද්ධාගමට හිමිව තිබුණු තැනද නැවත ආපසු ලැබුනේ 1972 මැයි 22 දිනය. එතෙක් මේ රටේ නීති පැනවුයේ එන්ගලන්තයේ මහාරාජිනියගේ නමින්මය.  එසේම එන්ගලන්තයේ මහරැජිනගේ නියොජිතයාවු ආණ්ඩුකාරයා විධායකයේ නායකයාද වීය.  රටක් වසයෙන් අපි තවදුරටත් බ්රතාන්ය පොදුරාජ්ය මන්ඩලයේ සුවච කීකරු ගෝලයෙක්ම විය. එම තත්වය වෙනස්වූයේ 1972 මැයිමස 22 දිනය.  ඒ අනුව මේ රටේ ජාතික නිදහස්දිනය සැමරිය යුත්තේ සෑම වසරකම මැයි මස 22 මිස ජෙනින්ස්ගේ බිරිදගේ උපන්දින වු පෙබරවාරි 4 දින නොවෙන බව දැන්වත් අපේ දේශපාලකයින්ට නොතේරීම මොනතරම් අභාග්යක්ද.1972 සිට 1977 දක්වා වසර 5 ක්ම ජනරජ දිනය වශයෙන් ජාතික නිදහස් දිනය පැවැත්වුණු බව අපි කවුරුථ් දනිමු. එසේම 1977 දී නැවතත් බලයට පමිනි බටහිර ගැති  එක්සත් විජාතික පක්ශය 1978 සිට යළිත් පෙබ් 4 වනදිනම ජාතියේ නිදහස් දිනය සැමරීම ආරම්භ කරනලදී. 1994 දී ජනරජයේ මාතාව වූ සිරිමා බන්දාරනායක මැතිනියගේ අතිජාත දූහිතෲවරියක් වූ චන්ද්රිකා යලිත් 1995 සිට ඇයගේ සුපුරුදු බටහිර ගැතිබව ප්රදර්ශනය කරමින් යලිත්  ජෙන්නින්ස්ගේ බිරිදගේ උපන්දිනය සැමරීම සන්දහා පෙබවාරි 4 ම මේ ලන්කාවේ ඊනියා නිදහස් දිනය සැමරීම අරබන ලදී.එප්qඅමණැක් නොව නිදහස් දිනයේ ප්‍රස්ධාන අමුත්තා වසයෙ ඇය ගෙන්වූයේද  එන්ගලතයෙ මහ රැජිනියගේ නියෝජිතයාවූ මහලු චාලස් කුමරාය.

2005 දී ස්රී ලන්කා නිදහස් පක්ශය බලයට  පැමිනියද 2015 වන තුරුම පරන පුරුදු ආකාරයටම ෆෙබරවාරි 4 ම ඊනියා  නිදහස් දිනය  ස්මරණය කරන ලදී. මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයා 2006 සිට සැබෑ නිදහස් දිනය මැයි මස 22 වශයෙන් ප්රකාශකල යුතුව තිබුනද දයිවයේ සරදමකට මෙන් එය එසේ සිදු නොවින.

2015 දී චන්ද්රිකා-රනිල්-සිරිසෙන තුන් කට්ටළයේ මෙහෙයවීමෙන්  නැවතත් රාජ්ය බලය අත්පත්කරගත් එක්සත් විජාතික පක්ශය යලිත් නිදහස ෆෙබරවාරි 4 ටම ආපසු දක්කාගෙන යන ලදී. පසුගිය වසර හතරතුල නිදහසේ අභිමානය කොතරම් නොසැළකීමකට  හා සෑල්ලුවකට ලක්කෙලේද කිවහොත් සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ජාතික ගීය පවා දෙමලෙනුත් ගායනාකරන තැනට පල්ලන් බස්සවන ලදී. ඒ රනිල් – සිරිසේන- චන්ද්රිකා යන තිදෙනා නිදහස  සැමරූ ආකාරයය

1956 න් පසු ජනපති ගෝථාභය රාජපක්ශගේ නායකත්වය යටතේ දැන් ලබා ඇත්තේ 1956 මෙන්ම 2005 ටත්  වඩා ප්රබුද්ධ එසේම ප්රබල ජාතික පිබිදීමකි. පක්ශ දේශපාලනය සහ ආගම් භේධයකින් තොරව සින්හල ජාතිය මේ වන විට ඉතා ප්රභලව ගොනුවී ඇති බව උතුරු නැගෙනහිර සහ වතුකර දෙමල ජනතාව් හැර muLu rateima Sinhalayin එකාවන්ව එක්වී ඇති සැටි චන්ද ප්රතිඵල දැක්වෙන සිතියමෙන් පැහැදිළිව දැක්වෙයි. මා සිතන අන්දමට.මේ වූ කළී ලන්කා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වශයෙන් මම සලකමි.

කිතුවසින් 2020 දී ලන්කා රාජාවලියේ සිළුමිණවූ දුතටුගැමුණු  මහ  රජුගේ ජන්මභූමිය වන රුහුණු පුරයේ ජන්ම ලාභියකුවූ ගෝඨාතාභය රාජපක්ශ නම්වූ ලකිසුරු වරයකුගේ නව පාලනයක් යටතේ ස්රී ලන්කාවට යළිත් පූර්න නිදහස  ලබුණු බව සනිටුහන් කරමින් එතුමා විසින් ගනුලැබූ අනේකවිධ ජාතිමාමක  තීරන අතර තවත් ඉතා වැදගත් සන්සිද්ධියක් සනිටුහන් කරමින් 1977 තේ සිට ගතවූ අවසනාවන්ත වසර 43 කට පසු සියලු පරගැති බලවේග පරදවා ජාතියේ නිදහස් දිනය ලෙස ස්රී ලන්කාව ජනරජයක් වශ්යෙන් ප්රකාශ කෙරුනු වෙසක් මස  22 වන දින යලිත් ජාතියේ නිදහස් දිනය වශයෙන් මහත් අභිමානයෙන් සමරා ඉරහද පවතිනාතුරු ස්ථාපිත කළ වගයි! යන උදානයෙන් මෙ වසරේ ජනරජ දිනය සැමැරෙනු දැක්ම ජාතියේ  අපේක්ෂාවයි!

One Response to “අති ගරු ජනාධිපති තුමාගෙන් කෙරෙණ ඉතා වැදගත් ඉල්ලිමක්”

  1. Vaisrawana Says:

    Dr Sudath Gunasekera’s is very good proposal. I for one am all for it. May our President pay serious attention to this matter.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress