අඩි 1200ක් ඉහලින් ශ්‍රී ලංකාවේ විශාලතම ලෙළදෙන ජාතික කොඩිය ස්ථාපිත කරයි
Posted on February 4th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අභිමානවත් දේශයක අභිමානවත් ජනතාව අද 72 වැනි නිදහස් දිනය උත්කර්ශවත් ලෙස සැමරුවා.

රටේ අභිමානය ලොවට කියාපාන තවත් විස්මිත නිර්මාණයක නිමැවුම්කරුවන් වෙන්නට අපේ තරුණ පිරිසක් සමත්වුණා.

ඒ ලංකාවේ විශාලතම ලෙළදෙන ජාතික කොඩියේ හිමිකරුවන් වෙමින්.

ලංකාවේ විශාලතම ලෙළදෙන ජාතික කොඩිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ අවිස්සාවේල්ල මානියංගම රජමහා විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ සහ එම ග්‍රාමයේ තරුණ පිරිසක්.

මෙම නිර්මාණය සඳහා රෙදි යාර 120 ක් යොදාගෙන තිබෙනවා.

කොඩියේ දිග අඩි 50 වන අතර පළල අඩි 30ක්.

ජාතියේ අභිමානය කියාපාන මේ ප්‍රතාපවත් ජාතික ධජය ස්ථාපිත කෙරුණේ මුහුදු මට්ටමේ සිට අඩි 1200ක් පමණ ඉහළින් පිහිටි යකහටුවාව කඳුමුදුනේයි.

මෙම නිර්මාණ කාර්යයට දායක වූ තරුණ පිරිස පසුගිය වෙසක් උත්සවය වෙනුවෙන් විශාලතම ලෙළදෙන බෞද්ධ කොඩියක්ද නිර්මාණය කිරීම විශේෂත්වයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress