CID හිටපු අධ්‍යක්ෂට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි සිංහලේ සංවිධානයෙන් ප්‍රශ්නයක්
Posted on February 21st, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

දුරකථන හඬපට සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නීතිය ක්‍රියාත්මක වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව ප්‍රශ්න කරනවා.

අද පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.

සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව අද පොලිස් මූලස්ථානයට පැමිණි‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬපට සම්බන්ධයෙන් එම සංවිධානය පොලිස් මූලස්ථානයට කළ පැමිණිලි වලට අදාලව සිදුකරන විමර්ශන වල තත්ත්වය සොයාබැලීම සඳහායි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress