පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබී තිබු ඊමේල් පණිවුඩයක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි
Posted on February 26th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සඳහන් වූ ඊමේල් පණිවුඩයක් කොළඹ උතුර භාර පොලිස් අධිකාරීවරයාට කලින් ලැබී තිබුනත් ඔහු එම පණිවුඩය පොලිස් ස්ථානවලට යොමු කර ඇත්තේ ප්‍රහාරය එල්ල වූ දිනයේ පස්වරුවේ බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ ශ්‍රී ලංකා පොලිසියේ විද්‍යුත් තැපෑල පරීක්ෂා කළ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරියා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි වලට අනුවයි.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රථමයෙන් සාක්ෂි ලබාදුන්නේ කොළඹ පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී තාරක සෙනෙවිරත්න මහතායි. <

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂිත ඊමේල් පද්ධතිය තුළ 2017 වසරින් පසු යම්කිසි දෝෂ සහගත තත්ත්වයක් මතුව ඇති බව සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ විද්‍යුත් තැපෑල පිළිබඳ තාක්ෂණික මෙහෙයුම් සිදුකළ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නියෝජිත රවිදු විජේබණ්ඩාර මහතායි.

සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ප්‍රහාර එල්ල වන බවට අතින් ලද පණිවිඩයක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය  පොලිස්පතිවරයාට යොමු කර ඇති අතර පසුව එය ඊ මේල් පණිවුඩ ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය

පොලිස්පතිවරයා විසින් පහළ පොලිස් ස්ථර වෙත යොමු කර තිබූ බවයි.

ඒ අනුව 2019ග4ග11 පෙගව 9ග57ටල කොළඹ උතුරල කොගදකුණල කොගමධ්‍යමල වංචා විමර්ශන කොට්ශය, බස්නාහිර බුද්ධි කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පණිවුඩය යවා තිබූ ආකාරය තමන් හඳුනාගත් බව සාක්ෂිකරු පැවසුවා.

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් සදහන් කළේ කොළඹ උතුර කොට්ඨාශයෙන් එම පණිවුඩය පහළ අංශවලට ගලා යාමේ ගැටලුවක් මතුව තිබූ බවයි.

කොළඹ උතුර පොලිස් අධිකාරීවරයා එම පණිවිඩය පහළ පොලිස් ස්ථාන වෙත ලබාදී ඇත්තේ කුමන වේලාවේදැයි කොමිසම යළි විමසුවා.

එහිදී සාක්ෂිකරු පැවසුවේ ප්‍රහාරය එල්ල වූ දිනයේ පස්වරු 12.57ට එම පණිවිඩය යවා ඇති බවයි.

දෙමටගොඩ, බ්ලුමැන්ඩල්, මට්ටක්කුලිය, කොළඹ වෙරළබඩ සහ මෝදර පොලිස් ස්ථාන වෙත මෙලෙස පණිවිඩය යවා ඇති බව කොමිසම හමුවේ අනාවරණය වුණා.

කොමිසම එහිදී විමසා සිටියේ ඉහත පොලිස් නිලධාරියා සඳහන් කළ ආකාරයට අදාළ විද්‍යුත් පණිවිඩ හුවමාරු පද්ධතියේ හඳුනා ගෙන ඇති දෝෂ කවරේද යන්නයි.

එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එම පද්ධතිය තුල ඇත්තේ දෝෂ පමණක් බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress