උපාධිදාරීන් ඝාතනය කිරීම.
Posted on March 5th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

උපාධියක් ලැබුවෙක් එය ලබන්නේ සිය ජිවිත කාලයම උපාධිය ඉලක්ක කරගෙන සිදුකරන කැපකිරීම නිසාය. එය බරපතල කාර්යභාරයකි. උපාධිය ලබාගත් ඔවුන්ට ඊට සරිලන රැකියාවක් ලබා ගැනීමට නොහැකි සමාජයක් ඇත්නම්, ඒ සමාජය යනු උපාධිදාරියෙකුට සරිලන සමාජයක් නොවේ. එය උපාධිදාරීන් ඝාතනය කරන සමාජයකට සමානය. යම් හෙයකින් උපාධිදාරියෙක් ගොඩනැගිලි කම්කරුවෙක් ලෙස රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ නම් තත්වය කොතරම් බරපතලයි දැයි, ඔබම සිතා බලන්න. මෙවැනි තත්වයන් මේ රටතුල නිතරම සිදුවේ. දක්නට ලැබේ. බොහෝවිට එවැනි තත්වයකට පත්වූ උපාධිදාරින්ට එම සේවාස්තානයේ සිටින ඉහල තනතුරු දරන නිලධාරින් තමන්ට හැකි උපරිමයෙන් ඔවුන් කම්කරු තනතුර දැරුවද  යම් යම් ලිපිකරුවන්ගේ කටයුතු ඔවුන්ට පවරාදී, දැක්මෙන් ඔවුන් ඉහල තනතුරක් දරන්නන්ගේ තත්වයට පත් කරයි. මෙය මා දැක ඇති සත්‍ය කතාන්දරයකි.

එවැනි ගෞරවනීය මිනිසුන්ට නිගාදෙන ක්‍රියාවක් වර්තමාන මැතිවරණ කොමසාරිස්තුමා සිදුකොට ඇත. තම උපාධියට සරිලන රැකියාවක් උරුමව නොසිටි උපාධිදාරින්ට තම මැතිවරණ පොරොන්දුවට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් රැකියාවන්  දෙමසක කාලයකට නවතා දැමීම තුලින් මිනිසෙක් වශයෙන් මොහුතුල ඇති මුග්ධභාවය කොතරම්දැයි මුළු සමාජයටම වටහා ගත හැකි. මේ තත්වයට මුහුණ දුන් උපාධිදාරීන්ගේ සිත් තුල පැනනගින වේදනාව කොතරම්දැයි අපිට වටහා ගැනීමට තරම් බුද්ධියක් තිබේ. නමුත් පටු දේශපාලන අරමුණු සහිත සමහර උසස් නිලධාරින් තම පදවිය අවභාවිතා කරමින් මෙවැනි පහත් වැඩ කිරීම අපි මේ සමාජය තුල අත්දැක ඇත.

මේ මැතිවරණ කොමසාරිස්තුමා සිදුකර ඇත්තේ කුමක්ද? උපාධිදාරීන් 50,000කට අයත් මාස දෙකක කාලයක් විනාශ කර දැමීමයි. මෙවැනි කටයුත්තක් නඩුකාරයෙකුට මිස රාජ්‍ය නිලධාරියෙකුට කිරීමට කොහෙත්ම අවසර නැත. මෙය බරපතල මානව හිමිකම් කඩකිරිමකි. උපාධිදාරීන් 50,000කට අයත් දින 60ක කාලයක් මේ මිනිසා විනාශ කර දැමීමට තීරණය කර ඇත. එය තවත් ආකාරයකින් කතාකරනවා නම්. උපාධිදාරී දින 3,000,000ක සේවය මේ රටට අහිමිකර ඇත. මේ සිද්ධියම මේ මිනිහා මේ තනතුරට නුසුදුසු බව මනාවට ඔප්පු කර පෙන්වයි. මැතිවරණයක් හේතුකොටගෙන උපාධිදාරී දින මිලියන 3ක්  විනාශ කිරීමට මේ මැතිවරණ කොමසාරිස්තුමාට අවසර ඇති සමාජයක ජීවත්වීමට ලැබීමත් මහා පාප කර්මයක් බව කිව යුතුමය. මිනිහෙක් ජිවත් වෙන්නේ දින 30,000නම් උපාධියක් ලබන්නේ, වයස 25දී නම් ඔහු උපාධිදාරියෙක් වශයෙන් ගත කරන කාලය වන්නේ, ආසන්න වශයෙන් දින 20,000කි. මේ මැතිවරණ කොමසාරිස්වරයා විනාශකරන උපාධිදාරී දින මිලියන 3න තුල දින 20,000යේ ඒවා 150ක්, ඇත. ඉන් අදහස්වන්නේ මේ මැතිවරණ කොමසාරිස්වරයා අමු අමුවේම උපාධිදාරීන් 150ක් ඝාතනය කරන බවයි. මෙවන් මහා ඝාතනයක් සිදුකිරීමට මේ මැතිවරණ කොමසාරිස්වරයාට ඉඩ දෙන්නේ නම් එය ජාතිය විශාලම අභාග්‍යයි. වහා වහාම එයට එරෙහිව නැගී සිටිමු. එය ප්‍රචණ්ඩත්වයෙන් නොව බුද්ධිමය සටනක් විය යුතුය. මෙවැනි කාලකන්නින්ගෙන් රටත් ජාතියත් බේරා ගනිමු.

3 Responses to “උපාධිදාරීන් ඝාතනය කිරීම.”

  1. Hiranthe Says:

    Agreed!!

  2. Ratanapala Says:

    Moreover, what has been done is a Presidential Election promise done last year during the Presidential Campaign and as per the Presidential Policy Document. The President through the relevant ministries was only fulfilling this promise. The job recipients have been selected and their appointment letters handed over and what Maco, as he is popularly known, is trying to do is only to postpone the preliminary training till such time the Parliamentary Election process is over.

    Meanwhile, the Opposition Candidate Sajith Premadasa is promising that the very same jobs will be given within a week of his most unlikely win at the elections. What this man Maco has done is simply an act of overusing of his authority as the President of the Election Commission which is reputed to be full of Anti- Rajapakse elements intent on scuttling their Parliamentary Election process.

    Someone should file a case against him in the courts to judge the legality of the action and the adequacy of his powers for such an action leading to an injunction to stay his action without further delay.

  3. Lionel Says:

    How can a government without money even to held it’s general election can give fifty thousand instant white collar jobs overnight? Hard to understand their economics.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress