මේ රටට හා ජාතියට මහා වියශනයක් හා ජාතික ආර්ථිකයට සුදු අළියෙක් වූ පලාත් සභා හූනියම සහ ඊට පදනම වූ 1987 ජුලි 29 ජේ.ආර් / රජීව් ගිවිසුම වහාම අහෝසි කරමු.
Posted on March 13th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

13. 3. 2020.

(මෙම ලිපිය එම විෂය පිළිබඳවම, 2018.7.6. දින ලංකාවෙබ් පුවත් අඩවිය වෙත මා විසින් ලියන ලද ලිපියක වර්තමාන තත්වයට සරිලන පරිදි යාවත්කාලීන කරන ලද පිටපතක් බව කරුණාවෙන් සලකන්න)

ගරු ලකිසුරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි,

 මේ රටට හා  ජාතියට මහා වියශනයක් හා ජාතික ආර්ථිකයට සුදු අළියෙක් වූ  ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පටවනලද පළාත්සභා ශාපය සහ ඊට පදනම වූ  1987 ජුලි 29 ජේ.ආර් / රජීව් ගිවිසුමේ මූලික අරමුන වූයේ මේ රටේ සිංහල බෞද්ධ ජාතිය මුළුමනින්ම නැති කර දමා මේ රටතුල ඉන්දීය දෙමල ආධිපත්තිය තහවුරු කිරීම සදහා අවස්ය ඉස්ථිර පදනම දැමීමයි. ඉහතින් දැක්වූ උපාය දෙක තම දිර්ඝකාලිනවූ අරමුණ ඉටුකරගැනීම සදහා ඉන්දියාව විසින් අටවන ලද මර උගුල් දෙකකි.  ඉන් පළමුවැන්න 1987 ජූලි 29 දින අත්සන් කරනලද රජිව්/ජේ ආර් ගිවිසුඅමය.දෙවැන්න 13 වන සන්සෝධනය යටතේ ඇති පලාත් සභා ක්රමයයි.

රජිව්/ජේ ආර් ගිවිසුමේ අඩන්ගු මූලික කොන්දේසි 5 වූයේ

1 මේ රටේ පිලිගත් ඉතිහාසය මුලුමනින්ම ප්රතික්ශේප කරමින් උතුරු සහ නැගෙනහිර පලාත් දෙක ලන්කාවේ දෙමල ජනයාගේ අයිතිහාසික පාරම්පරික නිජබිම වශයෙන් පිලිගැනීම.

2උතුරු නැගෙනහිර පලාත් දෙක ඒකාබධ කිරීම සහ අනාගතයේදි මධයම, ඌව සහ සබරගමුව යන දෙමලුන් බහුලව සිටින පලාත් තුනද ඈදාගනීමේ බලාපොරුත්තුවෙන් පලාත් කීපයක් ඒකාබධ කිර්රිමට අව්සර දිමේ වගන්තිය 13 වන විවස්ථා සන්සෝදනයට එකතු කිරිම.

3ශ්රි ලන්කා ආණ්දුකරම විවස්ථාවෙ 18 වන වගන්තිය උල්ලන්ඝනය කොට දෙමල භාශාවද මේ රටේ රාජ්ය භාශාවක් කිරීම

4 සමස්ථ ලෝකයේම කිසියයම්ම රටක පුරවැසිකම දීමේ පිළිගත් සියලුම සම්ප්රදායන් සහ නීති රීති උල්ලන්ගනය කරමින් වතුකරයේ සියළු දෙමළ ජනයාට සහ රටපුරා සිටින සියළුම කල්ලතෝනින්ට මේ රටේ පුරවැසිකම දීම

5 සුද්දා විසින් මේ සින්හල රට බෙදා පාලනය කිරීමට සහ ජනවර්ග අනුව බෙදා  කැබෙළිවලට කදා දමීමේ ම දිගුවක් වශයෙන් රාම යුගයේ සිටම තිබුණ මේ රට අල්ලාගැනිමේ සිහිනය සබෑකරගැනීම සදහා ඉඩම්, නීති හා සියලු පාලන බලතල සහිත පලාත් සභා ක්රමය ඇතිකිරීමෙන් අවසානයේදි මේ රට ඉන්ද්යාවේම කොටසක් කරගැනීමය.

1987 සිට මේ දක්වාම මේ රට පාලනය කොටඇත්තේ මේ ටිකවත් තේරුම්ගැනීමට තරම් මොලයක් නැති පිරිසක් විසිනි.  එවැනි පාලකයින් රජ කරන රටක් සව්භාග්ය කරා ගෙන යන්නේ කෙසේද යන්න ඔබතුමාට දැනටමත් අවබෝධ වී ඇතයි අපි සිතමු. 

එසේ නොවී එතෙක් මෙතෙක් මේ රටේ පහලවූ විශිස්ඨතම රාජ්ය පාලකයා ඔබතුමා වනු දැක්ම මුලුමහත් ජාතියේම අපේක්ශාවයි.

ඔබතුමා ජනාධිපති මැතිවරනයේදී දෙමළ ජනයාගේ සහ මුස්ලිම්වරුන්ගේ චන්දය ලබා ගැනිම සදහා කොතරම් සුළුජන හිතවාදී ප්රකාශ කලේදැයි  මතක ඇතැයි  අපි සිතමු. (වතුකරයේ තරුනන්යන්ට රැකියා, වතුකරයේ නගර හා පසැල් සන්වර්ධනය කිරීම ආදී)

නමුත් ඔවුන් සියල්ල ඔබට විරුද්ධව යු.ඇන්.පි යටම චන්දය දෙමින් උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත වතුකරයම ඔබට එරෙහි වූ සැටිත් අපි දුටුවෙමු. ඒ බව චන්දයෙන් පසු ඔබ තුමාවිසින්ම කරනලද ප්රකාශ වලින්ද අපි දුටුවෙමු.  මේ වියශන්යන්ට හේතුවන කරුණු බොහෝ ඇත. ඒ අතර වැද්ගත්ම හේතුව නම් මේ රටේ දේසපාලකයින් රටේ සැබෑ අයිතිකරුවන් වන සින්හලයින් නොසලකා හරිමින් (විසේශයෙන්ම වසර 500 පුරා පරසතුරන්ගෙන් මේ රට රැකගත්) උඩරට සින්හලයින්) දෙමළ සහ මුස්ලිම් චන්ද මිරින්ගු වන්දනාවේ යාමය.  දෙවැන්න ඉන්දියාව ප්‍රධාන කොට සන්විධාන වී සිටින ඊනියා ජාත්යන්ත්‍ර බලවේග සහ ඒවාට නිසියාකාරව නිසි කලට ලක් රජය නිවරැදි පිළියම් නිසිකළට  නොයෙදීමය්. එබැවින් මේ රටත් ජාතියත් මුලුමනින්ම විනාශකොට දැමීමට පෙර මේ රටත් ජාතියත් මුලුමනින්ම විනාශකොට දැමීමට පෙර දැන්වත් වහාම ඉහතින් දැක්වූ මර උගුල් දෙක පළමුව අහෝසි කරන මෙන් දේශප්රේමී ජනනායකුවූ ඔබතුමාගෙන් මුලුමහත් ජාතියම ඉතා ගවුරවයෙන් ඉල්ලා සිටී.

 මහින්ද රාජපක්ශ අගමැතිවරයා 2010 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබිලත් මේ මර උගුල් දෙක අහෝසි නොකෙරීම සහ   තව වසර දෙකක් තිබියදී 2015 අපගේ උපදෙස් පිළිනොපැද මැතිවරණයකට යාමෙන් සිදුකරගත් මෝඩකම වැනි දේ නොකෙරීමට ඔබතුමාද  වග බලාගනු ඇතැයි සමස්ථ ජාතියම දෑස් දල්වා බලාගෙන සිටී.

ඔබතුමන් ලබා ඇති අයිතිහාසික හා පෙර නොවූ විරූ විජයග්රහණය (ඔබ අවම වශයෙන් 65 ලක්සයකින් පටන්ගෙන 70 ලක්සයකට කිට්ටු චන්ද ගානක් ලබාගන්නා බවට 2019 නොවැම්බර් 14 වන දින මගේ විද්යුත් තැපෑලෙන් මවිසින් පුරෝකථනය කළ පරිදි), ඒ  ගැන නැවතත් සුබ පැතුම් එක්කරමින්,  මේ කෙටි කාලය තුළ ඔබ දැනටමත් ගෙන ඇති සියලු දේශප්රේමී හා ධෛර්ය සම්පන්න පියවරයන් අගය කරන අතරම ඔබ මේ රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ දිනයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ජාතිය අමතා කළ කෙටි හා ගෞරවනීය කථාව සහ රුවන්වැළිසෑයේ සෙවණැල්ල යටතේ සිට (වසර 14 ක් තිස්සේ මම ආශාවෙන් බලා සිටි පරිදී), ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවයේදී ජාතිය අමතා ඔබ කළ අයිතිහාසික දේශනය වැනි  දේශනයක් වෙනත් කිසිම දිනක මේ රටේ රාජ්ය නායකයකු විසින් සිදුකොට නැති බවද මෙහිලා සන්දහන් කරමි. මේ අභිමානවත් ජාතියේ ඉතිහාසයේ හැරවුම් ඉලක්කයක් සනිටුහන් කරමින් අපගේ පුරාණ සිංහල රජවරුන් විසින් අනුගමනය කරන ලද පැරණි සම්ප්රදායකට ඔබතුමන් විසින් නව පණක් නැවත ලබා දී ඇත.

එපමණක්ද නොව, 1956 න් පසු මේ රටේ අමාත්යවරුන් (15) දෙනෙකුගෙන් යුත් කුඩාම අමාත්ය මණ්ඩලය පිහිටුවීම, ඉන්දීය සන්චාරයේදී හමුවූ සියලු ඉන්දීය දේශපාලනග්නයින් සහ ඔබ වෙත පැමිණි ඉන්දීය පුවත්පත්  වාර්තා කරුවන් හසුරුවා ඇති විශිෂ්ට ආකාරය දැන් ඉතිහාස ගතවි ඇති අතර ඔබ ජනාධිපති ධුරයට පත්වූ දා සිට ඔබ ගත් තවත් බොහෝ බුද්ධිමත් හා නිර්භීත තීරණ මුලුමහත් ජාතියම ඉතා ඉහලින් අගය කරයි.

 එම නිසා එම මගම යමින් 1987 ජේ.ආර් / රජීව් ගිවිසුම සහ පළාත් සභා බිහි කළ විනාශකාරී 13 වන ව්යවස්ථා සංශෝධනයද අහෝසි කොට දුටුගැමුනු රජ තුමාගෙන් පසු මේ රට බේරාගත් විසිස්ඨතම ජන නායකයා වසයෙන් ඉතිහාසගතවන ලෙසත් මුලුමහත් ජාතියම ඔබෙන් ඉල්ලා සිටි. එසේ නොකළහොත් මෙම සුවිශේෂී කුඩා දූපත් ජාතිය වසර කිහිපයකින් මෙම ග්රහලෝකයෙන් සදහටම අතුරුදහන් වීම නියත බව, භූමිපුත්රයින් වූ සිංහලයන් වන අපි ඉදුරාම ප්රකාශ කරමු. මේ තුලින් සින්හල, ද්රවිඩ හා මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම් අතර ඇති වන, අසමගිය, බෙදීම් හා ගැටුම් හේතුවෙන් මේ රට විනාශ කොට දැමීම සඳහා ඉන්දියාව විසින් ලක්පොලවේ රෝපණය කරන ලද පළාත් සභා නමින් හැඳින්වෙන මනාසේ සැලසුම් කරන ලද මේ ඉන්දියානු දේශපාලන පරමාණු බෝම්බය විසින් අනාගත්යේදී නිසැකවම විනාශවි යනබව ඒකාන්තය. එසේම වසර 2500 ක් පැරණි මෙම ප්රවුඪ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරද ඒ සමගම සදහටම විනාශ වී යනු ඒකාන්තය.

ජාතිය ඉදිරියේ ඇති මේ මහා විනාශයෙන් මේ රටත් ජාතියත් බේරාගැනිමට ඔබට හැකි බව අපි දනිමු. එබැවින් මේ අවස්ථාවෙදි එසේ නොකළොත් ඔබද 1948 සිට මේ දක්වා මේ රට අගාධයට ගෙන ගිය දුගන්ද හමන දේශපාලක පරම්පරාවේ ගොඩටම වැටෙනු නියතය.

පලාත්සභා හූනියම

තවද මනාසේ සැලසුම් කරනලද මෙම ඉන්දියානු පලාත්සභා  කුමන්ත්රණයේ අවසාන ප්රතිඵලය ලෙස පහත දැක්වෙන ව්යසනයන් මම හඳුනා ගනිමි.

1 දේශීය පාලන ක්රමයේ  වැදගත් අන්ගයක් වූ  දිසා  (දිස්ත්රික්) පරිපාලන වියුහය සම්පූර්ණයෙන් බිඳ වැටීම

2 ජාතියක් වශයෙන් එහි ඒකීය භාවයට, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඪතාවයට තර්ජනයක් වී රටේ ඉඩම්, ජලය සහ සම්පත් කෙරෙහි ආධිපත්ය වෙනුවෙන් සදාකාලිකව සටන් වදින ශ්රී ලංකා රාජ්ය විවිධ ජනවාර්ගික හා ආගමික ඒකක ගණනාවකට සම්පුර්ණයෙන්ම කැදී බිදී විනාශවී යාම

3 රටේ පාලනය අස්ථාවරවීම සහ බිඳවැටීම හේතුවෙන් මුළු රට පුරාම අරාජිකත්වයක් ඇති වීම

4 වියදම් කරන ලද මුදල් සඳහා කිසිදු ප්රතිලාභයක් නොමැතිව මහජන අරමුදල් විශාල වශයෙන් නාස්ති වී රට අන්ත දුගී භාවයට පත්වීම සහ

5ඈත ඉතිහාසයේ මුලු ලෝකයේම යසඉසුරෙන් සපිරි ප්රමුඛ රාජ්යක් වශයෙන්ද 1948 වනවිටත් ආසියවේ දෙවන සමුර්ධිමතම් රට වසයෙන්ද තිබුණු මේ රට මුලු ලෝකයේම දිලිනිදු රටක් බවට පත්වීම.දැනටමත් අපි ආසියාවේ දෙවනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණි

පළාත් සභා සඳහා පළමු මැතිවරණය 1988 අප්රියෙල් 28 වන දින සිදු වූ දා සිට මහජන මුදල් එම ආයතනවල නඩත්තුව සඳහා වියදම් කර හෝ නාස්ති කර ඇත්තේ මේලෙස ය.

ශ්රී ලංකා පළාත් සභා වියදම්

(1996 – 2017 | වාර්ෂික | රුපියල් | මුදල් අමාත්යාංශය(මූලාස්රය්)

 ශ්රී ලංකාවේ පළාත් සභා වියදම් දත්ත 2017 දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 286,031.000 ක් ලෙස වාර්තා විය. මෙය 2016 දෙසැම්බර් මාසය සඳහා පෙර පැවති 276,147.000 රුපියල් මිලියන සංඛ්යාවට වඩා වැඩි වීමක් වාර්තා කරයි. ශ්රී ලංකාවේ පළාත් සභා: වියදම් දත්ත වාර්ෂිකව යාවත්කාලීන වන අතර සාමාන්යයෙන් රුපියල් මිලියන 103,769.000 නිරීක්ෂණ 22 ක් සමඟ 1996 දෙසැම්බර් සිට 2017 දක්වා. දත්ත 2017 දී සර්වකාලීන ඉහළම අගය වන රුපියල් දශලක්ශ 286,031.000 කරා ළඟා විය.එබැවින් වසරකට 104 ක බැගින් පසුගිය වසර 31 තුළ ජාතික ධනය කොපමණ ප්රමාණයක් විනාශවී ඇත්දැයි සිතිය හැකිය, එය දළ වශයෙන් මිලියන 3224 ක් හෝ බිලියන 3.2 ක් වේ. මොනතරම් දැවැන්ත නාස්තියක්ද, මහජන මුදල් ඉතා කණගාටුදායක හා සමාව දිය නොහැකි ලෙස භාවිතා කිරීමකි. ”

මෙහි ඇති අනෙක් විසේෂම ලක්සනය නම් මින් 90% ක් ම  වැයකොට ඇත්තේ දේශපාලකයින්ගේ සහ රජයේ සේවකයින්ගේ වැටුප් හා වේතන, ගොඩනැගිලි, වාහන, තරුපහේ හෝටල් වල පැවත්වෙන සුඛෝපභෝගී උත්සව, නිරර්තක විදේශීය විනෝද චාරිකා සහ සංවර්ධනයට කිසිදුසම්බන්ධයක් නැති ක්රියාකාරකම් සඳහා වැයකොට තිබිමයි. මෙම විෂය භාර අමාත්යාංශයේ ලේකම් වරයා වරෙක මට පැවසූයේ, පලාත්සභාවලට වාර්ශිකව වෙන්කෙරෙන ප්රතිපාදන වලින්  10% ක් පමණක් ප්රාග්ධන වැඩ සඳහා වැය කරන බවත්, ඉතිරි 90% පුනරාවර්තන කටයුතු සඳහා වැය වන බවත්ය. ඒ අනුව සන්වර්ධන කටයුතු කෙරෙහි කිසිම සේවාවක් පලාත්සභා වලින් සිදු නොවෙන බව ඉතාමත් පැහැදිලිය.මේ සියලු මහජන අරමුදල් නාස්ති වීමත් සමඟ 1987 සිට මේ දක්වා පලාත්සභා වලින් මේ රටට ලබා දී ඇති ප්රතිලාභ මොනවාදැයි මේ රටේ ජනතාව ප්රශ්නයයි. රටට අහිමි වී ඇති දැවැන්ත මූල්ය කන්දරාවට අමතරව දේශපාලන, පරිපාලන හා ආයතනික අවුල්, විඅවුල් සහ ව්යාකූලතා සහ පටු දේසපාලන අවශ්යතා ඉටුකරගැනිම සදහා  අනවස්ය අන්දමින් රාජ්ය ආයතන වැඩි කිරීම නිසා පසුගිය වසර 33 තුළ

පලාත්සභා හූනියම

 33 තුළ මේ පලාත් සභා රටට ලබා දී ඇති ප්රතිලාභ මොනවාදදැයි පලාත් සභා ඕනෑ යයි කියා මොරදෙන දේශපාලකයින්ගෙන් සහ බක පන්ඩිතයින්ගෙන්, චන්ද උනෙන් නොපෙලෙන රට, ජාතිය ගැන අවන්කවම හිතන ඔබ තුමාවත් වහාම ඇසිය යුතුය? පලාත්සභා උන්ඩුක පුච්චය නිසා නිලධාරීන්, කාර්යාල සහ රාජ්ය  වියදම් ඉහල්යාම නිසා මේ රටේ රජාජ්ය ආයතන  හා නිලධාරින් සන්ඛ්යාව  1 සිට 15 අනුපාතය දක්වා   ඉහළ ගොස් තිබේ. අතීතයේදී මෙරට ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව තිබුණු දිස්ත්රික් පරිපාලනය මුළුමනින්ම අද බිඳ වැටීමට ද පලාත්සභා හේතු වී තිබේ. මේ අනුව පළාත් සභා ක්රමයෙන් මේ රටේ දිස්ත්රික් පරිපාලනය අද මුලුමනින්ම බිද වැටි ඇත. මා පුදුම වනුයේ මේ සම්බන්ධව දිසාපතිවරුන් අතුලු කිසිවකු මේ ගැන වචනයක්වත් කතා නොකෙරීමයි.

පලාත් සභා පමණක් නොව සමස්ථ පලාත් ක්රමයම මේ රටට ආගන්තුක මහා විනාශයකි.

1833 දී සුද්දන් විසින් මේ රට පලාත් වලට බෙදන ලද්දේ ඔවුන්ගේ පරිපාලනය පහසුකර ගැනීමට සහ මේ රට ජනවර්ග අනුව බෙදා පාලනය කිරීම සන්දහාය. 1833 දී පලාත් 5න් ආරම්භ වු එය 1897 වනවිට පලාත් 9 දක්වා වදි වී ඇත්තේ මේ අන්දමටය.

1833 දී බ්රතාන්යයින්  විසින් මුලු දිවයිනම උ, ද. නැ, බ සහ ම යන පළාත් 5 කට බෙදා ඇත

1845 වයම්බ (6) (කුරුණෑගල සහ පුත්තලම්),

1873 උ මැ(7).

1886  දී ඌව (8) සහ

1897 අන්තිම සබරගමුව (9)

සුද්දා පලමුව පලත් අනුව රට පාලනය කලද පසු කලක ඒවා දිසා වලට බෙදා  දිසාපතිවරුන් මගින් පාලනය කළේය.එහෙත් එහි විසේශ ලක්සනය වූයේ ඒ සියල්ල එක ආණ්දුකාරයෙක් විසින් කොලම්බිම් පාලනය වීමයි. අද ආණ්ඩුකාරයින් 9 දෙනකු විසින් පාලනය කෙරෙනුයේද ඒ රටමය.

මේ නිසා මම මේ රටේ පළාත් සභා තිබිය යුත්තේ ඇයිද යන ප්රශ්නය මතු කරමි. එය අද මුළු ජාතියම අහන ඉතා වැදගත් ප්රස්නයකි. එවා අවස්යයයි කියන්නේ දේශපාලකයින් පමණි. පළාත් සභා ඉල්ලා සිටියේ කවුද? එය මේ රටේ ජනතාව හෝ දේශපාලනයින්ගේ ඉල්ලීමක්ද? මේ රටේ කිසිවෙකු එය ඉල්ලා සිටියේ නැත. එය යෝජනා කළේ ඉන්දියාවයි. තමිල්නාඩු ඡන්ද කොට්ාශයේ දේශපාලකයින් සනසා තම බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ලන්කාවේ පලාත්සභා ඇතිකරන ලදී. එය ස්රී ලන්කා රජයේ ප්රධානියා ලෙස වයෝවුර්ධ හා දුර්වල ජනාධිපතිවරයකු සිටි අවස්ථවකදි කල් යල් බලා ඉන්දියාව විසින් ක්රියාත්මක කරනලදී. මට තවමත් මතකයි ඉන්දියාව ඔවුන්ගේ ජෙට් යානා සමඟ අපේ ගුවන් අවකාශය ආක්රමණය කර උතුරට ගුවනින් පරිප්පු දැමූ ආකාරය? සහ ඔවුන්ගේ තානාපති ඩික්සිත් වෝඩ් පෙදෙසේ නිවසේදී මේ රටේ රාජ්ය නායක ජේ.ආර් ඉදිරිපිට හැසිරුණේ කෙසේද? කකුලක් පිට කකුලක් දාගෙන ලන්කාවේ රාජ්ය නායකයා ඉදිරියේ ඔහු හැසිරුනේ ඉන්දියානු ‘රජුගේ යුධ පණිවිඩය ගෙන ආ ලන්කාව භාර ඉන්දීය  යුවරජා මෙනි.

අදාල ගිවිසුමට අත්සන් කිරීම ප්රතික්ෂේප කළහොත් ඉන්දියාව මේ රට අනිවාර්යෙන්ම ආක්රම්ණය කරන බවට පැහැදිලිව ඔහු අන්ග චලනයෙන් පැහැදිලිව ප්රදර්ශනය කළේය.

උතුරු හා නැගෙනහිර සහ මධ්යම ශ්රී ලංකාව (මධ්යම, සබරගමුව සහ ඌව පළාත) ඇතුළු රටෙන් අඩකට ආසන්න ප්රමාණයක් අයිති කර ගැනීමට සහ පාලනය කිරීමට දෙමළ ජනතාවට පූර්ණ බලය ලබා දෙමින් ජනවාර්ගික

ජනවාර්ගික පදනමක් මත මෙම රට බෙදීමට හා අස්ථාවර කිරීමට මෙම ගිවිසුම උපාය මාර්ගිකව සැලසුම් කර තිබිණ. ඉන්දියාව මෙම පළාත් තුන පැහැදිලිව සඳහන් කර නැතත් මෙය අන් කිසිවක් නොව යටත් විජිත බ්රිතාන්යයන් විසින් 1833 දී ආරම්භ කරන ලද එකම බෙදීමේ සහ පාලන ප්රතිපත්තියේම දිගුවක් මෙන්ම වෙනත් අරමුනකින් පළාත් නිර්මාණය කිරීමක් පමණි. 1987 ජූලි 29 වන දින රජීව් / ජේආර් ගිවිසුම මගින් ඉන්දියාව විසින් මෙරට සිදුකරන ලද පහත සඳහන් බලපෑම් විශ්ලේෂණය කරන විට මෙම ඉන්දියානු කුමන්ත්රණය ඉතාමත් හොන්දින් පැහැදිලි වේ.

[1] දිවයිනේ භූමි ප්රමාණයෙන් 1/3 කින් සමන්විත උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්රදායික අයිතිහාසික නිජ භූමිය” ලෙස ප්රකාශයට පත්කිරීම මෙ රටේ ඉතිහාසය මුලුමනින්ම විකුර්ති කිරීමකි. ලිකිත ඉතිහාසයේ කිසිම අවස්ථාවක මෙම පළාත් දෙක සාම්ප්රදායික දෙමළ ප්රදේශයක් වශයෙන් තිබී නැත ක්රි.පූ. 543 සිට මේ මුළු දිවයිනම සිංහල ජනයාගේ සාම්ප්රදායික නිජබිම වූ අතර එය ලන්කාවේ සිටින ඉන්දියානු මානසික දෙමළ දේශපාලනග්න්යින් හා ඉන්දියානු දේශපාලනඅග්නයින් හැර අනෙකුත් සියලුම ඉතිහාසඅග්නයින් විසින් පිළිගත් අයිතිහාසික සත්යයකි.

පළමුවෙන්ම, මෙම ගිවිසුම යටතේ ලක්ෂ 5 ක් වැනි සුළු ප්රමාණයක දෙමළ ජනයාට රටේ මුලු භූමි ප්රමාණයෙන් 1/3 ක් ලැබෙන අතර ඒ තුල කිසිම සිංහල හෝ මුස්ලිම් මිනිසෙකුට පදිංචි වීමට ඉඩ නොදෙන අතර ද්රවිඩයන්ට දිවයිනේ ඕනෑම ප්රදේසයක පදින්චි වීමේ වරම ලැබෙයි. මේ අනුව සින්හලයින්ගේ රටෙන් 1/3 ක්, වෙරළ තීරයෙන් 2/3 ක් සහ සමුද්ර කලාපයෙන් 3/5 කට ආසන්න ප්රමාණයක් සහ ත්රිකුණාමලය වරාය (ආසියාවේ හොඳම ස්වාභාවික වරාය සහ ලෝකයේ දෙවන හොඳම ස්වාභාවික වරායා ලබා ගැනීමේ අයිතිය 5% කට අඩු දෙමළුන්ට ලැබේ. මෙම ගිවිසුම මගින් තම මව්බිමේ  අයිතිය භූමිපුත්රයන් වන සින්හලයින්ට අහිමි කරන ලද අතර, ඔවුන්ගේ මුතුන් මිත්තන් වසර 2500 ක් තිස්සේ ඉන්දියානු හා යුරෝපීය යන සියලු විදේශීය ආක්රමණ වලින් ආරක්ෂා කොටගත් ඉතිහාසයේ ආරම්භයේ සිටම වසර දහස් ගණනාවක් ඔවුන්ගේ ආදරණීය මව්බිම ලෙස භුක්ති වින්ද තම මව්බිමේ අයිතිය අහිමිවී ඇත.

දෙවනුව මෙම ගිවිසුම ඉන්දියාව විසින් නිර්මාණය කරන ලද්දේ සින්හල ජාතියේ අවසන් කටයුතු කඩිනම් කිරීමට බව මින් මනාව පැහැදිළිවෙයි.

තෙවනුව මේ මහා කුමන්තරණයේ අවසානය අනාගතයේදී දිවයින ඉන්දියාවට ඈදා ගනීමේ කෞටිල්ය අර්ථ ශාස්ත්ර න්යායේ කූතඨ ප්රාප්තිය වනු ඇත.

සිව්වනුව ශ්රි ලන්කා ජනරජයේ ආණ්ඩුක්රම ව්වස්ථාවේ 18 වන වගන්තිය අහෝසි කරමින් දෙමළ ද රාජ්ය භාෂාවක් කොට ඇත. ඉන්දියාවේ ද්රවිඩයන් මිලියන 70 කට ආසන්න සංඛ්යාවක් සිටියද ඉන්දියාවේ පවා දෙමළ භාෂාව රාජ්ය භාෂාවක් ලෙස පිළිගන්නේ නැත. න්දියාවෙ කුහක කම මින්ම මනාව පැහැදිළි වෙයි.

පස්වනුව ශ්රී ලංකාවට මධ්යම, සබරගමව සහ ඌව පළාත්වල ඉන්දියානු සම්භවයක් ඇති සියලුම වතු ද්රවිඩයන්ට සහ රටේ වෙනත් ප්රදේශවල වෙසෙන සියළුම දෙමළුන්ට පුරවැසිකම දීමෙන් කිසියම් රටක් ජාත්යන්තරව පිළිගත් සියලු සම්මතයන් සහ අපේම නීති නොසලකා හැර තිබේ.

මේ අනුව ඕනෑම රටක විදේශිකයන්ට පුරවැසිභාවය ලබා දීමේදී පිළිපැදියයුතු කොන්දේශි සියල්ල මේ ගිවිසුමෙන් අමුඅමුවේ උල්ලන්ගනය කොට ඇත.

පස්වනුව උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට එක් දෙමළ පළාතක් පිහිටුවිය යුතු අතර අනාගතයේ දී පළාත් වෙනත් පලාතක් හෝ ඊට වැඩි ගණනක්සමග දෙකක් හෝ වැඩි ගණනක් සමග ඒකාබද්ධ කිරීමටද ප්රතිපාදන ඇත.

මේ අනුව, තවදුරටත් මේ  ගිවිසුම මගින් මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, ඒකීය භාවය, නිදහස සහ 1987 ආණ්ඩුක්රම ව්යවස්ථාව ද විනාඩි කිහිපයක් ඇතුළත එක් මිනිසෙකු විසින් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී..

විපක්ෂය විසින් සංවිධානය කරනලද දිවයින පුරා පැවති විරෝධතා සහ ඔහුගේම අමාත්යවරුන්ගේ විරෝධයන්ද  නොසලකා ජුනිඅස් රිචඩ් ජයවර්ධන, මේ රට කිසිදු ලැජ්ජාවක් නැතිව ඉන්දියානු  උප මහාද්වීපයේ උරුමයක් බවට පත් කළේය. මෙය ජේ.ආර්ගේ පැවැත්ම සඳහා සිදුකරනලද රට හා ජාතිය පාවා දීමකි. මේ වූ කලී රාජ්ය සභා  කාලයේදි 1944 දී පමණ ඔහුවිසින් මේ රට ඉන්දියාවේ ප්රාන්තයක් විය යුතු යයි වරෙක කරනලද ප්රකාශ සිහිනයේ සැබෑ වීමක් දැයි මට සිතේ

එබැවින් මෙම ගිවිසුම අහෝසි කිරීමට පියවර ගන්නා අතරම, ඉහත කොන්දේසි 4 හැකි ඉක්මනින් අවලන්ගු හරන ලෙස මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.

ජේ.ආර්ගේ හිසත තුවක්කුව එල්ලකොට ගිවිසුම පිළිගැනීමට බල කෙරුණු අතර ඉන්දියාව මෙම බරපතල කොන්දේසි මගින් 1987 ශ්‍රී ලන්කා ව්යවස්ථාව හුදු කඩදාසි කැබැල්ලක් බවට පත්කොට ඇත. මෙම ගිවිසුම දිවයින පුරා හදිසි අවස්ථාව පනවා අත්සන් කරන ලද අතර, ඔහුගේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තරු පහේ හෝටලයකට කොටු කිරීමෙන් පසු නියමිත වේලාවට ඔවුන් පර්ලිමේන්තුවට කැන්දවාගෙන ගොස් පනතට චන්දය ලබාගෙන ඇත.

මෙම ගිවිසුම ක්රියාත්මක කිරීමෙන් අනිවාර්යෙන්ම සිංහල බෞද්ධ ජාතිය නුදුරේදීම මෙම මිහිතළෙන් ඉන්දියාව විසින් අතුගා දමනු ඇත. එම ඉරණමෙන් ඔවුන් බේරාගන්ත හැක්කේ එම ගිවිසුම සහ 13 වන විවස්තා සසෝධනය වහාම අහෝසි කිරීමෙන් පමණි..

මෙම භයානක හා විනාශකාරී පසුබිම තුළ මෙම ගිවිසුමට හා විනාශකාරී පළාත් සභාවලට එරෙහිව එකාවන්ව නැගී සිටින මෙන් සියලු දේශප්රේමී ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ 13 වන විවස්ථා සන්සෝධනය සහ ජ්‍ර /රජිව් එගිවිසුම අහෝසි කිරීම සන්දහා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන ලෙසය. මෙම කුඩා රට වර්ගවාදි වශයෙන් කුදා කැබෙළි 9 ට බෙදීම නතර කළහැක්කේ එසේ කිරීමෙන් පමණි. පසුගිය වසර 33 කක කාලය තුළම මේ රටේ ජනතාව සෑම රජයකටම උද්ඝෝෂනය කරමින් ඉල්ලා සිටියේ මෙයයි. එහෙත් ඛේදජනක ලෙස, රට ගැන හෝ ජනතාවගේ අනාගතය ගැන කිසිදු තැකීමක් නොකරන අපේ ආත්මාර්ථකාමී හා භයානක  බලලෝභී රෝගයෙන් පෙළෙන දේශපාලනග්නයුන්ගේ බිහිරි කන්වලට ඒ ශෝක ගීතය කිසිදිනක ඇසී නැත. සිරිමාවෝ මැතිනිය යටතේ තිබුණු ශ්රී ලංකා නිදහස් පක්ෂය මුල සිටම එයට විරෝධය දැක්වුවද පසුව ගිවිසුමේ ඇති මෙම වගන්තිවල යටින් පවතින  අන්තරායන් නොදැන එම පක්ශයද එය සිප වැලඳ ගත්තේය. එහි අනුප්‍රප්තිකයා වන පොදු ජන පෙරමින්නද අද ඒ මන්ගම යනබව පෙනේ.

වහාම මෙම ගිවිසුම අහෝසි කොට රට හා ජාතිය මරණයෙන් බේරා ගනිමු.

මේ ජාතික ශාපය හා ව්යසනය වහාම අහෝසි කරනවා වෙනුවට පලාත් සභා මැතිවරණ ගැන මේ දේශ පාලුවන් කතා කරන්නේ ඇයි? මෙය තීරණාත්මක දේශපාලන තීරණයක් වන අතර, මේ රට සහ එහි ජනතාවට ආදරය කරන ඔබ වැනි දේශප්රේමී රාජ්ය තාන්ත්රිකයෙකු මේ රටත් ජාතියත් බේරා ගැනීම සඳහා මෙකී ගිවිසුම අහෝසිකිරීමට වහාම පියවර ගත යුතුව තිබේ.එසේ නොකලහොත්, 1987 සිට මේ දක්වා මේ ප්‍රස්නයේදී ගොල්ලුවන්, බිහිරන් සහ අන්ධයින් මෙන් ක්‍රියා කල සෙසු සියළු දෙසන්පාලකයින්ටම විරුද්ධව නැගෙන චෝදනව හා සාපය ඔබතුමාටද එල්ලවනු ඇත. ඉන් මිදී මේ රතේ දේශපාලන මදගූරුවෙන් උදට අවිත් පිපී දසත සුවන්ද හමන සුදු නෙළුමක් බවට පත්වීමට ඔබතුමන්ත වාසනාව ලැබේවයි මම ඉතසිතින් ප්‍රර්තනා කරමි. නෙලුම් පොහොත්තුවෙන් ජ්නාධිපති පද්වි ප්‍රාප්ත ඔබතුමන්ට ඒ සන්දහා අවැසි ශක්තිය හා ධහෙර්‍රය ලැබීනු ඒ කාන්තය. Jර්‍/ර්‍අජිව්  ගිවිසුම අහෝසි වූ පසු, ඒ යටතේ පිහිටුවා ඇති 13 වන  විවස්ථා සන්සෝධනය සහ පලාත් සභ හූනියම්ද  ස්වයංක්රීයව අහෝසි වනු ඇත.

2009 දී පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය ඇතුළුව සියලු බලය තිබිලත් මහින්ද රාජපක්ස ජනාධිපතිවරයා  මේ හූනියම කැපුවේ නැත. ඔහු එදා එසේ කළා නම් කිසිවෙකුටත් එයට විරුද්ද්ධ නොවනු ඒකාන්තය.. නමුත් දයිවයේ සරදමක මහත මෙන්ම අවාසනාවට ඔහු එය කළේ නැත. එදා එසේ කලේනම් අදත් ඔහු මේ රතේ ජනධිපතිය.

මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට ඔහු නැවතත් මාධ්යයට පොරොන්දු වූ බව පුවත්පත් මගින් දුතුවෙමි. ජේ ආර්/රජිව් ගිවිසුම සහ 13 විව්ස්තා සන්සෝධනය අහෝසිකොට රටත් ජාතියත් සම්බුද්ධ් අසාශන්යත් 21 වන් සියවසේදී බේරාගත් සින්හල ජාතියේ වීරයෙක් වීමට උදාවි ඇති තවත් ස්වර්නමය අව්සථාවක්  යලිත් මගහර 2010  හා 2019 දී කළ මෝදකම්   නවතත් කිරීමට දැයි මට සිතේ. එතුමා එසේ කලහොත් මේ රතේ සියලුදෙනම එය අනුමත කලත් මා නම් එය කිසිසේථ්ම අනුමත කරන්නේ නැත.කෙසේ වුවද පලමුව 2/3 ලබාගෙන පසුව එය අහෝසි කිරීමට ඔහු එසේ කීවාදැයි මම නොදනිමි. එය ඔහුගේ සැලැස්ම නම්, එල්ටීටීඊයට එරෙහි ලබාගත් ඔහුගේ ජයග්රහණයටත් වදා මුළු ජාතියම ඔහුට ජාතියේ උසස්ම ප්‍රනාමය පුදනු ඇත. 2010 මැතිවරණයෙන් පසු ඔහු කළ එම වැරැද්දම  නැවතත් නොකරනු ඇතැයි මුලු ජාතියම බලාපොරොත්තු වෙයි.

ඵලථ්සභා අහෝසිවීමෙන් පසු ඊනියා ආණ්ඩුකාරවරුන් 9 දෙනා, මහඇමතිවරු 9 , පළාත් අමාත්යවරුන් 45  සහ ජාතියේ ලේ උරාබොන පරපෝෂිත දේශපාලන  නදය සහ සියලු අතිරික්ත නිලධාරීන් ද  අදුවිමෙන් මේ රටේ මිනිසුන්ගේ හිස මත පැතවී තිබුණු  මහා මේරු පර්වථයක් ඉවත්වනු ඇත.  එවිටැ විදේශ ආධාර නොලැබුනත් මේ රටැ ගොදගත හැකයි මම සිතමි.

ඵලාත්සභා විසින් රට මත පටවා තිබුණු බර අඩු වීමෙන් ගැබකින් නිදහස්වූ මවකට දැනෙන පහසුව රටවැසින්යන්ට දැනෙනු ඇත. ඉන්පසු මේ සෑම පින්පදිකාරයෙකුම අවම වශයෙන් එක මඉයොක්කා පන්දුරක්වත් හිටවනු ඇති අතර එය අවම වශයෙන් වල්ඌරෙකුට හෝ යම් සේවාවක් කරනු ඇත. දැනට මෙම සභාවල සේවය කරන වෘත්තීය රාජ්ය සේවකයින්ට විශ්රාම යන තෙක් රාජ්ය සේවයේ සුදුසු ස්ථානවල නවාතැන් ගත හැකි බැවින් පලාත්සභා වැසීමෙන් ඔවුන්ට කිසිදු ගැටළුවක් ඇති නොවණු ඇත. එබැවින් මේවා අහෝසි කිරීම ගැන ඔවුන් බියවිය යුතු නැත.

ඵලාත් සභා අහෝසි කිරීම සඳහා මා තර්ක කිරීමට තවත් හේතුවක් නම්, මේ රටේ පාලනය නැවත යතාතත්වය්ට පත්කල නොහැකි වන පරිදි දිස්ත්රික් පරිපාලනය අද මුලුමනින්ම විනාශවී තිබීමය. තවද ඒ තුලින් උතුරු නැගෙනහිර ෆෙඩරල් රාජ්යක් ඉල්ලීම,ඇතිකිරීම ස්වයං නිර්ණය, මුස්ලිම්වරුන්ගේ ස්වයං පාලනය සහ දෙමළ ජනයාගේ ඊලාම් සිහින වැනි සියලු බෙදීම්වාදී දේශපාලන සිහිනද අවසන් කෙරෙනු ඇත. එසේම දැනට පළාත් සභා නමින් හැඳින්වෙන මෙම වඳුරු කූඩු සහ ඌරු කොතු නඩත්තු කිරීම සඳහා දැනට වාර්ශිකව වියදම් කරන රුපියල් බිලියන ගණනක් ද ඉතිරි කර ගත හැකි අතර, පසුගිය වසර 33 ක කාලය තුළ රටට බරක් වී තිබුනු ජාතියේ ගෙල වටා බැන්දි උරචක්‍රමාලයක් ද අහෝසිවිමෙන් ජනතාවට අසීමිත පාහ්සුවක් වණු ඇත. අවසාන වශයෙන් එය අනාගතයේදී සිදුවිය හැකි   ඉන්දියානු හෝ අරාබි ආක්රමණ සහ කුමන්ත්රණ වලින්ද අපව නිදහස් කරනු ඇත. එසේම මේ රට ජනවාර්ගික පදනමක් මත බෙදීමට කුමන්ත්රණය කිරීමෙන් හා මෙම රට ඉන්දියානුකරණය කිරීමේ සිහිනයකින් හෝ එය අරාබි රටකට පරිවර්තනය කිරීමේ හිස්බුල්ලා, රිෂාර්ද්බෞර්දීන් සහ හකීම්ලාගේ සිහින මාලිගද ඉන් පසු දවල් සිහින පමනක් වනු ඇත.

පසුගිය වසර 33 ක කාලයක් තුළ අපරාධ, දූෂණ සහ නාස්තිය ඉහවහා ගොස් ඇති මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම විනාශ කර දමා ඇති මෙම වඳුරු කූඩු සහ සොරුන්ගේ තිප්පොලවල් අහෝසි කරන ලෙස නව ජනාධිපතිවරයාගන් එකම හන්දින් මෙම ඉල්ලීම කරන ලෙස මම සියලු දේශප්රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමි. බෙදුම්වාදී ප්රවනතා සහ ජනවාර්ගික උද්ඝෝෂණඅ වලින් අනාගතයේදී හෝ තොරවූ රතක් එවිට අපට ලැබෙනු ඇත.

ජේ.ආර් යටතේ මෙම මරෞගුල අටවාගත් කිසිදු දේශපාලන පක්ෂයක් පමනක් නොව 1987 දී ඊට එරෙහිව සිටි අය පවා මේ මර උගුල අහෝසි කිරීම ඉල්ලා නොසිටින බව මම හොඳින්ම දනිමි. මන්දයත් ඔවුන් සිය

දේශපාලන පැවැත්ම සඳහා සෑම මැතිවරණයකදීම මෙම පලාත් සභා සාමාජිකයන් ඡන්දය එකතු කර ගැනීම සන්දහා යොදා ගන්නා බැවිනි. ආණ්ඩුකාරවරුන්, මහඇමතිවරුන්, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් බහුතරය ඔවුන්ට චන්ද්ය දුන් මිනිසුන් ගේ හෝ රටේ හෝ ජාතියේ  උන්නතිය උදෙසා නොයොදා මහජන මුදල් සාපරාධී ලෙස නාස්ති කරන ආකාරය දකින විට සාමාන්ය ජනතාවට මෙම පලාත්සභා මහා හිසරදයකි. තම නිලතල වල බලතල සහ ඉන් ලැබෙන වරප්‍රසාද භුක්ති විඳීමට අමතරව, බොහෝවිට අනුන් හදූ ගොදනැගිලි හා පාලම් වැනි දේවල් විවෘත කිරීම්, මංගල උත්සව, අවමංගල්ය, පාසල් උත්සව, ක්රීඩා උත්සව, විවිධාකාරී රැස්වීම්, පන්සල් උත්සව සහ වෙනත් සමාජ හා පෞද්ගලික සම්භාෂ්න වලට සහභාගී වීම, මහජන මුදලින් විනෝද චාරිකා සඳහා ලොව පුරා සැරිසැරීම සහ රට පුරා නායක්යින් පසුපස දිවීම, ඔවුන්ගේ පැවැත්ම සන්දහා පක්ෂපාතිත්වය පෙන්වීමට ඔවුන්ගේ දේශපාලන ස්වාමිවරුන්ත දර දිය ඇදීම, මහජන මුදල් හා දේපල අයථා ලෙස පරිහරණය කිරීම සහ  ඔවුන්ගේ දේශපාලන නායකයින් සඳහා ඡන්ද සහ අරමුදල් රැස් කිරීම සහ මැයි දින රැලි සහ පාර්ලිමේන්තුවේ සිතින ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ ප්රචාරක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ජනතාව දක්කාගෙන යාම, එමඟින් මුළු රටම විනාශ වෙද්දී ඒ සියළු බර අහිංසක සහ අසරණ ජනතාව මත පැටවීම මොවුන්ගෙන් සිදුවන එකම රාජකාරිය වේ. එබැවින් මම මෙම පරපෝෂිත ජීවීන්ගෙන් අසන වැදගත්ම ප්‍රස්නය නම් ඔවුන්ගේ වැටුප් හා අයථා ලෙස උපයාගත් වරප්රසාද ලබාදෙන ජනතාවට හෝ රටට ඔවුන් සිදුකරන සේවය කුමක්ද යන්නයි.

1987 දී 13 වන විවස්ථා සන්සෝධනයට විරුද්ධ වූ බහුතරයක් වන කණ්ඩායමක් ලෙස වර්තමාන ශ්‍රි ලන්ක පොදුජන පක්ෂයට හෝ අවම වශයෙන් දැන්වත් මෙම ඛේදජනක ජාතික ශාපය අහෝසි කිරීම සඳහා උද්ගෝෂනය්ය කළ නොහැක්කේ ඇයි? ජනතාව මෙම ක්රමයට වෛර කරන අතර එය අහෝසි නොකරන සියළුම දෙශපකතින්ටද ශාප කරති.

පසුගිය වසර දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ මෙම පරපෝෂිත හා නාස්තිකාර ආයතන නොමැතිව රතේ  පරිප්පාලනය මැනවින් ක්රියාත්මක වී ඇති අතර, චන්දය සන්දහා පලාත්සභා කිසිසේත්ම අවස්ය නැති බව සැකයෙන් තොරව ඔප්පු වී ඇති හෙයින් මේ නාස්තිකාර ආයතන තවදුරතත් පවත්වාගෙන යාමේ කිසිදු අවස්යතාවක් නොමැති බැවින් ඒවා තබා ගැනීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය. වෘත්තීය පරිපාලකයින්ගේ නායකත්වයෙන් යුත් ශක්තිමත් දිස්ත්රික් පරිපාලනය අතීතයේ දීද  ස්වදේශික පරිපාලන ක්රමය වූ බැවින් එම ක්‍රමය ප්රතිසංවිධානය කිරීමෙන් වඩා හොඳ පාලනයක් සහතික කරනගත හැක. වසර 133 ක් තිස්සේ රට ඉතා කාර්යක්ෂමව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා බ්රිතාන්යයන් පවා මෙම ක්රමයේ මූලික අංගයන් අනුගමනය කළ බැවින් එම ක්‍රමයේ සාර්තකත්වය මැනවින් ඔප්පුවී ඇත..

පළාත් සභා දැනටමත් අක්රිය වී ඇත. ශ්රී ලංකා වරාය අධිකාරියට ඒවා අහෝසි කළ හැකි නම්, මද්යම රජයට බෙරු ඇයි.  ළබන මැතිවරනයීඉ  මේ හූනියම් දෙක අහෝසිකිරීමට පොරොන්දුවන කන්දායමට ඉදිරි මැතිවරණවලදී එහි ඡන්ද පදනම නොසිතූ ලෙස ඉහළ යනු ඇත. වසර 33 ක මෙම ශාපය හා ව්යසනයෙන් මිදීම සඳහා අගය කිරීම හා කෘතගුන සැලකීමේ සලකුණක් ලෙස පලාත්සභා අහෝසිකරන පක්ශය වතා ජනතාව අනිවාර්යයෙන්ම  පෙළ ගැසෙනු ඇත. තවද, 2015 මැතිවරණයේදී සහ ඊට පසුව තමාට ද්රෝහි වූ සියලු දෙනාම   දේශපාලන වනසන්දය්ට ස්ථිරවම යැවීමට මහිද රාජපක්ශට මෙය ස්වර්ණමය අවස්ථාව කරගත හැක. මෙම සෙනසුරු ශාපය යටතේ පසුගිය වසර 33 ක කාලය තුළ දුක් විඳින කෘතගුන පූර්වක ජනතා කිසිවිටෙකත් නොසිතූ අයුරින් ඔවුන් වටා පොදි බදිණු ඇත. මේ වන විටත් මේ රටට විශාල දේශපාලන හා ආර්ථික හානියක් සිදු කර ඇති මෙම විනාශකාරී ඉන්දියානු උගුලෙන් මේ රට මුදා ගනු ලබන රාජ්ය නායකයා  කිසි දිනෙක නොමැරෙන සදාකාලික ජාතික වීරයකු වනු ඒකාන්තය.පළාත් සභා ශාපය සහ එහි පෙකණි වැල වූ, රජීව් / ජේආර් ගිවිසුම අහෝසි කිරීම  2009 දී එල්ටීටීඊයෙන් රට නිදහස් කිරීමටතත් වදා අයිතිහාසික වැදගත්කමක් ඇති ඊටත් වඩා විශාල ජයග්රහණයක් විය හැකි බවත් මට සහතික විය හැකිය. එය රාජපක්ෂ පුරාවෘත්තයේ තවත් අයිතිහාසික සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයේ අනිවාර්යයෙන්ම සටැහන්වනු නොඅනුමානය.

                     ජේආර් / රජීව් ගිවිසුම අහෝසි කිරීමට ඉන්දියාවට විරුද්ධවීමටෑද කිසිදු අයිතිවාසිකමක් නැත. මන්දයත්, ඉන්දියාව විසින් මුල් අවධියේදීම ඒකපාර්ශවිකව ගිවිසුම බිඳ දමා තිබූ හෙයිනි. එමනිසා රටවල් දෙකක් අතර අත්සන් කරන ලද ජාත්යන්තර ගිවිසුමක් ලෙස එය කිසිදු නෛතික වලංගු භාවයක්ද  නැත.අවසාන වශයෙන් මම යෝජනා කරන්නේ මෙම  කරුණු  දෙක අහෝසි කිරීම සහ 19 වැනි සන්සෝධනයද අවලංගු කිරීම, පවතින ඖල් සහගත මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම, දිස්ත්රික් නියෝජිත ක්රමය ඉවත් කොට පැරැණි ආසන ක්‍රමායට ආපසු යාම වැනි වැදගත් කාරණා අහෝසි කිරිම මැතිවරණ පොරොන්දුව් වශයෙන් ඉදිරිපත් කොට මැතිවරණයට යාමෙන් එළඹෙන මැතිවරණයේදී ජනතාවගෙන් 2/3 ජනවරමක් ලබා ගැනීමට පහසු වන බව  මගේ අදහසය. තවද මැතිවරනයේදී පරාජිතයින් සහ ජනතාව සමන්ග කිසිදු සම්බන්ධය නෙති පක්ස නායකයින්ගේ හිතවතුන් සහ හොරුන් හා තක්කදීන් විසිනවයකින්ගෙන් පුරවන, ජාතික ලැයිස්තුවද අහෝසිකොට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සංඛ්යාවද අර්ථවත් මට්ටමකට අඩු කිරීමද (150 කට පමණ) මන්ත්‍රීධූරාපේක්ශකයින් සන්දහා අවම අධ්යාපනය සුදුසුකමක්,, අවම වත්කම්අක් නියම කිරීම සහ අදාල ඡන්ද කොට්ාශය තුළ වසර 5කවත් ඉස්තිර පදිංචියයක් තිබීම වැනි සුදුසුකම් අනිවාර්ය කිරීමෙන් රටට හා ජාතියට සේවයක් කළහැකි  ජනතා සෙවකයින් පත්කර ගත හකිවනු ඇත.එසේ කිරීමෙන් පමනක් පවතින ජරාජීර්ණ, දූශිත දේශපාලනය අවසන් කොට යළිත්.සාධාරණ පාලනයඅක් මේ රතේ ස්ථාපිත කරගත හකිවනු ඇත.

 අවසාන වසයෙන්, දේශපාලකයින් විසින් දේශ පාලකයින්සදහාම  වසර 72ක් තිස්සේ පවත්වාගෙන ආ දේශපාලකයින්ගේම  ආණ්ඩු ක්‍රමය වෙනස්කොත, මේ රතෙ අනන්යතාව අරක්ශා කෙරෙන දේශීයත්වය මත ගොඩ නැගුන නව විවස්ථාව්ක් නිර්මාණය කොට නියම ජනතාහිතවාදි නව දේශපාලන සන්කෘතියක් මේ රටේ අතිකිරීමට ඔබතුමාට හැකිනම් වසර සිය ගානක් තිස්සේ උපදින්නට දගන්ලන තොටගමුවෙ  ශ්‍රී හිමියන්ගේ දියසේන කුමාරයා යාන්තම් උපන්නා යයි අපට සනසුමක් ලබා මිය යා හැක.

One Response to “මේ රටට හා ජාතියට මහා වියශනයක් හා ජාතික ආර්ථිකයට සුදු අළියෙක් වූ පලාත් සභා හූනියම සහ ඊට පදනම වූ 1987 ජුලි 29 ජේ.ආර් / රජීව් ගිවිසුම වහාම අහෝසි කරමු.”

  1. DAYA HEWAPATHIRANE Says:

    ආචාර්ය සුදත් ගුණසේකර මහතා, අප ජනාදිපති තුමා වෙත යොමුකර ඇති ඉතා වැදගත් ඉල්ලීම් මෙන්ම, මහින්ද රාජපක්ෂ මහතා රටෙහි ජනාදිපති ලෙස සිටි කාලයෙහිදී මෙම සිහල බෞද්ධ රටෙහි අභිවුර්ධය සදහා ගතහැකිව තිබුන අවශ්‍යම පියවරයන්, අවස්ථාව තිබියදී පවා, ඉතා අදූරදර්ශී ලෙස අතපසු කිරීම නිසා, රටෙහි ඒකීය භාවයට සහ හෙළ බොදු සoන්ස්කෘතියෙහි උන්නතිය සම්බන්දයෙන් ඇති දැවැන්ත අභියොගයන් පිලිබන්දව එතුමා දක්වා ඇති සත්‍ය තොරතුරු, දේශප්‍රේමී සියලු දෙනා අනුමත කරන බව නොඅනුමානය. විශේෂයෙන් එතුමා දක්වා ඇති පහත සදහන් සත්‍ය තොරතුරු දේශප්‍රේමී සියලු දෙනාගේ අවධානයට යොමුවිය යුතුය:
    “… ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පටවනලද පළාත්සභා ශාපය සහ ඊට පදනමවූ 1987 ජේ.ආර්/රජීව් ගිවිසුමේ මූලික අරමුනවූයේ…. මේ රටතුල ඉන්දීය දෙමල ආධිපත්තිය තහවුරු කිරීම සදහා.. ඉස්ථිර පදනම දැමීමයි… “
    “1987 සිට මේ දක්වාම මේ රට පාලනය කොටඇත්තේ…මොලයක් නැති පිරිසක්…. එවැනි පාලකයින් රජකරන රටක් සව්භාග්ය කරා ගෙනයන්නේ කෙසේද යන්න ඔබතුමාට දැනටමත් අවබෝධ වී ඇතයි අපි සිතමු…. එසේ නොවී එතෙක් මෙතෙක් මේ රටේ පහලවූ විශිස්ඨතම රාජ්ය පාලකයා ඔබතුමා වනු දැක්ම මුලුමහත් ජාතියේම අපේක්ශාවයි”….
    …“මහින්ද රාජපක්ශ අගමැතිවරයා 2010 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබිලත් මේ මර උගුල් දෙක අහෝසි නොකෙරීම සහ තව වසර දෙකක් තිබියදී 2015 අපගේ උපදෙස් පිළිනොපැද මැතිවරණයකට යාමෙන් සිදුකරගත් මෝඩකම වැනි දේ නොකෙරීමට ඔබතුමාද වග බලාගනු ඇතැයි සමස්ථ ජාතියම දෑස් දල්වා බලාගෙන සිටී.
    “…ජාතිය ඉදිරියේ ඇති මේ මහා විනාශයෙන් මේ රටත් ජාතියත් බේරාගැනිමට ඔබට හැකි බව අපි දනිමු. එබැවින් මේ අවස්ථාවෙදි එසේ නොකළොත් ඔබද 1948 සිට මේ දක්වා මේ රට අගාධයට ගෙන ගිය දුගන්ද හමන දේශපාලක පරම්පරාවේ ගොඩටම වැටෙනු නියතය…”
    …” වහාම මෙම (1987ජේ.ආර්/රජීව්) ගිවිසුම අහෝසි කොට රට හා ජාතිය මරණයෙන් බේරා ගනිමු. මේ ජාතික ශාපය හා ව්යසනය වහාම අහෝසි කරනවා වෙනුවට පලාත් සභා මැතිවරණ ගැන මේ දේශ පාලුවන් කතා කරන්නේ ඇයි? මෙය තීරණාත්මක දේශපාලන තීරණයක් වන අතර, මේ රට සහ එහි ජනතාවට ආදරය කරන ඔබ වැනි දේශප්රේමී රාජ්ය තාන්ත්රිකයෙකු මේ රටත් ජාතියත් බේරා ගැනීම සඳහා මෙකී ගිවිසුම අහෝසිකිරීමට වහාම පියවර ගත යුතුව තිබේ.එසේ නොකලහොත්, 1987 සිට මේ දක්වා මේ ප්‍රස්නයේදී ගොල්ලුවන්, බිහිරන් සහ අන්ධයින් මෙන් ක්‍රියා කල සෙසු සියළු දෙසන්පාලකයින්ටම විරුද්ධව නැගෙන චෝදනව හා සාපය ඔබතුමාටද එල්ලවනු ඇත… “.

    …”2009 දී පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය ඇතුළුව සියලු බලය තිබිලත් මහින්ද රාජපක්ස ජනාධිපතිවරයා මේ හූනියම කැපුවේ නැත. ඔහු එදා එසේ කළා නම් කිසිවෙකුටත් එයට විරුද්ද්ධ නොවනු ඒකාන්තය.. “
    …”මෙම විනාශකාරී ඉන්දියානු උගුලෙන් මේ රට මුදා ගනු ලබන රාජ්ය නායකයා කිසි දිනෙක නොමැරෙන සදාකාලික ජාතික වීරයකු වනු ඒකාන්තය”….

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress