මාක්ස්වාදය හා කොරෝනා
Posted on April 8th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මාක්ස්වාදය යනු මේ ලෝකය හා ස්වභාවයේ හැසිරීම සම්බන්ධව සාකච්චා කරන තවත් දර්ශනයකි. මේ දර්ශනය තුලින් සමාජයේ පරිනාමය සම්බන්ධව ඉතා ගැඹුරින් සාකච්චා කොට අනාගතයේදී බිහිවන සමාජක්රම හා ඒවායේ ව්‍යුහයන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කොට ඇත.

අපි දන්නවා චාර්ල්ස් ඩාවින් විසින් සත්ව පරිනාමවාදය ඉදිරිපත්කොට සමාජය හා මිනිස් මනස නව තලයකට ඔසවා තැබූ බව. ඒ දාර්ශනිකව පහල තලයක මනසකින් හෙබි බටහිර ලෝකයේ සිතුවිලි රටාව වෙනස් කල විප්ලවීය චින්තනයක් විය. ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් ඩාවින්ගේ සත්ව පරිනාමවාදය සම්බන්ධව අධ්‍යනය කොට වානරයාගේ සිට මිනිසා දක්වාවූ ක්‍රියාවලියේදී, එම කාර්යය ඉටු කිරීමට ඉවහල් වුයේ ශ්‍රමය බවත්, සමාජ පරිනාමයන් සිදු කරන්නේද මිනිස් ශ්‍රමය බවත් පෙන්වා දුන්නේය.

කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් එකතුව, මිනිස් ශ්‍රමය විසින් සමාජ පරිනාමය සඳහා විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකරන බවත් එය අතීතයේ, වහල් සමාජයේ, වහලා විසින් සිදුකට බවත්, වැඩවසම සමාජයේ, ප්‍රවෙනිදාසයා විසින් සිදුකල බවත්, දැනට පවතින ධනවාදී සමාජය පරිවර්තනය කරන කාර්යය, සිදුකල යුත්තේ කම්කරුවා විසින් බවත් පැහැදිලිකර දෙන ලදී.

ඔවුන්ගේ මුලික ඉලක්කය වුයේ, තමන් අවබෝධ කරගත් මේ දර්ශනයෙන් කම්කරු පන්තිය පෝෂණය කොට ඔවුන්ගේ බලය ඔවුන්ට පෙවාදී, මුලුමත් ලෝකයේ කම්කරුවන් ඒකරාශී කොට ධනවාදයට එරෙහි සටන කඩිනම් කිරීමට සියලු පෙරමුණු සකස් කිරීමයි. ඔවුන් මේ කටයුත්ත සිදුකිරීම ආරම්භ කරන ලද්දේ, මිට වසර 150කට පෙරදීය. ධනවාදී ලෝකය සමාජවාදී ලෝකයක් බවට පරිවර්තනය කිරීම කාල් මාක්ස්ගේ හා ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ අරමුණ විය.

මාක්ස්වාදයෙන් පෝෂිතවූ කම්කරුවන් යුරෝපය පුරා ක්‍රියාත්මකවීම ආරම්භවීමත සමග, මාක්ස්වාදයේ ඇති ප්‍රබලත්වය අවබෝධකරගත් ධනවාදීන්, කම්කරුවන්ට වඩා හොදින් මාක්ස්වාදය හදාරන්නට විය. මාක්ස්වාදය යනු ස්වභාවය විසින් සමාජයේ ඉටුකරන කාර්යභාරයක් බව වටහාගත් ධනවාදීන්, පළමුව මර්ධනයත්, පසුව ඊටවඩා ඉදිරියට විත් කම්කරු සංවිධාන නිර්මාණය කිරීමේ කටයුත්ත ඔවුන් විසින්ම සිදු කොට වෘත්තීය සමිතියත් ධනවාදීන්ගේ උපාංගයක් බවට පත්කර ගත්හ. පළමුව මෙය යුරෝපයේත්, මේ වනවිට ලංකාව ඇතුළු ධනවාදී සමාජ ක්‍රමයන් ඇති ලොව සියලුම රාජ්‍යන් තුලත් නිර්මාණය කිරීම තුලින් ස්වභාවය ඉටුකළ යුතු කාර්යය බලහත් කාරයෙන් අවහිර කොට ඇත. ඒ අනුව ධනවාදීන් සියලුම මාක්ස්වාදින්ව පඩි ගෙවමින් පෝෂණය කරමින් සමාජ පරිනාමය නවතා දමා තිබේ. කවුරු කෙසේ නවතා දැමුවද, සමාජ පරිනාමයවිම අවහිර කල නොහැක.

මිට වසර 150කට පෙරදී, කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් අපේක්ෂා කලේ, ධනවාදය බිඳ වැටීම, හා සමාජවාදය ගොඩනැංවීම, ධනවාදය ආරම්භවූ යුරෝපයෙන්ම සිදුවිය යුතු බවයි. නමුත් ඒ තත්වය එදා ඔවුන් අපේක්ෂා කල ආකාරයට සිදු නොවුන අතර, වර්තමානයේදී, කොරෝනා වෛරසය ව්‍යාප්තිය තුලින්, ධනවාදය ඉමහත් අර්බුදයකට ලක්ව ඇති බව අපි දකිමු. මෙය අපිට දකින්නට තිබෙන තත්වයට වඩා විශාල අර්බුදකාරී තත්වයක් ධනවාදී ලෝකය පුරාම නිර්මාණය කර තිබේ. මුළු මහත් බැංකු ක්‍රියාවලියම බිදවැටි, නව පෙරලියක් ඉල්ලා සිටින අතර තව දුරටත් ස්ථාපිත ජාත්‍යන්තර බැංකු ක්‍රියාවලිය පවත්වාගෙන යාම නොහැකි තත්වයක් ඉදිරියේදී නිර්මාණය වෙනු ඇත. මෙය, ජාත්‍යන්තරය පුරාම රාජ්‍ය නායක හොරුන් නිර්මාණය කර ඒ ඒ රටවල රාජ්‍ය නායකත්වය ඔවුනට ලබාදී, එම රටවල ධනය යුරෝපිය බැංකුවල තැන්පත් කර යුරෝපය පෝෂණය කල ක්‍රියාවලියට තිත තැබීමක් වෙනු ඇත. මේ තුලින්, මෙරට හා ජාත්‍යන්තරය පුරාම විසිරි සිටින රාජ්‍ය හොරුන්ට ස්වභාවය විසින් එම ධනය කළමනාකරණ කිරීමේ බලය ඔවුනට අහෝසි කරනු ඇත. මේ දිනවල මෙරට සිටින පාදඩ යහහාලන හොරුන් ගල් ගැසී නිහඬව සිටින්නේ, වසර ගණනාවක් තමන්ට ගලා ආ ඒ ධනස්කන්දය අතුරුදහන්ව ගොස් ඇති නිසාය. ඉදිරියේදී ධනවාදයට හා ජාතික හොරුන්ට ඇත්තේ ඉතා අපල කාලයකි. එය ස්වභාවයේ තීරණයයි. අප වහ වහාම මුළු රටපුරාම Digital finance system හදුවාදීමට පියවර ගත යුතුය. ඉදිරි ලෝකයේ මුදල් සංසරණ ක්‍රියාවලිය එය වන අතර එම කාර්යයේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහා බැංකුව බවට පත් කොට අනාගත් ලෝක නිර්මාණයට සුදානම් වෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress