ලංඩන් නුවර සිට කොවිඩ් ආසාදිතයෙක් ඔබ අමතයි
Posted on April 8th, 2020

උපුටා ගැන්ම FB වජිර කමල් සමරක්කොඩි බ්‍රිතාන්‍යයේ ලංඩන් නුවර සිට

බ්‍රිතාන්‍යයේ රජයෙන් COVID 19 positive ආසාදිතයින් මරා දමන්නේ නැහැ ..

පුලුවන් තරම් උත්සාහ කරන්නේ අමාරු ලෙඩ්ඩු සුව කරන්න ..

මට ගසා තිබුණ මැශින් එකත් මගෙන් ගලවා මට වඩා අසාදිතය රෝගියා ට ගැසුවා ..

මට ඒකට ලොකු සතුටක් දැනුනා …

මගෙ ජිව්තය නැති උනත් ඔහුව බේරා ගන්න පුළුවන් කියා සිතුනා ..

විටින් විට අසාදිතයන් ගෙනවා …

ඒ ගෙන ලෙඩුන් වාට්ටුවට ගේන කොට පරන ලේලංඩ් ඇංජිමක සද්දෙ කියා දැනුනා ..

මොන මැශින් ගැසුවත් ගසා සෙම ඇද්දත් මරණය නවත්තන්න බැහැ කියලා හිතුනා … ඒත් වෛද්‍ය වරුන්ගේ යුතුකම සහා වගකීම තත්පරයක් හරි ජීවත් කරවන්න කියා ඇස් දෙකට දැක්කා .. මම හිටපු මොහොත තුල 3 දෙනෙක් මිය ගියා ..

මිය ගිය පසු ඒ මොහොතෙම සුදු පාට ඉට් බෑග් එකක දමා සීල් කරනවා ..

ඉන් පසු තමයි වාට්ටුවෙන් ගෙනියන්නෙ … කොහේ ගෙනියනවා ද කියා මා දන්නෙ නැහැ ..

අපේ ගෙදරින් මාව ගෙනාවෙත් බිරිඳ ට දරුවන් ට මම සුව වී ගෙදර එනකම් බලන්න එන්න බැහැ කියලා ..

ඉතින් මම මැරුනත් කිසිම කෙනෙක් ට බලන්න බැහැ … ජත්‍යන්තර නීතිය අනුව ක්‍රියාත්මක කරනවා ..

පවුලේ අයව දැනුවත් කරනවා මිය ගියා කියලා එපමනයි ..

මගේ බිරිදගේ නම ගම දුරකථන අංකය ගෙදරිදීම ඉල්ලා ගන්නවා ..

ඒකට අපේ රටේ පවුලේ ලගම කෙනෙකුට පෙන්වනවා ..

අපේ රටේ සහා රාජ්‍යය නායකත්වයෙ තියෙන මනුෂ්‍යත්වය ට කාරුණිකව භවයට ..

අනික තමයි විශේෂ වැදගත් දේ

අපේ රටේ සංස්කෘතිය තුල අපේ කම තියෙන හැගීම සිත් වල තියෙනවා ..

මට COVID 19 positive කියා දැන ගත් විගස බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික සහෝදර ජනතාව පක්ෂ ජාති ආගම් කුල බේද පාට බේද නොසිතා කෑම බීම ගේ ලගට ගෙනත් දුන්නා .. උදව් උපකාර මොනවාද කරන්නෙ ඕනේ කියා අසනවා..

ආගමික නායකයන් පවා ආගම් බේද නොසිතා ආශිර්වාද කරා පන්සල වල මගේ නම කියා පිරිත් කීවා ..

විශේෂයෙන් බෙදුම්වාදීන් වන LTTE එක පවා දුර කථනයෙන් කතා කර මට සුභ පතා ආශිර්වාද කලා ..

ඔහුන් තුලත් ශ්‍රී ලාංකික මනුෂ්‍යත්වය තියෙනවා ..

මම ඔහුන්ට විරුද්ධව බ්‍රිතාන්‍යයේ සටන් කරන කෙනෙක් ..

ශ්‍රී ලංකාවේ සහා සියලු රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ සුභ පතා ආශිර්වාද කරලා තිබුණා ..

බ්‍රිතාන්‍යය ජාතිකයෙක් ට මේ සහනාධාර නැහැ …

ඔහුන්ට රජයේ න් කෑම බීම ලගට ගෙනත් දෙන්නේ නැහැ ..

මට කීවෙත් on line supermarket වලට කතා කර කෑම බීම ගෙනත් ගන්න කියලා ..

බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පවා උපදෙස් දුන්නා ..

ශ්‍රී ලංකාවේ සිට ජාතික නිදහස් පෙරමුණේ වෛද්‍යවරුන් මාහාචාර්‍යවරුන් පවා වීඩියෝ තාක්ෂණය ඔස්සෙ සජිවී උපදෙස් දුන්නා සොයා බලනවා ..

ඇත්තෙන්ම මේ අවස්ථාවේ ශ්‍රී ලාංකික සහෝදර ප්‍රජාවට මාගේ උත්තමාචාරය පුද කරනවා ..

මිය ගිය කෙනා ලංකාවේ ද බ්‍රිතාන්‍යය ජාතිකයෙක් ද ඉතාලි ජාතිකයෙක් ද වෙන රටක ජාතිකයෙක් ද අරාබි ජාතිකයෙක් ද වෙනසක් කියා නිතී නැහැ ..

එකම නීතිය කොයි කාටත් පොදුවේ ක්‍රියාත්මක කරන්නේ ..

මගේ ආදරණීය බිරිඳ ට පුතා ට බලන්නවත් දෙන්නේ නැහැ ..

අන්තිමට මතකයේ තියෙන්නෙ ගෙදරින් ගෙනියනකොට බිරිදගේ පුතා ගේ කදුලු සමග දුන්න හාදුව පමණි ..

එකම ප්‍රශ්නය ප්‍රමානවත් තරමට ගිලන් රථ නැහැ …

මට අමාරු උන වෙලාවෙ NHS දැනුවත් කලාම ඇම්බියුලන්ස් එක ආවේ පැය 3 ක් ගිහින් …

එයාල ගෙදර එන්නේ සියලුම උපකරණ අරගෙන ..

ගෙදර සියලුම පරික්ෂණ කරලා හොස්පිටල් එකට ගෙනියන්නෙ .

අමාරුම නැත්නම් ගෙදර නිරෝධානය වෙන්න කියනවා ..

බ්‍රිතාන්‍යයේ රජයේ COVID 19 වලින් ජනතාව බේරා ගැනීම ගැන මට ප්‍රශ්නයක් තියෙනවා …

නමුත් NHS එක මගින් ගන්න උත්සාහය ඇස් දෙකෙන් දැක්ක මම

අපි ඇත්ත කතා කරමු”

හොස්පිටල් වල ඇදන් නැහැ …

ඇන්දක් තිබුණා නම් මාව ගෙදර යවන්නෙ නැහැ …

ඒකත් මගෙන් අසා කැමැත්ත අරගෙන ගෙදර යන්න දුන්නේ ..

ගෙදර ඉන්න මම ආවෙ මට වඩා අසාදිතයන් හොස්පිටල් එකට ගේන නිසා . එයාල ට ඇන්ද දෙන්න මම සතුටින් දුන්නා …

අනික මෙහේ හොස්පිටල් වල ලංකාවේ දේශීය ක්‍රම වේදය කරන්නේ නැහැ ..

ඒක මට ගෙදර කර ගන්න පුළුවන් ..

අපේ ගෙදර කාමර තුල දොර වහගෙන කිසිම කෙනෙක් සමග සම්බන්ධයක් නැතිව නිරෝධානය වෙන්න පුළුවන් … කාමරයේ විදුලි පහනත් මට එරෙහිව ඉන්නවා .. ඒකත් මේ රෝගය වැලදුනාම කරදරයක් ..

Tv එකේ කොපමණ මම ආස වැඩසටහන ක් තිබුනත් ඇසෙන කොට කරදරයක් ..

ඉතාමත් ආසවෙන් බලන විමල් සහෝදරයා ගේ අද දෙරණ 360 බැලුවේ අද … ඒකත් ඉතාමත් අමාරුවෙන් බැලුවේ ..වෙනදාට ඒ මොහොතෙම බලා විමල් සහෝදරයා ට සුභ පතනවා ..විශේෂම කොටසක් අරගෙන ඒ මොහොතේ ම මුහුණු පොතේ දමා ප්‍රසිද්ධ කරනවා ..

නැවත හුස්ම ගන්න අපහසු උනොත් 999 කතා කරන්න කීවා ඇම්බියුලන්ස් එක එනවා කීවා .. වෙන්ටලේෂන් මැශින් එක ගෙදරට ගෙනත් දෙනවා කීවා …

හොස්පිටල් එකට ගෙනිච්ච විගස මැශින් ගැසුවා ..

හුස්ම ගැනීම ටිකක් පහසු උනාම ..

Xray . ECG , Tag එකට දැමුවා ..

උගුරට ලී කැල්ලක් වගේ දමා සෙම වගේ ගත්තා ..Blood කීප වතාවක් ගත්තා ..Test දෙකක් කර තමයි COVID 19 positive කියා දැන ගත්තේ ..

ඉන් පසුව COVID 19 වෛරසයෙ සිම්බල් එක තියෙන ෆයිල් එක හදා මගේ නම ලියා තිබුණා ..

මාව වෙන් කර තුබුණ ඉදිරිපිට රටේ ජාතික කොඩිය දමා One Person කියා මගේ නම ගසා තුබුනා …

හුස්ම ගන්න අපහසු වෙන කොට හිතනවා බෙල්ල මිරිකා ගෙන තත්පර කීපයකින් මිය යන එක සැපයි කියලා .

විඩියෝ තාක්ෂණය ඔස්සෙ සජිවී මා සමඟ NHS එක විටින් විට සම්බන්ධ වෙනවා . .. එයාල දෙන උපදෙස් පිලි පදින්න ඕනා ..

Paper Work එකක් දීලා තියෙනවා ඒක පැය 4 න් 4 සටහන් කරන්න ඕනා ..

ඔක්සිජන් බලන ගැජට් එකක් දුන්නා …

මේ සියල්ල ම සජීවී පෙන්වන්න ඕනා … මේ රෝගය වැලදුනාම දුරකථන වලට උත්තර දීම ත් කරදරයක් ..

කතා කරන විට හතිය කැස්ස එනවා උගුර හිර වෙනවා වගේ දැනෙනවා ..

විශේෂයෙන් දුරකථනය නිදහස් ව තබන්න ඕනා ..

NHS එකෙන් කතා විටින් විට කතා කරනවා ..

ඉතින් මා යම් තරමට සුව උනොත් කතා කරන්නම් ..උත්තර දෙන්නම් ..

මෙහෙම ලීවාට සමාවන්න ..මේ සටහන ලියන්නෙත් විටින් විට .. එක දිගටම ලියන්න අපහසුයි ..

COVID 19 වාට්ටුව භාරව හිටියේ ඉන්දියානු සම්බවයක් තියෙන බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචි වසංගත රෝග මහාචාර්ය ඩොක්ටර් ප්‍රපාත් කියලා කෙනෙක් ..

ඉංග්‍රීසි ඇන්ටිබයිටික් බොන අතර තුර ශ්‍රී ලංකාවේ දේශිය ක්‍රම වේදය ගෙදර ගිහාම කරන්න කියලා උපදෙස් දුන්නා ..

ගෙදර මම ඉන්නේ කාමරය වහගෙන .. මගේ පුතාව එක කාමරය ක වහලා .. දවස් කීපයකින් පුතාගේ මුහුන දැක්කෙ නැහැ . ..

කට හඩ විතරයි අහන්නෙ …

පුතා ට වයස 18 යි එයාට හැදුනොත් මා කර ගන්නා ලොකුම පාපය වෙනවා ..

නොදන්නා කමට බොරු ප්‍රචාරය කරන්න එපා ..

බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ COVID 19 න් මර්ධනය කරන්න ගන්න පසුගාමී ප්‍රතිපත්තිය අපි විවේචනය කරමු”

ඒක ගැන තවත් විවාදයක් නැහැ ..

අපේ රටේ COVID 19 පරාජය කරන්න වැඩ පිලිවෙලක් තියෙනවා .. ඒ සදහා රාජ්‍යය නායකයා උපරිම කැපවීම සහා මුල් තැන දිලා තියෙනවා රජයේ සෞඛ්‍යය අමාත්‍යාංශය ට සහා සියලුම විද්වතුන් ට ..

ඒ සදහා රෝහල් දවස් කීපයක් ඇතුලත ගොඩ නගනවා ..

අපේ රටේ රෝගියා ව ගෙදර යවන්නෙ නැහැ ..

රජයේ වගකීම ඉටු කරනවා

ඒක තමයි විය යුත්තෙ ..

බ්‍රිතාන්‍යයේ එහෙම වැඩ පිලිවෙලක් නැහැ ..

රෝහල් වල ඇදන් නැහැ කියලා ගෙදර යවනවා ..

ඒක NHS එකේ වරදක් නෙවෙයි ..

නමුත් 2019 නොවැම්බර් 16 වෙනකම් අපේ රටේ විරුද්ධ පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට බොරු ලේබල් නින්දා අපහස කර එකාධිපතියෙක් .. හමුදා නායකයෙක් ..ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න එකාධිපතියෙක් .. ඇමරිකන් ගැති පුද්ගලයෙක් ..මිනීමරු පාලනයක් ගේනවා කියා අභූත චෝදනා කරපු අය ..

අද සද්දයක් නැහැ ..

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය රාජ්‍යය නිලධාරීන් ට භාර දිලා තියෙනවා ..

බ්‍රිතාන්‍යයේ එහෙම ප්‍රතිපත්තියක් නැහැ ..නමුත් රාජ්‍යය ආයතනයක් වන NHS එකේ තියෙන ගුනාංගය අපි අගය කරමු”

COVID 19 අපිට ඇටෑක් කරන්නේ පොකුරු පිටින් …

නමුත් අපිට COVID 19 වලට ඇටෑක් කරන්න වෙන්නේ තනි තනිව ..

යුද්ධයක නම් හතුරෝ මර්ධනය කරන්න හමුදා කාණ්ඩ යොදනවා .. එහෙම මදි උනොත් තවත් අනු කාණ්ඩ යොදවා වට කර පහර දෙනවා ..

තනි හතුරා මර්ධනය කරන්න ත් හමුදා කාණ්ඩ යොදනවා ..

එක්කෙනෙක් ඒ වෙනුවෙන් යොදවන්නේ නැහැ …

නමුත් COVID 19 පරාජය කරන්න වෙන්නේ තමන්ටමයි..

මේකට කාණ්ඩායම් යොදවන්න බැහැ .

වට කරලා පහර දෙන්නත් බැහැ .කිසිම කෙනෙක් ට බිරිඳටත් අන්ඩ ගහන්න බැහැ ..

අපි අපි විසින්ම අපිටම නීති පනවා ගත යුතුයි ..

ඒක තමයි කාමරය වසා ගෙන කිසිම මිනිස් සම්බන්ධයක් නැතිව දොර අගුල් දාගෙන දින කීපයක් ජීවත් වන්න වෙන්නේ ..

බොරුව සමග අප ජීවත් වන කාලය අඩු වෙනවා …

අපිට වැලදි ඇති කොරෝනා වෛරසය පරාජය කරන්න පුළුවන් වන්නේ සත්‍යවාදීයෙක් විදිහට සත්‍ය ප්‍රකාශ කිරීමත් විශෙෂයෙන් දැඩි ආත්ම ශක්තිය ක් කර ගත යුතුයි . ජාතික කොඩිය හදවතට තුරුලු කරගෙන.. උපන් පින් බිමට කොන්දේසි විරහිතව ආදරය කරමු”

ඒ කර ගන්නා මහගු පින ඇති සොභාදහමෙන් කොරෝනා වෛරසය පරාජය කරන්න …

ඒ ශක්තිය මට තියෙනවා …මම කොහොම හරි COVID 19 පරාජය කරනවා ..

ඔබ සැමට සියලු ශක්තිය දහිරිය ලැබේවා

වජිර කමල් සමරක්කොඩි බ්‍රිතාන්‍යයේ ලංඩන් නුවර සිට

2 Responses to “ලංඩන් නුවර සිට කොවිඩ් ආසාදිතයෙක් ඔබ අමතයි”

  1. Charles Says:

    වජිර ඔබට මේ කොවිඩ් සතුරාගෙන් ජයගන්නට වීරිය, ධයිර්ය ලැබේවා . අපේ සම්මා සම්බුදු රජාණන්වහන්සේ මාර සේනාවන් පරාජය කර බුද්ධත්වයට පැමිණි සත්‍යානුභාවයෙන් ඔබ නිදුක්වෙවා නීරෝහිවෙවා මේ සතුරාගෙන් ජයගන්නට ඔබට හැකිබව නියතයි බියනොවන්න ඔබකෙරෙහි ඔබේ මානසික ශක්තිය පිළිබඳව විශ්වාශය ඇතිව මේ තත්වයෙන් ජයගන්නට පුළුවන් කියන විස්වාශයෙන් සිටින්න. ඔබට තෙරුවන් සරණයි .

    චාර්ල්ස් ප්‍රන්සයේ සිට

  2. Vaisrawana Says:

    A speedy recovery to you, Vajira. Your truthful words are an inspiration to all Sri Lankans.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress