චක‍්‍රලේඛණයට පටහැනිව කටයුතු කිරීම
Posted on April 23rd, 2020

සමස්ත ලංකා සුවසේවා සංගමය

ඌව පලාත් සෞඛ්‍ය ලේකම්තුමා
පලාත් සෞඛ්‍ය අමාත්‍යංශය,
බදුල්ල.

මහත්මයාණෙනි,

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශ ලේකම්ගේ අංක අති.ලේ(පාලන) 02/03/2020 දරන චක‍්‍රලේඛණයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධවයි

#කොවිඩ්- 19 (#Covid- 19) වෛරසය හේතුවෙන් රට පුරා ක‍්‍රියාත්මක හදිසි තත්වය යටතේ සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශ ලේකම්තුමිය විසින් නිකුත් කොට ඇති චක‍්‍රලේඛයට පටහැනිව වැලිමඩ මුලික රෝහලේ රෝහල් පරිපාලනය කටයුතු කරන බවට අප සංගමයට කරුණු වාර්තා වේ.


ඒ අනුව එම රෝහලේ රෝහල් පරිපාලනය විසින් 2020. 04. 20 වන දින සිට හෙද කාර්ය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය හදිසි තත්වය ඇතිවීමට පෙර ක‍්‍රියාත්මක වූ සාමාන්‍ය ක‍්‍රමවේදයට අනුව රාජකාරියට පැමිණිය යුතු බවට නියෝග කර ඇත.

ඒ අනුව අප සංගමය විසින් ඒ පිළිබදව 2020. 04. 21 වන දින රෝහලේ පරිපාලන නිලධාරීතුමියගෙන් කරුණු විමසීමක් සිදුකල අතර ඇය විසින් ප‍්‍රකාශ කලේ වැඩි දුර කරුණු සොයා බලා එම තත්වය නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

එහෙත් මේවනතෙක් එම ගැටළුකාරී තත්වය නිවැරදි කිරීමට වැලිමඩ මුලික රෝහලේ පරිපාලනය කටයුතු කර නැත. තවද සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශ ලේකම්වරියගේ 2020. 04. 12 දින සහිත අංක අති.ලේ (පාලන) 02/03/2020 දරන චක‍්‍රලේඛණය දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනයන්හි ක‍්‍රියාත්මක කරන අතර එම චක‍්‍රලේඛණය සංශෝධනය කර හෝ වෙනස් කිරීමක් සිදුකර නොමැත.

එබැවින් අදාල චක්‍රලේඛණයට අනවු කටයුතු කරන ලෙසට වැලිමඩ මලූ කි රෝහලේ වෛද්‍ය අධිකාරීතුමියට නියෝග කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
මහින්ද ගුරුගේ
ප‍්‍රධාන ලේකම්

සමස්ත ලංකා සුවසේවා සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress