‘මැලේරියාව’-1
Posted on June 8th, 2020

ආචාර්ය කොඩිසිංහ හේරත්.

කොරෝනාවෙන් ආරක්ෂාවෙන්න නිවාස අඩස්සියෙ හිටපු කාලෙ පරණ පොත් ගොඩක තිබිලා හම්බවුන පොත් පිංචක් ‘මැලේරියාව ‘, මේක මගේ මතකය ඈත අතීතයට ගෙනි යන්න සමත්වුණා. අද වෙනකොට සිරි-ලංකාව මැලේරියාවෙන් නිදහස් වුනත් එදා මේ රෝගය මේ රටට විශාල තර්ජන්යක් වගේම විශාල බරක්වෙලා තිබුනා. එයින් රටේ ජනතාව බේරාගැනීම සදහා සිය -රට වෙනුවෙන් තම සේවා කාලය කැපකළ දහසකුත් මැලේරියා මර්ධන රාජ්ය සේවකයින් අතර මමද එක්කෙනෙක් වූවෙමි . කෙනෙකුට අහන්න පුළුවන් ඔබ කරපු ඒ සේවයට එදා පඩියක් ලැබුවා, තවත් මොනවද කථාකරන්න තියෙන්නෙ? මේ වගේම පහු ගිය දවසක ‘රණවිරුවන්’ ගැන රටේ කතිකාවක් ගොඩනැගෙන දවසක එක්තරා දේශපාලන කණ්ඩායමක නායකයෙක් කියල තිබුණා ‘හමුදා සෙබළු කියන්නෙ පඩියට වැඩකරණ රජයේ යුද හේවායෝ, ඔවුන් විරුවන් වෙන්නේ කොහොමද? . ඔව් ඒක ඇත්ත, ඔවුන් වගේම අපිත් එදා රජයේ සේවකයො . නමුත් මෙතැනදී මතක්කර දිය යුතු වැදගත් කාරණාවක් තියෙනවා. තමන් ගන්න පඩියට සරිලන සේවයක් රටට ලබා නොදෙන අතලොස්සක් දෙනා සිටියත් බොහොමයක් තැන්වල සේවකයො එහෙම නෑ . ඔවුන් තමන්ට ලැබෙන වැටුප ගැන පමණක් නොවෙයි ඊටත් එහා ගිය සේවාවක් තමන්ගෙ රටවෙනුවෙන් ඉටුකරණ අවස්ථා ඕනෑතරම් තියෙනවා. එදා මරාගෙන මැරුණු ත්රස්තවාදීන් එල්ල කල අනේක-විදි පීඩාවන්ගෙන් සහ මරණ බයෙන් මුළු රටම තක්කු-මුක්කු වෙලා හිටපු යුගයෙ ඊට අභීතව මුහුණ දී රට මුදවාගත් යුද හමුදාවත්, ඒ වගේම එදා මැලේරියාවෙන්, විශේෂයෙන්ම වියලි කලාපයේ ජනතාව අසරණවී හෙම්බත්ව සිටි යුගයේ එම වසංගතය රටින් අතුගා දැමීමට කටයුතු කල මැලේරියා මර්ධන සේවකයොත් තමන් කල සේවය වැටුපක් ලබන රැකියාවක් ලෙස හිතනවට වඩා මැලේරියාවෙන් පීඩා විඳි අහිංසක ගැමි-ජනතාව එයින් මුදවා ගැනීමට කල සේවාවක් ලෙස සලකා කටයුතුකළ බව මට විස්වාසය. එදා සිරිලංකාවේ, මගේ සේවා කාලයෙන් හරි අඩකටත් වඩා වැඩිකාලයක් මැලේරියා මර්ධන කටයුතු සඳහා මිඩංගු කල මා ගැන පුද්ගලිකව කතාකලොත්, මේ පොත්-පිංච කල- එලි බැස්සෙ මා කල අමතර කටයුතුවල ප්රිතිපලයක් විදියට. මේ වගේම මගේ සම කාලින මැලේරියා -මර්ධන අනෙකුත් සහෝදර නිලධාරීන් විසින්ද ඔවුන්ගේ සේවා බල ප්‍රදේසතුළ මේ හා සමාන කර්තව්යසන්, ක්ෂේත්රි පර්යේෂණ ආදී කටයුතු අමතර ලෙස ඉටුකළ බව මම දනිමි. මා මෙහිදී කථාකරන්නෙ මේ පොත්-පිංච ගැන පමණි. මොකද? මේ පොත නිර්මාණය කිරීමට හේතු-කාරක වූ පසුබිමත් එය නිර්නමායවි පොතක් ලෙස කල -එලි බැසීමෙන් පසුව රාජ්ය-ආයතනයක මා අත්දුටු අනෙකුත් අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමට තරම් මිහිරිය.

එක්දහස් නවසිය අසූව දශකයේ ක්රියාත්මක වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්යාවපෘතිය යටතේ අනෙකුත් කලාපවලදී මෙන්ම මාදුරු ඔය, දෙහිඅත්ත කණ්ඩිය , වැලිකන්ද සහ බකමුණ වැනි ප්රදේශවලද එතෙක් මිනිස් වාසයෙන් බැහැරව තිබු කැලෑ සහ වන-රොදවල් එළි-පෙහෙළි කර එම බිම්වල අලුත් කුඹුරු සහ ජනාවාස ඉදිකලෝය. මේ ප්ර්දේශවලට මහවැලි ගඟෙන් හරවපු වතුර ගලාගෙන එනවත් එක්කම එතෙක් වතුර නැතිකමින් අඩ-පණව සිටි මදුරු-ගහනය ඉතා සීග්රයෙන් තම වර්ගයා බෝකිරීම නිසා මුළු මහත් මහවැලි බිම් සියල්ලම පාහේ මදුරුවන්ගේ පාරාදීශයන් බවට පත්විය. තෙල්දෙණිය, වික්ටෝරියා වැනි රට මැද්දෙ ප්රුදේශවල එතෙක් ජිවත් වූ මිනිසුන්ගේ, ගේ -දොර හා ඉඩ-කඩම් මහවැලි ජලාශවලට යටවීම නිසා ඔවුන්ට එම ප්රදේශ අතහැර ඒ වෙනුවට මාදුරුඔය වැනි අළුත් මහවැලි කලාපවල තම වාසස්ථාන ගොඩ නගා ගැනීමට සිදුවිය. අලුත් මිනිසුන් කොටසක් විදියට ඒ ප්රදේශවල පදිංචිවීමට සිදුවිය.

ජිවිතයේ කිසි දවසක මැලේරියා අත්දැකීම් ලබා නොතිබුන මේ මිනිසුන්ට මැලේරියා මදුරුවන්ගෙන් එල්ල වූ තර්ජනය සුළුපටු නොවිය. ඒ අනුව ඔවුන්ට ජිවිතයේ කිසිදාක නොවිඳි දුක් කන්දරාවකට මුහුණ දෙන්නට සිදුවිය. ඇඟ ශිතලවී, ගැහි-ගැහී වෙවුලලා ටික -මොහොතකින් හිස්කබල පුපුරණ තරමට මතුවෙන හිසේ ඇම්මකුත් සමග ඇඟසහළවලා උණ ගනී. දවසක් හැර දවසක් මේ විදියට මැලේරියා උණෙන් පෙළුණු මොවුන් ටික දවසකින් ගතින් මෙන්ම සිතින් වැහැරී ගියෝය. තමන්ට ලැබුණු අලුත් කුඹුරු-බිම් අස්වැද්දීම තබා ඔවුන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීම ඔවුන්ට තිබුන එකම අභියෝගය විය. ඒ අනුව බොහොමයක් ඉඩම් ලාභින් මහවැලිය අතහැර වෙනත් ප්ර්දේශවලට සංක්රමණය විය.

තමන්ට යන්න වෙනත් තැන් නොතිබුණ මිනිස්සු අන්ත අසරණවිය. ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී එම ප්රදේශයේම රැඳුනත් ඔවුන්ට මැලේරියා ප්ර්තිකාරය නිසි වෙලාවට ලබා දීමට තරම් අවශ්යවු රෝහල් සහ වයිද්ය පහසුකම් එම ප්රදේශවල නොතිබිණි. ඒ අනුව මේ මිනිසුන්ට මැලේරියා ප්රීතිකාරය නිසි වෙලාවට ලබාදීම සඳහා විකල්ප ක්රමයක් දියත්කිරීම එදා මැලේරියා මර්ධන අංශ ප්රධානීන්ට එල්ලවූ අභියෝගයක්විය. ඒ අනුව ලෝක සවුක්ය සංවිධානය (WHO) විසින් ඒ වෙනකොට අප්රිකානු රටවලට හඳුන්වා දී තිබූ ස්වෙච්චා ප්රතිකාර මද්යශස්ථාන ක්රමය අපේ රටේ මහා වැලි කලාපවලට හඳුන්වා දීමට තීරණය විය. අලුත් පදිංචි කරුවන් අතරින් ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ දැන-උගත් තරුණ දරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට මැලේරියා ප්රතිකාරය පිළිබඳව මනා පුහුණුවක් ලබා දී ඔවුන් ලවා තම අසල් වැසියන්ට මැලේරියාව හැදුන විගසින් නිසි ප්රතිකාරය ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්රියාත්මක විය. (මේ වැඩ පිළිවෙලට එදා බටහිර වයිද්ය්වරු පිරිසක් විරුද්ධ වූවත් ඒ වෙනුවට වෙනත් විකල්පයක් එතෙක් නොතිබුන නිසා එය එසේම ක්රිමයාත්මක කිරීමට සිදුවිය).
මාදුරුඔය මහවැලි කලාපයට එල්ලවූ මේ මැලේරියා තර්ජනය එදා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වුන උණුසුම් මාතෘකාවක් වූ බැවින් එවකට සවුක්ය් ඇමති, රංජිත් අතපත්තු සහ මහවැලි ඇමති ගාමිණී දිසානායක යන මත්වරුන්ගේ විශේෂ අවදානයක් මාදුරුඔය ව්යා්පෘතියට යොමුවී තිබුනි. ඔවුන් පිම්බුරත්තෑවට පැමිණි දවසක කියා සිටියේ මේ මහවැලි බිමේ පදිංචි කරුවන් මැලේරියාවෙන් ආරක්ෂා කිරීමත්, ඒ වනවිට ඉඩම් අතහැර ගොස් සිටි සියලුම දෙනා නැවත ආපසු ගෙන්වා ගැනීම කලයුතු බවත්ය. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ පොලොන්නරුව දිස්ත්රික්කය සහමුලින්ම මැලේරියාවෙන් නිදහස් කල යුතු බවය . ඒ අනුව පොලොන්නරුව – හිඟුරක්ගොඩ දිස්ත්රික්කයේ ප්රා්දේශීය නිලධාරී වශයෙන් කටයුතු කල මට එම භාරදූර කටයුත්ත පැවරුණි.
ඒ දවස්වල මගේ පාවිච්චියට තිබුනෙ බොහෝවිට මග නවතින, පරණ ඇලුමිනියම් පාට ලෑන්ඩ් -රෝවර වාහනයක්. එක දවසක මහවැලි රැස්වීමකට මා පැමිණෙනවා දැක තිබු මහවැලි ඇමති ගාමිණී දිසානායක මහතා එදා ඒ රැස්වීම අවසානයේ මා අසලට පැමිණ මගේ පිටට තට්ටුකර “පුතා මේ වැඩේ කරන්න ඔබට ඕනෑම පහසුකමක් මහවැලියෙන් ලබා දෙන්න නේවාසික කළමණාකාර මහත්යතයට මම කියලයි තියෙන්නෙ” ඔහු පැවසිය. ඒ කථාව මට ලොකු ශක්තියක් විය. ඒ වෙනකොට සුළු වැඩකට උනත් කොළඹ මැලේරියා මුලස්ථානයට ලියලා මුදල් ලබාගැනීමට බොහෝ කලක් බලාසිටිය යුතුවූ මට මෙය අස්සිවැසිල්ලක් විය. ඒ අනුව එදා මහවැලි කලාපය තුල මැලේරියා මර්ධනය සඳහා තිබූන අවශ්යතා කීපයක්ම මහවැළි මුදලින් ඉටුකර ගැනීමට මම සමත්වුවෙමි.
එයින් එකක්වුයේ ඒ වනවිට මහවැලි කලාපවල ක්රි්යාත්මකවූ ස්වෙච්චා ප්රතිකාර සේවකයන්ට උපදෙස් සහිත අත් පොතක් නැතිකම. ඒ අනුව මේ පොත් පිංච දින 2-3ක් තුල මා විසින් ලියා මහවැලි මුදල්වලින් මුද්ර-ණය කරවා ගතිමි. එහිදී එවකට මැලේරියා මර්ධන ව්යාපාරයේ පුහුණු හා අධ්යාපන අංශ ප්රධානි, දොස්තර පී . බී . ආර් . ඩයස් මහතා ගෙන් ලැබුන නීතිමය සහයෝගය අගය කල යුතුය. ඒ අනුව මේ පොත දිවයින පුරාම මහවැලි කලාපවල ස්වෙච්චා ප්රතිකාර මද්යස්ථානවලට බෙදා හැරීමටද දොස්තර ඩයස් මහතා කටයුතු කළේය.

කෙසේ නමුත්, ඊට වසරකට පමණ පසුව මේ පොත් – පිංච තවත් අදියරයකට තල්ලු වුනේ මම දන්නෙම නැතිව. මැලේරියා මර්ධන මුලස්ථානයේ ප්රරධාන නිලධාරීන්ගේ අනුග්රසහයෙන් මේ පොතේ එක අකුරක් හෝ වෙනසක් නොකර එහි අන්තර්ගතය එලෙසම තිබියදී, මගේ නම කතෘත්වයෙන් ඉවත්කර ‘මැලේරියා මර්ධන ව්යාපාරයේ ප්රකාශනයක්’ ලෙස පිටපත් දහසකට වඩා වැඩි ගණනක් අළුත් මුහුණුවරකින් මුද්රණය කරලා – මුළු දිවයින පුරා මැලේරියා ප්රදේශවලට බෙදාහරිනලදී . මෙහිදී මගේ කතෘත්වය තබා අඩුම වශයෙන් පොත ලිවීමේ ගවුරවය වචන කීපයකින් හරි එහි මුල්ලක සදහන් නොකිරීම අසාදාරනයක් ලෙස පෙන්වූ ඇතැම් නීති-ක්ෂේස්ත්රවයේ මිත්රියින් කියා සිටියේ බුද්ධිමය දේපළ සොරා ගැනීමට එරෙහිව එහි වගකිව යුත්තන් නිතිය ඉදිරියට ගෙනියන්න. මම කාටවත් විරුද්ධ වෙන්න තරම් ආවේගයක් හිතට ගත්තෙ නැහැ. මම කල්පනා කලේ ඊට හාත්පසින් වෙනස්‌ විදියකට; මගේ පෑන් තුඩින් මැලේරියාව පිළිබඳව – පැල්පත්වල ජීවත්වෙන මිනිසුන්ට තේරෙන විදියට ගැමි- වහරින් ලියපු පොත මහාවැලි කලාපවලින් ඔබ්බට ගිහින් කතරගම , මොණරාගල , පුත්තලම , පදවිය , ඇඹිලිපිටිය මෙකි- නොකී ගම්වල මැලේරියාවෙන් පීඩා වින්ද මිනිසුන්ගෙ අතට නොමිලේ ලැබිලා ඔවුන් මේ රෝගය පිළිබද දැනුවත්වී එයින් නිදහස්වීම කොයිතරම්නම් භාග්යික්ද ?

ඒ කොහොම උනත් මේ පොත නැවත මුද්රනණයේදී සිදුවූ වෙනස්කම පිළිබඳ කසු-කුසුව එදා සවුක්‍ය අමාත්‍යන්සේ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනක් අතරටද ගොස් තිබිණ. තවත් කලකට පසු එවකට සවුක්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් (මගේ සේවා ප්රධානියා ) ලෙස කටයුතු කල දොස්තර ජෝ ප්රනාන්දු මහතා මගේ ඉදිරි ගමනට වල කැපෙමින් පැවතුන මොහොතක ඒ එදිරිවාදින්ට එරෙහිව වහා ක්රියාත්මකවී මට හිමි තැන ලබාදීමට කටයුතු කල බව හද පිරි සතුටින් මෙහි සදහන් කරමි.
ආචාර්ය කොඩිසිංහ හේරත්.

ආචාර්ය කොඩිසිංහ හේරත්.

One Response to “‘මැලේරියාව’-1”

  1. Dr.K Says:

    මහවැලි ප්‍රදේශ තුල මේ වනවිට මැලේරියා තර්ජනයක් නැත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress