කාදිනල්තුමා ඉදිරියේ, හරින් ප්‍රනාන්දු මොකෙක්ද?
Posted on June 25th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

අති උත්තම මැල්කම් රන්ජිත් කාදිනල්තුමා දේශපාලනය කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හරින් ප්‍රනාන්දු හිටි හැටියේම, කාදිනල්තුමා ඉලක්ක කරගෙන චෝදනාවක් දමා ගසන ලදී. ඔව්! කාදිනල්තුමා සිදුකරන්නේ දේශපාලන ක්‍රියාවලියක් බව ලොවම දනී. එමෙන්ම. පන්සලේ හාමුදුරුවරු කරන්නේද දේශපාලන ක්‍රියාවලියක් බව අපි දන්නෙමු. සෑම ආගමික දර්ශනයක්ම දේශපාලනය හා සම්බන්ධතාවයක් ඇත. මේ ලොව වාසය කරන සියලුම මිනිසුන් තුල දේශපාලනයක් ඇති බව සියල්ලෝම දනී.. එසේ නොවන කිසිදු මිනිහෙක් මේ රටතුල ඇත්තේද නැත. දේශපාලනය කිරීම මෙරට නීතියෙන් වලංගු දෙයක් බැවින් සියලුම පුජකවරුන්ට චන්දය දැමීමේ බලය ලබාදී  ඇත. එවන් පසුබිමක් තුල අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල්තුමාට මේ අවස්ථාවේදී, මේ ආකාරයෙන් පහත ලෙස පහරදීමට හරින ප්‍රනාන්දු පෙරමුණ ගත්තේ කුමන බලපෑමකට අනුවද යන්න සම්බන්ධව අපි සොයා බැලිය යුතුය. පෙරහරේ කස කාරයා ලෙස ඉදිරියෙන්ම හරින ප්‍රනාන්දු පළමු කටයුත්ත ආරම්භ කල විගසම අනිත් කට්ටියත් ටිකෙන් ටික එලියට අවතිර්න වෙමින් සිටි.

මෝඩ හරින්  ප්‍රනාන්දු මේ හදිසියේ කරන්නට පටන්ගත්තේ අනුන්ගේ කොන්තරාත්තුවකි. කොන්තරාත්තුව බාර දුන්න කෙනා ඊළඟට කලඑළි බැස්සේ හරින ප්‍රනාන්දුව අගය කරමිනි. ඊට පසු අපකීර්තිමත් නළුවාද හරින් ප්‍රනාන්දු අගය කරමින් සිය හඬ පතුරවන්න ආරම්භ කරන ලදී.

පාස්කු ප්‍රහාරය මේ රටේ සිදුවෙන විට මෙරට පැවතියේ, හරින්  ප්‍රනාන්දුලාගේ, මංගල සමරවීරලාගේ රජයකි. මියගියේ අති උතුම් මැල්කම් රන්ජිත් පියතුමාගේ කතෝලික සභාවට අයත් බැතිමතුන් පිරිසකි. මේ පිරිස මියගියේ, මිට වසර දහස් ගණනකට පෙර හරින් ප්‍රනාන්දු නියෝජනය කල රජයට සමාන රජයක් විසින් කුමන්ත්‍රණ කාරීව   කුරුසයේ ඇණ ගසා  මරාදමන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උට්ඨානය හෙවත් යලි නැගී සිටීම සතුටින් සැමරීමට පැමිණි අවස්ථාවේදීය. මේ මිනිසුන්ට ඒ සතුට විද ගැනීමට පෙර තමන්ගේ ශරීර කැබලිකරණයකට ලක්කර දේවස්ථාන මිනි මස් මඩු බවට පත්කිරීමේ තත්වයක් හරින් ප්‍රනාන්දු රජය විසින් නිර්මාණය කර තිබිණි.

හරින් ප්‍රනාන්දු රජය ඒ තත්වය සිදුවීමට ඉඩ හැරියේ නින්දනීය ආකාරයටය. පල්ලි තුල බෝම්බ පුපුරුවා හැරිම දේශපාලන ක්‍රියාවලියකි.මේ දේශපාලන ක්‍රියාවලියේ අරමුණ සිංහල හා මුස්ලිම් ජනතාව අතර මහා ගැටුමක් නිර්මාණය කිරීමයි.අපි සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව දැක්කේ වර්ෂ 2015ට පෙරය. නමුත් ඒ වනවිට මෙරට පැවතියේ මහින්ද රාජපක්ෂ රජයක් බැවින් එවැන්නක් සිදුවීමට එවකට සිටි ආරක්ෂක ලේඛම්වරයා කිසි දිනෙක ඉඩ නොතබන බව දන සිටි බැවින් අප නිහඬව සිටියෙමු. නමුත් යහපාලය රජය බිහිවීමත් සමග මේ මුස්ලිම් අන්තවාදයේ බියකරුබව දන්නා අපිට නිහඬව සිටීමට නොහැකි බැවින් අපි ඒ බව අපිට හැකි මට්ටමින් හඬගා කීවෙමු. ඒ මෙසේය.

 http://www.lankaweb.com/news/items/2016/06/13/%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94/

අපි දුටුවේ,අප එදා පලකල ලිපියේ අන්තර්ගත කරුණු පමණක් නොවේ. අපි සිංහල මිනිසුන්ව පවුල් පිටින් කපන කොටන ආකාරය දුටුවෙමු. සිංහල කෙල්ලන්ව දුෂණය කරන ආකාරයට අමතරව ඔවුන්ව ප්‍රසිද්ධියේ ධනවතුන්ට විකුණන ආකාරයද දුටුවෙමු. සිංහල තරුණයින්ව තොග පිටින් මරණ ආකාරයද දුටුවෙමු. ඊට අමතරව පවතින රජයේ පාර්ශවයෙන්  මුස්ලිම්වරුන්ට එරෙහිව ඔවුන්ගේ ගෙවල් වලට පැන ඒවායේ ඇති මිල මුදල් කොල්ලකමින්, එම තරුණියන්ව දුෂණය කරමින් එම ගෙවල් පුළුස්සා දමන ආකාරයක්ද දුටුවෙමු.ඊටත් එහා ගිය තත්වයන්ද අපි දුටුවෙමු. ඒ ජාත්‍යන්තර ප්‍රජාව යයි හදුන්වාගත් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, යන රටවල් සෘජුවම මෙරට ජනතාව සුරකින බව කියමින් රට තුල සිටින මුස්ලිම් අන්තවාදින්ව බලවත් කරන ආකාරයක්ද දුටුවෙමු. එදා LTTE තුලින් ලබාගැනීමට උත්සහ කල දේ මේ මුස්ලිම් අරගලය තුලින් ලබාගැනීමට වෙර දරන බවක්ද දුටුවෙමු. සිදුවීමට තිබුන තත්වය ඉතාම බරපතල බැවින්, අපි මේ ලිපිය ලියා පළකරමින් ඉල්ලා සිටියේ සිංහල මිනිසුන්වත් මුස්ලිම් මිනිසුන්වත් කලබලවී සටන් වැදීම නොකළ යුතු බවයි.

අප මේ සියල්ලකම දුටුවේ,ජාත්‍යන්තර දේශපාලන සිදුවීම් තුලින් වන අතර,2016 අප හඬගා  කිව දේ සිදුවුනේ වර්ෂ 2019දිය. අප කවුරු කොහොම කීවත්, පාස්කු ප්‍රහාරයේ දැඩි බලපෑම ඇතිවන්නේ, මියගිය හා අංග විකලත්වයට පත් මිනිසුන්ගේ ඥාතීන්ටය. මේ මිනිසුන්ගේ මනස හා ගනු දෙනු කිරීම අපට කිරීම කල නොහැක. ඒ මනස මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මෙහෙයවනු ලැබුවේ නම් ජයගන්නේ,සින්හලයින්වත් මුස්ලිම්වරුන්වත් නොවේ.බටහිර අධිරාජ්‍යවාදයයි. මේ තත්වය ඉතා බුද්ධිමත්ව වටහා ගෙන හැඟීම් පාලනය කරගනිමින්, ප්‍රඥාවන්තව ක්‍රියාකළ වැදගත්ම පුද්ගලයා වන්නේ, අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාය.උන්වහන්සේ සිදුකලේ අතිපුජනිය කාර්යකි. ඒ හේතුවෙන් සතුරාගේ සියලුම සැලසුම අකර්නම්යවූ අතර සතුරන් සියල්ලක්ම එකතුවී අවි අමෝරාගෙන උන්වහන්සේට එරෙහිව මේ එන්නේ, එදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට  සිදුකල දේට සමාන කාර්යක් උන්වහන්සේටද එරෙහිව සිදු කිරීමටය. උන්වහන්සේ සිදුකල ක්‍රියාව නිසා, සුරකුනේ, මෙරට සිංහල දෙමල හා මුස්ලිම් ප්‍රජාව බැවින් මේ අවස්ථාවේදී කිසිම බේදයකින් තොරව අප එතුමා වෙනුවෙන් පෙනී සිටිය යුතුය.


One Response to “කාදිනල්තුමා ඉදිරියේ, හරින් ප්‍රනාන්දු මොකෙක්ද?”

  1. aloy Says:

    In order to alley the fears of doubting Thomases why not the church account for the funds (total from all sources) received and exactly what they did?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress