අනුර කුමාරගේ ඇවන්ට් ගාර්ඩ් වලිප්පුව.
Posted on July 2nd, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයකි. මේ දේශපාලන පක්ෂය මෙරට සිටි උගත්, ඇති දක්ෂ තරුණයින් විසින් සිය ශක්තිය වැයකර ඉතා අසීරුවෙන් ගොඩනගන ලද එකම දේශපාලන ව්‍යාපාරයයි. මේ ව්‍යාපාරයට අප සම්බන්ධවුයේ, වර්ෂ 1967දිය. මෙය ගොඩනැංවීමට හේතුව මෙරට උගත් බුද්ධිමත් මිනිසුන් අතට රාජ්‍ය බලය ලබා ගැනීමයි.


ඒ වන විට පැරණි වාමාංශික ව්‍යාපාරයට වසර 30ක කාලයක් ගතව තිබුණි. එතරම් දිගුකාලයක් ගතව තිබුනද රාජ්‍ය බලය ගැනීමට තරම් ඔවුන් ප්‍රබල ස්ථානයක නොසිටියහ. එබැවින් නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැංවීමට එම තරුණයින් උත්සුක වුහ. ඇත්තටම ඒ වනවිට මෙරට ජන හදවත්වල වාමාංශික ව්‍යාපාරය පැල පදියම් වී නොතිබුණි. ඒ එවකට සිටි වාමන්ශිකයින් බෞද්ධ විරෝධී පදනමක හා සිංහල විරෝධී පදනමකද  සිටි බැවිණි.

නව වාමාංශික ව්‍යාපාරය මාක්ස්වාදය රටේ ස්වශේෂිත්වයට අනුකුලව ගලප්වන බව කියා සිටියහ.ඒ වන විට අපි දන්නා මාක්ස්වාදයක් නොතිබුණි. අපි සිටියේ මාක්ස්වාදයට එරෙහි කදවුරේය. නමුත් අපේ කදවුර සම්බන්ධව අපිටද කල කිරීමක් තිබී නව දේශපාලනයක් සොයමින් සිටි බැවින් මේ හා බද්ධ විය..අපි කිසි දිනෙක නායකයාව දැක නොතිබුණි. අපට,

1.ආර්ථික අර්බුදය.
2.ඉන්දියන් ව්‍යාප්තවාදය.
3.නිදහස.
4.වාමාංශික ව්‍යාපාරය
5. ශ්‍රී ලංකාවේ විප්ලවය ගත යුතු මග

යන පන්ති වලින් සන්නද්ධ කර තිබුණි. අපි සිදුකලේ කිසිවෙක් නොහඳුන දේශපාලනයකි. අපි තරුණයින් වශයෙන් හැමතැනකම ආක්‍රමණය කළහ. සංවාදවලට ගියේ හොයාගෙනය. අපි චීන තානාපති කාර්යාලය, රුසියන් සංස්කෘත මධ්‍යස්ථානය, උතුරු කොරියන් තානාපති සේවාව, යන සාම තැනකම හිදිමින් ඒ ඒ ආයතන වලින් අපට ගත හැකි, දැනුම වඩවන හැම දෙයක්ම හත්හ. ඒ සමගම අපි සියලු දෙනාම අප වටා තිබුන බැදීම් වලින්ද මිදීමට කටයුතු කළහ.අපට තිබුනේ එකම අරමුණකි, ඒ “මවුබිම නැත්නම් මරණය” යන්නයි.ඒ එදා නිර්ධන පන්ති සටන් කරුවන්ගේ ස්වරූපයයි.

අපේ අභිලාශය වුයේ, සටන ජයග්‍රහණය හෝ මරණය යන්නයි.අපි නොසිතු වෙලාවක නායකත්වය සිරගතව සිටින වෙලාවක, සටනට කැඳවීමක් ලැබුණි.පවතී තත්වය තුල අපට සැකයක් ඇතිවුවද, සාමුහිකව කරන මේ ක්‍රියාදාමයට එක්වීමු. අදත් අපි ඒ සම්බන්ධව කනගාටු නොවෙමු ඒ අපට ලැබුන චෝදනා පත්‍රයේ සටහන්ව ඇත්තේ

“බ්‍රිතාන්‍ය මහා රැජිනට එරෙහිව කැරලි ගැසීම ” ලෙසය.

අපි එය සතුටින් පිළිගනිමු. අපි අපේ විරුවන් අනුව යමින් බ්‍රිතානයේ මහා රැජිනගේ ආධිපත්යෙන් මිදීමට කැරලි ගැසුවන් ලෙස සතුරා විසින්ම අපව හදුන්වා තිබීම නිසාය.

දැන් අපිට ප්‍රශ්නයක් ඇත. අප වරක් නොව දෙවරක් මේ රටේ අරගල කල තරුණයින්ගෙන් යුතු පක්ෂයක් ගොඩ නැගුවත්, වර්තමානයේ මේ සිදුවෙමින් පවතින්නේ කුමන තත්වයක පත්වූ ජනතා විමුක්ති පෙරමුනක්ද යන්නයි.

මේ වන විට මේ පක්ෂයට වසර 55ක ආයු ගෙවා දමා ඇත. වයස 30ක සිටි ලංකා සම සමාජ පක්ෂය පන්නා දැමීමට කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණට දැන් ප්‍රකාශ කිරීමට ඇත්තේ තමන් මෙරට ජනතාව වෙනුවෙන් මේ දක්වා සිදුකර ඇත්තේ කුමක්ද කියාය.

උත්තරය වන්නේ කිසිත් නැත කියාය. දැන් මේ පක්ෂයට පන්ති සටන අමතකව ගොස් ඇත. පන්ති සහයෝගිතාවය ඉස්මතුකොටගෙන මෙරට ඉතිහාසයේ කිසිදු වාමාංශික දේශපාලන පක්ෂයක් සිදු නොකළ ආකාරයේ අධිරාජ්‍ය ගැති, පැහැර තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කර ඇත. මොවුන්ට මාක්ස්වාදය අමතකව ඇත.සමාජ පරිනාමය ඉවතට විසිකොට දමා ඇත. මොවුන් පන්ති සතුරා ලෙස දකින්නේ, රාජපක්ෂ පවුලයි. මුළු දේශපාලනයම පවත්වාගෙන යන්නේ රාජපක්ෂ පවුල දුෂිත බව කියමිනි. විට අමතරව මොවුන්ට තව සතුරෙක්ද සිටි. ඒ අවන්ට් ගාර්ඩ් සමාගම හා එහි හිමිකරු නිශ්සංක සේනාධිපති මහතායි.

වසර 55ක් දේශපාලනය කල මේ පක්ෂය නිකම්ම නිකම් දේශපාලන කුපාඩිකම් පා කප්පන් ගන්නා චෞරයන් කණ්ඩායමක් ලැගුම්ගත් ගුබ්බෑයමක්  නිර්මාණය කර ඇත. මේ ගුබ්බෑයමේ  සැබෑ තතු දන්නා නිශ්ශංක සේනාධ්පති මහතාට පහර ගසමින්, ඔහු හා කිසිදු සංවාදයකට නොඑමින්, ඔහුව මගහරිමින් සිටින්නේ අපුරු රැඟුමක් පාමිණි.

ජනතාව පයින් ගසා එළවා දැමු එවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා රංගන රැගුම් නවතා ලිය යුතුය.මේ අධිරාජ්‍ය ගැති, හා ඉන්දීය දෙෂව්යාප්තවාදින් මෙහෙයන දේශපාලන පඹයින් පුළුස්සා විනාශ කිරීමට කාලය පැමිණ ඇත. ජනතාව මේ පරයින්ව එළවා දමන බව ඉතා විශ්වාස වන අතර, අනියම් අන්දමින් කුමක් හෝ සිදුකර එක ආසනයක් හෝ ලබා ගැනීමට ඉඩක් තිබේ. එසේ වුවොත් මෙරට ජනතාව මුදල් එකතුකර චන්ද පෙත්සමක් දමා යලි චන්ද ගණන් කිරීමට අවස්තාව උදාකරගෙන මුන්ව දේශපාලනයෙන් පලවා හරිය යුතුය.

“අධිරාජ්‍යවාදයට විනාශය – ජනතාවට විමුක්තිය.”

One Response to “අනුර කුමාරගේ ඇවන්ට් ගාර්ඩ් වලිප්පුව.”

  1. Ratanapala Says:

    These imposters to socialism and marxism should be put behind bars for all collusion and participation in crimes against the people of Sri Lanka. They must not be ever given a chance to enter the pariiament. Their behaviour during the last 5 years is ample testimony to understand who they are, who they represent and whose cat’s paws they are.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress