උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස් (වීඩියෝ)
Posted on July 2nd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණන්න යනකොට මිලදී ගන්න යන සමාගමට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අනතුරු අඟවපු බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්ලවා ජන හමුවකදී පැවසුවේ පසුගිය රජය කාලයේ සිදුකළ දේවල් සමාලෝචනය කර නීතිමය කටයුතු කරන බවයි.

තමන් පාර්ලිමේන්තුවේ නිදාගෙන නොසිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක තේනුක විදානගමගේ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද අමරවීර පවසන්නේ මනාප වලට කුළල් කා ගතහොත් තුනෙන් දෙකක ආණ්ඩුවක් හදන්න නොහැකි බවයි.

>පොහොට්ටුවේ පළුවක් ගලවලා සජිත් ප්‍රේමදාස අගමැති කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක විජිත් විජිතමුණි සොයිසා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග පවසන්නේ විහිළු කාරයෝ  බලයට ඇවිත් රටම කෑව බවයි.  

රනිල්ගේ ලැයිස්තුව හදන්න මහින්ද රාජපක්ෂ උදව්කළ බවට සාක්ෂි තියෙන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සුජීව සේනසිංහ පවසනවා.

හරක් වෙදෙකුගෙන් බෙහෙත් ගත් පුවතක් ගැන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මර්වින් සිල්වා හෙළිකළා.

තවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පලකළ අදහස් පහතින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress