මෛත්‍රිපාල සිරිසේනගේ චන්ද ලක්ෂ 14ට මොකද වුනේ?
Posted on July 13th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මෙරට චන්ද බලය උරුමව ඇත්තේ මෙරට ජනතාවටය. එය පුද්ගලයින් සතු ප්‍රබල ධන නිධානයකි. නමුත් මෙරට දේශපාලකයින් සිතාගෙන ඉන්නේ, ඒ ඒ චන්ද තමන්ට උරුම චන්ද ලෙසයි. මේ මිත්‍යාව මත පිහිටා බොහෝ නායකයින් ඒ  චන්ද පදනම පෙන්වා තමන්ට උරුම නැති වරදාන ලබා ගැනීම සෑම විටකදීම සිදුකරන පහත් දේශපාලන ක්‍රියාදාමයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙවර පොහොට්ටුවට රිංගා ගත්තේ ඒ පහත් ක්‍රියාදාමය උපයෝගි කරගෙනය..ඔවුන් සැබෑ ලෙසම භුමියේ ඔවුනට නැති බලයක් පෙන්වා, ප්‍රබල දේශපාලන නායකයින් මුලා කොට පොහොට්ටුවට රිංගා ගත් පිරිසකි.

මේ ක්‍රියාවලිය කොතරම් ප්‍රබලද යත්, වසර ගණනාවක් පුරා මහින්ද රාජපක්ෂ රජයේ, ප්‍රබල ඇමතිවරයෙක්ව සිට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවෙක් බවට පත්ව, මහින්ද රාජපක්ෂයන්ව පරාජය කිරීමේ ප්‍රබලම ආයුධය බවට පත්වී, එතුමාව පරාජය කර, පරාජයෙන් පසු එතුමාට නිත්‍යානුකුලව උරුම විය යුතු නිල නිවසද ලබා නොදී, වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගැනීමට එතුමා සැලසුම් කල නිවස්නයද ලබාදීමට එරෙහිව කටයුතු කල, එතුමාට හා එතුමාගේ පරම්පරාවට එලව එළවා පහර දුන්, එතුමාගේ දරුවන්ද සිරගත කල, මොනම හේතුවකටවත් අලුත් පක්ෂයක් හදන්න එතුමාට ඉඩ නොතබන බවට පාරම් බෑ, මෛත්‍රිපාල සිරිසේනව පාවඩ මත පොදු ජන එක්සත් පෙරමුණට ඇතුළුවීමට වරම් ලැබුනේ එතුමා හා එතුමාගේ ගෝලබාලයින් විසින් තොරොම්බල්  කල මේ ලක්ෂ 14 රේ චන්ද පදනමයි

මොකක්ද මේ 14 ලක්ෂයේ මෙතරම් බලවත් චන්ද පදනම? අපි පළමුව ඒ සම්බන්ධව සොයා බලමු.වර්ෂ 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  චන්ද 1,497,234ක් ලැබුණි. මේ ය හිතන්නේ මේ චන්ද ඒ අයගේ පෞද්ගලික බුදලයක් කියාය. ඒ සිතුවිල්ලම චන්දදායකයාට කරන අවමානයකි. නමුත් ඔවුනට කාට කුමන ආකාරයේ විනයක් වුවද කම් නැත. අවශ්‍යවන්නේ බලයි. එබැවින් ඔවුන් අඛණ්ඩව තමන්ගේ ලක්ෂ 14රේ බලය සම්බන්ධව මහා හඬක් දෙමින් සිටි.

සත්‍ය වශයෙන්ම ඔවුනට මේ කියන චන්ද තියෙනවානම්, පසුගිය ජනාධිපතිවරණයේදී ඒ ලක්ෂ 14 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චන්ද ගොඩට වැටී තිබිය යුතුය. එය එසේ සිදුවී ඇද්දැයි අපි බලමු.

1.2015 ජනාධිපතිවරණයේදී ලියා පදිංචි චන්දදායකයින් ගණන 15,044,490කි.

2. මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් චන්ද  = UNP  + JVP +TNA +MC = 6,217,162 කි.

දැන් අපි 2019 ජනාධිපතිවරණයේදී සිදුව ඇත්තේ කුමක්දැයි බලමු.

1a  2019 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි චන්දදායකයින්ගේ ගණන 15,992,096ක්.

මේ දත්තයන්ට අනුව,

A අලුත් චන්දදායකයින්  947,606කි.
B. ගියවර මෛත්‍රිපාල සිරිසේන මහතා ගත චන්ද  6,217,162කි.
C .මෙවර සජිත් ප්‍රේමදාස +අනුර කුමාර දිසානායකයේ චන්ද එකතුව  5,983,792කි.

මේ දත්තයන් 3 දෙස බැලුවිට අපිට අමුතුම ච්ත්‍රයක් මැවී  පෙනේ.

D මෙරට මෛත්‍රිපාල  සිරිසේනයන්ට උරුමව ඇත්තේ චන්ද B -C =234,370ක් පමණක් බවයි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමව ඇත්තේ,චන්ද 234,370ක් පමණ බවයි.

දැන් අපි උප කල්පනය කරමු මේ චන්ද 234,370 මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චන්ද සංඛ්‍යාවට එකතුවුවායයි කියා.

E . මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුන චන්ද සංඛ්‍යාව 6,924,255ක්.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේනගේ චන්ද 234,370 නොලැබුණා නම්,ගෝඨාභය රාජපක්ෂයන්ට උරුමවෙන චන්ද සංඛ්‍යාව
= E -D = 6,689,885 වේ.

වැදගත්ම කරුණ වන්නේ, අලුතින් ලියා පදිංචි චන්ද  947,606කි.හා ප්‍රාදේශීය සභා මැතිවරණයට සාපෙක්ෂාව ජනතා විමුක්ති පෙරමුණේ අඩුවූ චන්ද  292,379 යන චන්ද වලට  සිදුවුනේ කුමක්ද යන පැනයයි. මේ දෙකරුණ අපිට පෙන්වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ආයතනයේ එකද චන්දයක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී නැති බව පැහැදිලිය. වයසක ඩේසි  ආච්චි නමින් හැදින්වූ කාන්තාවට පවා වදදුන්, රාජපක්ෂ පවුල රටින් අතුගා දැමීමට සුදානම්වූ උන්ගෙන් ජන්දයක් බලාපොරෝත්තුවිමම මහා විහිළු දේශපාලනික ක්‍රියාවලියකි.

දැන් ජනතාවට වාරය පැමිණ ඇත. ඔබලා සෑම සිදුවීමක්ම පෙලගසා බලන්න. ඔබගේ සිත්ගත් පුද්ගලයාට චන්දය දෙන්න. ඔබ චන්දය දෙන පුද්ගලයා තුලින් පෙන්නුම් කරන්නේ ඔබ කුමන වර්ගයේ චරිතයක්ද යන්නයි.

මාතෘභූමියට ජයවේවා! 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress