2019 අගෝස්තු 01 අභ්‍යාසලාභී පුහුණුවට බඳවාගත් සංවර්ධන නිලධාරීන් 2020 අගෝස්තු 01 දිනට ප‍්‍රමාදයකින් තොරව ස්ථීර කිරීමට පියවර ගැනීම සම්බන්ධවයි.
Posted on July 23rd, 2020

සංවර්ධන නිලධාරී සේවා සංගමය.  ජනමාධ්‍ය නිවේදනයයි.

ලේකම්,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය,
කොළඹ 07.

ලේකම් තුමනි,

2019 අගෝස්තු 01 අභ්‍යාසලාභී පුහුණුවට බඳවාගත් සංවර්ධන නිලධාරීන් 2020 අගෝස්තු 01 දිනට ප‍්‍රමාදයකින් තොරව ස්ථීර කිරීමට පියවර ගැනීම සම්බන්ධවයි.


2019 අගෝස්තු 01 අභ්‍යාසලාභී පුහුණුව සඳහා ඇතුළත් කරගෙන ඇති සංවර්ධන නිලධාරීන්ගේ වසරක පුහුණු කාලය 2020 අගෝස්තු 01 දිනට අවසන් වන අතර එම පිරිස නියමිත දිනට ස්ථීර කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අපි පළමුව ඉල්ලා සිටිමු.

මේ පිළිබඳ පූර්ව අවධානයක් යොමු කිරීමට සිදුවූයේ 2018.09.01 පුහුණුවට ඇතුළත් වූ අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුරේ ස්ථීර කිරීමට නියමිත දිනය 2019.09.01 දින වුවද අවසානයේ ඔවුන්ගේ ස්ථීර පත්වීම් දිනය වූයේ 2020.01.01 ය. ඔවුන්ට අතිරේක මාස 04 කාලයක් හා දීමනා රහිතව කටයුතු කිරීමට සිදුවූ අතර ස්ථීර පත්වීම් දිනයෙන්ද එම නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවිය.

02. 2019. 08. 01 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 2020.08.01 දින හෝ ඊට ආසන්නතම දිනයට පත්වීම් දිනය හිමිවන පරිදි සංවර්ධන නිලධාරීන් ස්ථීර කිරීමට පියවර ගැනීම.

03. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අභ්‍යාසලාභී පුහුණුවට බඳවාගත් පිරිසක් වන අතර උක්ත මැතිවරණය ස්ථීර කිරීමට බාධාවක් නොවන අතර ඒ සඳහා කල්වේලා ඇතිව අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට පියවර ගැනීම.

04. 2018.08.20 දින පුහුණුවට බඳවාගත් අභ්‍යාසලාභීන් 2020. 01. 01 දිනට ස්ථීර කළ අතර ඒ අතර ස්ථීර නොකළ 40කට ආසන්න උපාධිධාරීහු පිරිසක් සිටිති. ඔවුන් මාස 08කට අධික කාලයක් දීමනාවක් ද රහිතව සේවයේ යෙදෙන අතර ඔවුන්ට අදාළව පවතින කුමන හෝ පරිපාලන ගැටළු රජයක් වශයෙන් විසඳමින් 2020.01.01 දිනට ඔවුන්ට අදාළ ස්ථීර පත්වීම් හිඟ වැටුප්ද සහිතව ලබා දීම.

ඉහත දක්වා ඇති කරුණු පිළිබඳව රජයේ අවධානය කඩිනමින් යොමු කර උක්ත ගැටළු ද විසඳමින් 2020. 08. 01 දිනට සංවර්ධන නිලධාරීන් ස්ථීර කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි සම්බන්ධීකරණය
ප‍්‍රධාන ලේකම්සංවර්ධන නිලධාරී සේවා සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress