ගිනි නිවන හමුදාව සුදානම් කර තබමු.!
Posted on August 2nd, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

මෙවර මැතිවරණයේදී ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණ ජය ගන්නා බව ඉතා පැහැදිලිය. මේ බව සතුරාද මැනවින් දනී. මැතිවරණය කල් දමා ගැනීමට සියලු ආයුධ පාවිචිචි කරමින් වෙර දැමු ඔවුන්, දැන් දැන්  දැනගෙනම, පරාජය වෙන මැතිවරණයක් සඳහා වියදම් කරමින් රට පුරාම සැරිසරයි. සතුරා දැන දැනම පරාජය උදෙසා සටන් කරන්නේ නැත.

දැන් සතුරාගේ මිතුරා එනම් ඔවුන් සතාපිත කල ස්වාධින මැතිවරණ කොමිසම චන්ද ගණන් කිරීම පෙර මෙන් නොව, පසුදා උදෑසන දක්වා කල්තබා ඇත. පැය 12ක කාලයක් චන්ද පෙට්ටි ඒ ඒ ස්ථානවල රදවා තැබීම චන්ද කොමසාරිස්ට අනුව සිදුවේ. මෙය ඉතා භයානක ක්‍රියාදාමයකි. මේ චන්ද පෙට්ටිවල ඇත්තේ අනාගත ලංකාව පාලනය කිරීමට ඇති බලයි. එබැවින් මේ චන්ද පෙට්ටි කතිර ගැසූ කඩදාසි වලින් පිරවූ පෙට්ටි වශයෙන් සැලකීමට ඉඩදිය නොහැක.

සියලුම ආරක්ෂා විධිවිදාන ඇතුව තිබු ශාලාව අවි ගබඩාව ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධව සලකා බලන්න විට අපට යම් අවදානමක් දැනේ. එබැවින් කොරෝනා වලින් ආරක්ෂා කිරීම සඳහා සියලුම දේ සපයන මැතිවරණ කොමිසම මෙම චන්ද පෙට්ටි ගින්නෙන් ආරක්ෂා කිරීම සඳහා ගිනි නිවන හමුදාවද සුදානම් කර තබා ගන්නේ නම්, ඉතා ඥානාන්විත මෙරට ජනතාවගේ හැඟීමයි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress