ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි
Posted on August 2nd, 2020

රජිත් කීර්ති තෙන්නකෝන් නිත්‍ය නියෝජිත/සමගි ජනබලවේගය

මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

මහත්මාණෙනි,

ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි

රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසිබලය අහිමිවේ.  ඒ අනුව, 2020 අගෝස්තු 5 දින පැවැත්වෙන මහා මැතිවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන අවස්ථාව හිමි නොවේ.

මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් නොලබන කිසිදු අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය යටතේ ඡන්දය ඉල්ලීම සඳහා වන අයිතිය ද අහිමි (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යටත් වන අනුශක්තාව) වේ. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ මනාප අංක 13 යටතේ තරඟවදින අපේක්ෂකයාට නීතියේ ඉදිරියේ වලංගු අපේක්ෂකයෙකු නොවන නිසා ඔහුට  සලකුණු කරනු ලබන ඡන්ද සියල්ල අපතේ යන ඡන්ද බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාව හොඳින් දන්නා ස්ථාපිත කරුණකි.

එවැවින්, අගෝ. 5 දින මැතිවරණයට ප්‍රේමලාල් ජයසේකර ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි බවට වන නිල දැනුම්දීම සිදු කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි.  ඒ රත්නපුර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි වෙත දැනුම්දීමට  කටයුතු කරන ලෙස ද ඉල්ලමි. තව ද,   ඔහුගේ අංකයට සලකුණු කරනු ලබන මනාපයක් වේ නම් එය ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කිරීම ද.  කොමිසම සතු වගකීමක් බව කාරුණිකව සිහිපත් කරමි. 

මෙයට විශ්වාසී,

රජිත් කීර්ති තෙන්නකෝන්

නිත්‍ය නියෝජිත/සමගි ජනබලවේගය

1.       දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි – රත්නපුර

2.       කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිෂන් සභාව

3.       සහකාර මැතිවරණ කොමසාරිස් – රත්නපුර

One Response to “ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි”

  1. Vaisrawana Says:

    The EC Commissioner has given his decision in this regard:

    “Election Commission (EC) Chairman Mahinda Deshapriya yesterday (3) said that the recent Ratnapura High Court ruling, in respect of the 2015 January Kahawatte killing, wouldn’t bar SLPP candidate Premalal Jayasekera from contesting the parliamentary polls on August 5.” – The Island

    Whose judgement should we accept as tenable? the experienced EC’s or this NGO man’s? That Tennekoon has joined the SJB shows that intellectually he is in the same category as its leader.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress