අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 201 වැන්නට එක්වෙයි
Posted on September 1st, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 201 වැන්න අද 2020.09.01 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර පවත්වන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූයේ කැලණිය රජ මහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසිනි.

සතර සංග්‍රහ වස්තු ගැන විමසීමේදී අද ආදර්ශයට ගන්න, අපේ අගමැතිතුමා. පඥා, වීර්ය, අනවජ්ජ, සංග්‍රහ කියන මේ සතර සංග්‍රහ වස්තු ඔබ සියලු දෙනාත් අග්‍රාමාත්‍යතුමා වගේම ප්‍රගුණ කරනවානම්, දහස් ගණන් ජනතාව එකතු වෙලා බලයක් බවට පත් කර ගන්න ඒ හැමෝටම හැකියාව තියෙනවා” යැයි මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවසූහ.

අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, මැති ඇමතිවරුන්, සැදැහැවතුන් රැසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress