අධ්‍යාපනය පිළිබඳ ගැටඵ වලට විසදුම් සෙවීමේදී වගකීම් විරහිතව කටයුතු කිරීම සම්බන්ධවයි.
Posted on November 11th, 2020

ලංකා ගුරු සේවා සංගමය.

ලේකම්
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ලේකම්තුමනි,

අධ්‍යාපනය පිළිබඳ ගැටඵ වලට විසදුම් සෙවීමේදී වගකීම්
විරහිතව කටයුතු කිරීම සම්බන්ධවයි.

2019 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා වන සීමා ලකුණු (ජමඑ දෙෙ ප්රනි* ගැටඵව පිළිබඳ මෙන්ම මීට පෙර වසංගත තත්වය පහව යාමත් සමග පාසල් විවෘත කිරීම, අ.පො.ස උසස් පෙළ විභාග පැවැත්වීම හා ඊට දින නියම කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ලේකම්වරයා හා විභාග කොමසාරිස්වරයා සමග ද පැවැත් වූ තීරණාත්මක සාකච්ඡුා වලදී ඊට අදාළව වගකීම් දරන ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පසෙකලා මැතිවරණ වලදී ආණ්ඩුවට සහාය දැක්වූ ටියුෂන් ගුරුවරුන් වැනි පාර්ශව පමණක් දිගින් දිගටම සහභාගි කර ගැනීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කර සිටිමු.
02ග විශේෂයෙන් 2019 අ.පො.ස උසස් පෙළ සීමා ලකුණු පිළිබඳව පැන නැගී ඇති ගැට`ඵව සම්බන්ධව අංක: ල.ගු.සේ.ස/අ.ඇ/2020 හා 2020.10.29 දිනැතිව අප සංගමය විසින් ඔබතුමාට ද පිටපත් සහිතව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු පෙන්වා දීමට කටයුතු කළ නමුත් ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට හෝ අවස්ථාවක් ලබාදීමට කටයුතු කර තිබුණේ නැත.

03ග නමුත් එය එසේ තිබියදී ආණ්ඩුව සමග සිටි එක්තරා ටියුෂන් ගුරුවරයෙකු අධ්‍යාපන අමාත්‍යවරයා කැදවනු ලැබු සාකච්ඡුාවකදී 2020.11.09 මෙම ගැටඵව විසඳීමට තමන් මැදිහත් වී කටයුතු කරන බව පවසමින් සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කර සිසුන්ගෙන් තොරතුරු රැුස් කරමින් තම ව්‍යාපාරයට අනියම් ප‍්‍රචාරක වාසි සඳහා මෙම ගැටඵව යොදාගෙන තිබීම කනගාටුවට කරුණකි. මෙවැනි සිදුවීම් හරහා වර්තමාන ආණ්ඩුව රටේ අධ්‍යාපනය සම්බන්ධව දක්වන ආකල්ප හා ප‍්‍රතිපත්තිය මැනැවින් පිළිබිඹු කර ඇති බව අපගේ විශ්වාසයයි.

එහෙයින් තවදුරටත් රටේ අධ්‍යාපනය සම්බන්ධව පටු උවමනාවන් පෙරදැරි කර ගෙන සිදු කරනු ලබන මෙවැනි මැදිහත්වීම් වලට ඉඩ නොතබා වගකීම් සහගතව කටයුතු කරන ලෙසත් එහිදී විශේෂයෙන් රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පැන නගිනු ලබන ගැටඵ සම්බන්ධව එහි සෘජු වගකීම් දරන ගුරුවරුන්, විදුහල්පතිවරුන් නියෝජනය කරනු ලබන අප වෘත්තීය සමිති සමග සාකච්ඡුා කිරීම අදාළ අධ්‍යාපන බලධාරින්ගේ වගකීම බවත් නැවත අවධාරණය කර සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

පිටපත් – 01. ගරු අධ්‍යාපන අමාත්‍ය – අධ්‍යාපන අමාත්‍යංශය
02. සභාපති – විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress