අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත්වෙයි
Posted on November 12th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත්වෙයි -අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දියානු ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද 2020.11.10 දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම 2005 වර්ෂයේදී වත්මන් ගරු අග්‍රාමාත්‍මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි සමයේ අත්සන් තැබුණු ගිවිසුමක් වන අතර එය සෑම වසර 5කට වරක් දීර්ඝ කරමින් මෙම ගිවිසුම අත්සන් කරනු ලබයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම  අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මවන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඔස්සේ ක්‍රියාත්මක වේ.

කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 300 ක් වැය කරන අතර නැවත පදිංචි කිරීම, නවාතැන්, ජීවනෝපාය, රැකියා, කාන්තා සවිබල ගැන්වීම වෘත්තීය පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා, කාර්මික සංවර්ධනය, වෛද්‍ය මධ්‍යස්ථාන හා රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ වෛද්‍ය උපකරණ සැපයීම ඒ යටතේ ක්‍රියාත්මකය.

දැනට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති නව ගිවිසුම ප්‍රකාරව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවේ.

xxxx

මේ වැඩපිලිවෙලම ක්රියාත්මක වන්නේ උතුරුනැගෙනහිර ,උඩරට වතුකරය සහ දිවයිනේ දෙමල ජනතාව සදහා පමණක් ද?

රජයෙන් කෙරෙන ජනතා ඉල්ලීමක්

ආචාර්ය සුදත් ගුණසේකර

මහනුවර.

11.11.2020.

මෙය ඉතා හොද වැඩ පිලිවෙලක්. එහෙත් මෙවා ක්‍රියාත්මක වෙන්නේ දිවයිනේ කුමන ප්‍රදේශ වලද කියා  දැනගනීමට මේ රටේ ජනතාවට අයිතියක් ඇත. යාපනේ රෝහල පමණක් සදහන් කර තිමීම් අනුව මේ වැඩ පිළිවේ ආනතිය ගැන අපට සිතාගත හැක.ඒ  අනුව මගේ අදහසේ හැටියට  මේ සමස්ථ වැඩපිලිවෙලම ක්‍රියාත්මක වන්නේ උතුරුනැගෙනහිර ,උඩරට වතුකරය සහ දිවයිනේ දෙමල ජනතාව සදහා පමණක් බව උපකල්පනය කළහැක.

අනුව ඉන්දියාව මේ සල්ලි නිර්ලෝභීව වියදන් කරන්නේ මේ රට ක්‍රමානුකූලව ඉන්දියානුකරනය කිරීමේ කූඨ උපායේ තවත් එක් පියවරක් වශයෙන් බව අපට නිගමනය කිරීමට සිදුව ඇත.

එම නිසා අදාල ගිවිසුම අනුව මේ මුදල් වැයකරන ප්‍රදේශ සහ වියාපෘති පිළිබද පැහැදිළි කිරීමක් කරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress