ශ‍්‍රී‍්‍රී ලංගමය තුළ #කොරෝනා පොකුරුරු නිර්මාණයවීමේ ක‍්‍රි‍්‍රියියාවලියිය වැළැක්වීවීමට උපරිම සෞඛ්‍ය පහසුකුකම් විධිමත්ව්ව අඛණ්ඩ්ඩව එම සේව්වකයන්හ්හට ලබාදීමට කඩිනමින් මැදිහත්ව්වන ලෙස ඉල්ලා සිටීිටීම
Posted on November 17th, 2020

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනපතිතුමනි,

ශ‍්‍රී‍්‍රී ලංගමය තුළ #කොරෝනා පොකුරුරු නිර්මාණයවීමේ ක‍්‍රි‍්‍රියියාවලියිය වැළැක්වීවීමට උපරිම සෞඛ්‍ය පහසුකුකම් විධිමත්ව්ව අඛණ්ඩ්ඩව එම සේව්වකයන්හ්හට ලබාදීමට කඩිනමින් මැදිහත්ව්වන ලෙස ඉල්ලා සිටීිටීම

සුව විරුවන්. රණවිරුවන් හා සමානවම ශ‍්‍රී ලංගම විරුවන් ද මේ මොහොතේ ඉටුකරනු ලබන්නේ මහඟු සේවාවකි. #කොරෝනා උවදුර පිළිබඳව තඹ දොයිතුවකටවත් නොසලකා ශ‍්‍රී ලංගම විරුවන් අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවකයින්ට සහ මගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් උපරිම ලෙස ලබාදීමට මේ මොහොතේ සිදුකරයි.

පසුගිය දිනෙක යටිනුවර ඩිපෝවේ රියදුරු මහතෙකු අනතුරක් පදනම් කරගෙන බෝගම්බර රක්ෂිත බන්ධනාගාරය තුළට ඇතුළත් කර ඇත. ඔහු ඔක්තෝබර් 21 වන දින රක්ෂිත බන්ධනාගාරයට ඇතුළත් කර අනතුරුව නොවැම්බර් 05 වන දින රක්ෂිත බන්ධනාගාරයෙන් මුදවා හරින ලදී. ඉන්පසුව එම සේවකයා යටිනුවර ඩිපෝවට ගොස් ඇති අතර ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත. ඒ අනුව ඔහුට #කොරෝනා ආසාධිත වී ඇති බව හෙළිදරව් වූ පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඇසුරු කළ සේවකයන් අට දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.

බෝගම්බර බන්ධනාගාරය තුළ #කොරෝනා ආසාධිතයින් සිටින නිසාම බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්හට එම සේවකයා මුදවා හැරීමට ප‍්‍රථම නිරෝධායනයට ලක්කිරීමේ ක‍්‍රියාවලිය සිදු කිරීමට තිබුණි. එසේ සිදුකර එම සේවකයා බෝගම්බර බන්ධනාගාරයෙන් මුදවා හැරියේ නම් යටිනුවර ඩිපෝවේ සේවකයින් අට දෙනෙකු නිරෝධායනය කිරමට අවශ්‍ය වන්නේ නැත. බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම ක‍්‍රියාවලිය නිසා ඇතැම්වට ශ‍්‍රී ලංගම යටිනුවර ඩිපෝවම කොරෝනා පොකුරක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

ගරු ජනාධිපතිතුමනි,
ශ‍්‍රී ලංගම තුළින් #කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ක‍්‍රියාවලිය වැළැක්වීමට එම සේවකයන්හට උපරිම සෞඛ්‍ය පහසුකම් විධිමත්ව, අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට
විශ්වාසී,
සේපාල ලියනගේ
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

සම්බන්ධීකරණය: 071 5152319
Coordinator – +94 71 5152319


දැනුවත්වීම සඳහා පිටපත් :
01.
ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට
02.
ගරු ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට
03.
ගරු ප‍්‍රවාහන රාජ්‍ය ඇමති දිලූම් අමුණුගම මැතිතුමාට
04.
ශ‍්‍රී ලංගම ගරු සභාපති කිංස්ලි රණවක මැතිතුමා
05.
ශ‍්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) මංගල මැතිතුමාට,
06.
ශ‍්‍රී ලංගම ප‍්‍රධාන මූල්‍ය කළමනාකාර චන්දන මැතිතුමාට
07.
ජා.වෘ... ගරු සභාපති වසන්ත සමරසිංහ මැතිතුමාට
08.
ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිතිවලට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress