නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් ශාසනාම්බරය අඳුරුවිය.
Posted on November 19th, 2020

ජාතික භික්‍ෂු පෙරමුණ.

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වැනි මහානායක ධුරය දැරූ අග්ගමහා පණ්ඩිත නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ශාසනාම්බරය අඳුරු වීමක් සේ සලකමින් ජාතික භික්‍ෂු පෙරමුණේ සාතිශය සංවේගය පළකර සිටින්නෙමු.

උන්වහන්සේ බඳු ඥාන වෘද්ධ මහ තෙරපාණන් වහන්සේලා දුලබ වූ මෙකල නාපාන ශී‍්‍ර පේමසිරි මහ නාහිමි ශී‍්‍ර ලංකා නභෝගැබේ දිදුලන තාරකාවක් බඳු විය. ඈත ආකාශයේ පායන කුඩා තාරකා භ‍්‍රමණය හා පරිභ‍්‍රමණය විසින් මිනිසාගේ ඇසට ලංකර සුදිලෙන මහා තාරකාවක් සේ පෙනී සිට නැවත දුරස්ථවන්නාක් බඳු ශාසන ගමනක උන්වහන්සේ ව්‍යාවෘත වූහ.

කුඩා සාමණේරයන් වහන්සේ නමක්ව සම්බුද්ධ ශාසනයට ඇතුළත්ව පැවිද්දෙකුට දැරිය හැකි ඉහළම තානාන්තරය වන මහානායක පදවිප‍්‍රාප්තිය තෙක් වූ ගමන තාරකාවක ගමන පෙන්නුම් කරයි. මෙය වඩාත් හොඳින් තහවුරු වන්නේ උන්වහන්සේගේ ශී‍්‍ර නාමය වටා පරිවාරව තිබෙන රාජකීය පණ්ඩිත, ති‍්‍රපිටක වාගීශ්වරාචාර්ය, විනයාචාර්ය, විනය විශාරද, ශාසන ශෝභන, සිරි සීලවංශ වංශාලංකාර, පරියත්ති විශාරද, රාජගුරු, අග්ගමහා පණ්ඩිත යන උපාධි නාමයන් හා ගෞරව නාමයන් සමග සසඳා බලන විටයි.

හිටිවනව සංස්කෘත භාෂාවෙන් ශ්ලෝක නිර්මාණය කිරීමට මහ නාහිමිපාණන් තුළ වූ ප‍්‍රාගුණ්‍යය සුවිශේෂීය. විහාරස්ථාන හා පරිවේණස්ථාන රාශියක් ගොඩනගමින් ගිහි පැවිදි බොහෝ පිරිස් ඥානාලෝකයෙන් ආලෝකවත් කරන්නට මාහිමිපාණන් කළ ශාසනික මෙහෙය අප‍්‍රමාණව අගේකළ යුතුය.

විවිධ නිකායන්ට හා පාර්ශවයන්ට ඛණ්ඩනය වී ඇති ලංකා ශාසනය එකම ශී‍්‍ර ලංකා මහා සංඝ සභාවක් බවට පත්විය යුතු යුගයක ඊට ප‍්‍රාරම්භක පියවරක් ලෙස ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායත්, ශී‍්‍ර ලංකා අමරපුර මහ නිකායත් ඒකාබද්ධකොට සාමගී‍්‍ර මහා සංඝ සභාවක් ගොඩනැගීමට පෙරමුණ ගැනීම අප මහ නාහිිමිපාණන් යුගයේ සිදුවූ සුවිශේෂතම කාර්යයක් ලෙස අගේ කරන්නෙමු. උන්වහන්සේගේ එම ව්‍යායාමය පරිපූර්ණ යථාර්ථයක් කිරීම ත්‍රෛනිකායික මහා සංඝයාවන අප සැමට පැවරෙන භාරධූර වගකීමක් ලෙස උන්වහන්සේගේ ශී‍්‍ර දේහය අභියස අපි සැම භාරගත යුතු වෙමු.

පුරා අට අනූවියක් ආයු වින්දනයකොට අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක ධුරන්‍ධර, අග්ගමහා පණ්ඩිත නාපාන ශී‍්‍ර පේමසිරි නාහිමිපාණ් වහන්සේට නිවන්සුව ලැබේවායී සදා ගෞරවයෙන් ප‍්‍රාර්ථනා කරන්නෙමු.

මේවගට,

පූජ්‍ය වකමුල්ලේ උදිත ස්ථවිර
ප‍්‍රධාන ලේකම්,
ජාතික භික්‍ෂු පෙරමුණ.

පූජ්‍යපාද හඳුගල රතනපාල නායක ස්ථවිර
ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති,
සියම් මහ නිකායේ කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක,
ජාතික භික්‍ෂු පෙරමුණ.

ජාතික භික්ෂු පෙරමුණ,
අංක 382 A,
බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය,
කොටහේන,
කොළඹ 13.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress