ආගමක් ධර්මයක් නැති දේශාභිමානයක් නැති මාර්ක්ස්වාදියෝයි කියාගන්න ජනතා විමුක්ති පෙරමුන ගෙන යන අමුතු විප්ලවය.
Posted on November 27th, 2020

චාර්ල්ස් පෙරේරා  විසින්.

අවුරුදු හතරහමාරක් රනිල් වික්‍රමසිංහටයි,  ඔහුගේ මලකඩකාපු අධිරාජ්‍යවාදී ධනෙශ්වරයයි හිතන දේශපාලන ප්‍රතිපත්ති  වලට  ගැලපෙන පරිදි හදාගත් යහපාලන ආණ්ඩුවටයි කත්  ඇද රට අන්ත දීනත්වයට ඇදදාපු මේ ජනතා විමුක්ති පෙරමුණේ හැතිකරය දැන්  ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ක්‍රියාවන් විවේචනය කරමින් මහා වීරයන් වෙන්න හදනවා.  

මුන් කියන ගොන්කතාවලට උන්ට චන්දය දුන්න ලක්ෂ පහකටත් අඩු  චන්දදායකයන් අත්පොලසන් දෙයි.  ඊටවැඩිය  කිසිවෙක් උන්ගේ කතා අහල කාලය නාස්තික්රගන්න කැමැත්තක් දක්වන්නේ නෑ. ජනතාවිමුක්ති පෙරමුණේ යම් වාමාංශික  ලක්ෂණයක් තිබුනේනම්  ඒ  රෝහණ විජේවීර මහතා පක්ෂය ආරම්භ කළ කාලයේ විය හැකියි.

 ඊටපසුව  පක්ෂයේ ප්‍රබල නායකයින්ගේ වෙන්වීමත් සමග පක්ෂය අනිත් සමජවාදී  දේශපාලන පක්ෂයන්ගෙන් වෙන්වී ධනේශ්වර එක්සත් ජාතිකපක්ෂයේ  උපකාරක පක්ෂයක් වශයෙන් ක්‍රියාකරමින්,  පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ වැනි සමාජවාදී පක්ෂ  ජනතාවගේ අප්‍රසාදයට පත්කර  එතැනට පැමිණ ජනතාවිමුක්ති පෙරමුණේ රාජ්‍යයක් පිහිටවිය හැකියයි  අනුරකුමාර  දිසානායක  මවාගත්  සිහිනයක් සැබෑකරගැනීමට දැන් උන් මහත්  උත්සහායක යෙදෙද්මින් සිටී.  

එවැනි සිහිනයකින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට  රෝහණ විජේවීර මහතාට හේතුවක් තිබුන නමුත්, නායකත්වයකට සුදුසු පවුරශත්යක්වත්  මානසික හැඩගැස්මක්වත් නැති  අනුර කුමාර දිසානායකට නැත. 

නැසීගිය රෝහණ විජේවීර මහතාගේ පියා  ලංකා කොමුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්ව සිටියදී  එක්සත් ජාතික පක්ෂයේ මැරවරයන්ගේ අමානුෂික පහරදීමකින් අබාගතයෙක්  වී ඔහුගේ මුළු පවුලම මහත් අභාග්‍යවත් තත්වයකට  වැටී සිටියේය . රෝහණ විජේවීර  එවැනි පසුබිමකින්  පැමිනී හෙයින්  ඔහුගේ දේශපාලන  අභිප්‍රායයන්  අපට හිතාගන්නට පුළුවන්.  එතැනින්  නොවැතුන එක්සත් ජාතික පක්ෂය  රෝහණ විජේවීරද අමුඅමුවේ  පණපිටින් පුළුස්සා දැම්මේ . 

මෙවැනි පසුබිමක් ඇති ජනතා විමුක්ති පෙරමුනට දක්ෂිනාංශික දේශපාලකයන් සමග එක්වී සමාජවාදී දේශපාලන  පක්ෂ වලට පිටුපා, ගොටාභය රාජපක්ෂ,  මහින්ද රාජපක්ෂ වැනි අද සිටින දේශපාලන දෑවන්තයින් හා   ශ්‍රී ලං කා පොදු ජන පෙරමුණ රජයට විරුද්ධව කටයුතු කිරීමට සදාචාරාත්මික  අයිතියක් නැත.  

අද අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජනතාවිමුක්ති පෙරමුණ බොරුවට මාර්කස් වාදය හුවාගත් පරාජිත දේශපාලන පක්ෂයකි. පසුගිය අවුරුදු හතර හමාර එක්සත් ජාතිකපක්ෂයේ  යහපාලන  ආණ්ඩුවේ සෙවනැල්ලේ රැකවරණ ලබාසිටි ජනතා විමුක්ති  පෙරමුණ  කල  මාර්ක්ස්වාදී  දේශපාලනය කුමක්ද ?.

අවුරුදු තිහක් ත්‍රස්තවාදයෙන් පෙලී සිටි රට හා ජාතිය ඒ භායනක  දුක්ඛිත ව්‍යාසනයෙන්  ගලවාගෙන රට කවර දාකවත් නොදුටු ආර්ථික සමාජීය කාර්මික දියුණුවක් කරා ගෙන යමින් සිටියදී,  මුසල අනුර කුමාර දිසනායකගේ  නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ,   අසමත් ජාති  එක්සත් ජාතික පක්ෂය අනිකුත් දේශපාලන සතුරන්  හා  විදේශීය බටහිර හා ඉන්දියානු බලවේගයන් සමග එක්වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජාති හිතයිශී සමාජවාදී  දේශප්‍රේමී රාජ්‍ය පෙරලාදමන්නට  තරම් දේශද්‍රෝහීන් වීය.

එදා මෙන්ම  අදත් ජනතා විමුක්ති පෙරමුන ගෙන යන්නේ පහුගිය යහපාලන ආණ්ඩුවත් සමග එක්වී ගෙන ගිය අසීලාචාර විනාශකාරී  සමාජවාදී හා  මාක්ස්වාදයටත්   විරෝධ  වැඩ පිලිවෙලමයි.  

එදා ජනතා විමුක්ති පෙරමුණ  රනිල් වික්‍රමසිංහට සහාය දෙමින්   මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ  ආණ්ඩුව ශ්‍රී ලංකාව  දියුණු රටවල් අතරට ගෙනඒමට කල විශාල සේවය  හෙලා දකිමින්  රාජපක්ෂ රජය හොරකම් කළා මිස වෙන කිසිවක් නොකලේයයි  විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.  

වසන්ත සමරසිංහ ගේ නායකත්වයෙන් උන්ගේ පක්ෂයේ හොරුන් ඇල්ලීමේ කොමිටියක් හදාගෙන  වසන්ත සමරසිංහ, ටිල්වින් සිල්වා , විජිත හේරත්   ලිපිගොනු ගොඩපිටින් උස්සාගෙන  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ට පමණක් නොවේ එතුමාගේ භාර්යයාවටත් දරුවන්ටත්, මැති ඇමති වරුන්ටත්  අනෙකුත් නොයෙක්  රාජපක්ෂ රජයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ටත් විරුද්ධව නඩු පැවරුවේය  අල්ලස් කොමිසමට රපොර්තු කළේය. 

 නමුත් ඒ පසුගිය කාලයේ උන්ට එක හොරෙක්වත් හොයාගැනීමට නොපුළුවන් වීය.  නමුත් කල එකම  දේ  රාජපක්ෂ ආණ්ඩුව  හා ඊට සම්බන්ධ  හැමදෙනා හොරු යයි තම්මැට්ටම්  ගැසීමයි.  

අද ඒ යහපාලනය ගෙනා   හොරු අල්ලන කතාව අතහැරලා ගොටාබය ආණ්ඩුව ෆේල් කියා අලුත් කතාවක් සජිත්ගේ ජනබල වේගය පටන්ගෙන තිබෙනවා . සජිත් ගේ සමගි ජන බලවේගයට  හේත්තුවෙලා ඉන්න  ජනතා විමුක්ති පෙරමුණත් ඒ ආණ්ඩුව ෆේල්  කියන කතාවම කියන්න  පටන්ගෙන . ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට තනියම හිතල  වෙනත් ආණ්ඩු විරෝධි ප්‍රවේශයක් ගන්ටවත් හැකියාවක් නෑ.. 

මේ මෝඩ ජනතා විමුක්ති පෙරමුණේ  මෝඩයෝ හිතාගත්තා  උන්ගේ ඒ අවුරුදු හතරහමාරේ නටපු නාටකවලට මහා ජනතාව රැවටිලා ඇතියි කියා. උන් හිතුවා අනුර කුමාර දිසානායකට පාලන  තන්ත්‍රය  ගැනීමට කිසිම බාධාවක් නැතැයි කියා කිසිම පැකිලීමක් නැතිව ඔහුව  ජනාධිපති තේරීමේ  චන්දයටත් ඉදිරිපත් කළා. 

නමුත් වෙනකොට ජනතාව මුන් හොඳට තක්සේරු කරලයි තිබුනේ.  අනුර කුමාර දිසානායකට ජනාධිපති චන්දයෙන් ලැබුනේ චන්ද 418 500 යයි. නමුත් කීවා  ජනාධිපතිවරයා වෙන්න බැරි උනාට අනුර කුමාර දිසානායකට අග්‍රාමාත්‍ය වෙන්ට පුළුවන් කියලා.  නමුත් පාර්ලිමේන්තු චන්දයෙනුත් 445 900 කට වැඩිය චන්ද ගන්න බැරි උනා.

 ඔය විධියට ගියොත් 2025දීත් ඔයිට වැඩිය චන්ද ලබාගන්නට බැරිවීම කෙසේවෙතත් වෙනකොට රනිලුයි එක්සත්  ජාතික පක්ෂයයි වගේ  ජනතා විමුක්ති පෙරමුනත් දේශපාලනයෙන් අතුගෑවිලා යන්න ඉඩක් තියෙනවා. 

ජනතාවිමුක්ති පෙරමුණ ගෙනයන්නේ ගොටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමාජවාදී දේශපාලන වැඩපිළිවලට අකුල් හෙලීමක්. එය උන්ගේ  විනාශයේ ආරම්භයයි..  2010 මේ මාර්කස් වාදියෝ එක්සත් ජාතික පක්ෂයත් සමග  එකතුවෙලා සරත් පොන්සේකා  ජනාධිති  කරන්න විශාල කාර්ය භාරයක් කළා. නමුත් පොන්සේකා ඒ චන්දයෙන් පැරදුනා. ඊට පසුව තිබුන පාර්ලිමේන්තු චන්දයෙන් ජනතා විමුක්ති පෙරමුනට ලැබූනේ ආසන 4යි.

ජනතා විමුක්ති පෙරමුණේ මෝඩකම උන්  අරන්තියෙන්නෙ උන්ගේ බුද්ධිමත්කම කියලා. හින්දයි උන්ට හිතාගන්න බැරි ඇයි  උන් 2004 සමාජවාදී පෙරමුනක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA)  සමග එක්වී කල පාර්ලිමේන්තු චන්දයේදී  උන්ට  පාර්ලිමේන්තු ආසන 39 ක් දිනාගන්නට පුළුවන් උනේ කොහොමද කියලා.      

ජනතාවිමුක්ති පෙරමුණට    දැන්වත් වෙනවිධිහකට හිතන්න කාලය ඇවිත්  තියෙන බව උන්ට තේරෙන්නේ නෑ . ජනතාවිමුක්ති පෙරමුණට ඉදිරිගමනක් තියෙනවානම් තිබෙන්නේ  පරණ නායක කල්ලිය ඒ කියන්නේ අනුර කුමාර දිසානයක, ටිල්වින් සිල්වා; විජිත හේරත්, බිමල් රත්නයක, ලාල් කාන්ත කල්ලිය  අහක්කරලා අලුතෙන් හිතන්නපුලුවන් සමාජවාදී දේශපාලන ගමනකට සුදුසු නායකයින් පත්කරගෙන  ලංකාවේ සමාජවාදී පිලට එක්වී කටයුතු කිරීමෙනුයි.

මේ කාරණය උන්ට තේරුම්  නොයන්නේ උන්ගේ කරුමයට.  දැන් ගෙන යන ගොටාබය ජනාධිපති තුමා ජනතා අප්‍රසාදයට පැමිණවීමේ කාර්ය   කිසි සේත්ම සාර්ථක නොවන බව උන්ට තේරෙන්නේ නෑ . උන් කොරෝනාව  මුල්කරගෙන ඒ පිළිබඳව විශාල සාර්ථක වැඩපිලිවලකට නායකත්වය දෙන සෞක්‍ය   ඇමිතිනි පවිත්‍රා  වන්නිආරච්චි  මැතිනියට විරුද්ධව බොරු ප්‍රකාශ පතුරනවා. උන් වචනයකින වත්  ආණ්ඩුව  කොරෝනා වට මුහුණදෙමින් ගෙන යන සාර්ථක නමුත් ඉතා  අපහසු කාර්ය පිළිබඳව වචනයකින් වත් ප්‍රසන්සාවක් කරන්නේ නෑ . උන් බැසිල් රාජපක්ෂ  මැතිතුමාට  අකමැතියි.   එබැවින් ආණ්ඩුවටත්  අකමැතියි. උන්ට ඕනෑවෙලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා නැති ආණ්ඩුවක් සමග  වැඩකරන්න . 

ආණ්ඩුවට වචනයකින්වත්  හොඳක් නොකියන මුන් එක්කරගෙන  වැඩ කිරීමට  ආණ්ඩුවට ඇති උවමනාවක් නෑ.  උන්ට උවමනානම් පිටින් ඉඳගෙන ආණ්ඩුවට සහය දිය හැකියි. එහෙම දෙයක් කිරීමට තරම් නිහතමානි කමක් උන්ගේ නෑ. 

පෙනෙන හැටියට දැන්  ජනතා විමුක්ති පෙරමුණ ගෙනයන්නේ උන්ගේ අවසාන දේශපාලන ගමන විය හැකියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress